වතුර හැලිය රත් වෙනකන් ආතල් එකේ ඉන්න කකුලු වැසියෝ!
රට දියුණු කරන්න නම් Private medical faculty දාන්න තියන හැම එකම Privatize කරන්න කියල සම'හරක් මේ දවස් වල හරිම කඩිකුලප්පුවෙන් දගලනවා.
දොස්තරලා එක්ක තියන ඇරියස් එකට හෝ ඇත්තටම private medical faculty දැම්මම රට දියුණු වෙයි කියල හිතන් ඉන්න උන්ට නොතේරුනාට මේ වෙනකොට medical faculty වලට නෙමෙයි, උන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපනයට පවා මුන් ගේම දීලා ඉවරයි.
ඕනම රටක අනාගතය සහ සංවර්ධනය තීරණය කරන විශ්ව විද්‍යාල පද්ධතියට ආයෙත් නැගිටින්න බැරි වෙන්නම ගේම දීලා ඉවරම කරන්න තව ඉතුරු පොඩි වැඩ කොටසයි.
Research එකකටවත් රජයෙන් හරි අනුග්‍රහයක් නැතුව ලෝකෙ පලවෙනි 1000 ඇතුලෙ rankings තිබ්බ විශ්ව විද්‍යාල පවා අවුරුද්දෙන් අවුරුද්ද Ranking පහල බහින්න පටන් අරන්.
දැන් විශ්ව විද්‍යාල වල අලුත් දැනුම හොයන්න ,අලුත් Project කරන්න සල්ලි දෙන්නෙ නෑ. කොටින්ම ලයිට් බිල ගෙවන්නවත් සල්ලි දෙන්නෙ නෑ.
කොටින්ම දැන් පුද්ගලීකරණය ඕනෙ කියල කෑ ගහන බහුතරයකගෙ ලමයි යන රජයේ පාසල් ටිකේ විද්‍යා විශයන් උගන්නන්න හරිහමන් ගුරුවරු නෑ. විද්‍යා ගුරුවරු නැතුව ඉස්කෝල ගණනාවකම විද්‍යා අංශ වහන්න ආණ්ඩුව කඩිනම් පියවර අරන් තියනවා.
තත්වෙ කොච්චර දරුණු ද කියනව නම් ප්‍රසිද්ධයි කියන කොලඹ ප්‍රධාන පාසල් වලටත් මේ ප්‍රශ්නෙ බලපාලා ඉවරයි.
(ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න කියල කෑ ගහද්දි අපේ උගත් බුද්ධිමත් ජනතාව ගුරුවරුන්ට ගහන්න පුලුවන් හැම විදියටම ගැහුවා. දැන් ඉතින් මොකෙක්වත් ඒ හිඟන පඩියට ගුරු වෘත්තීය කරන්න එන්නෙ නෑ).
රටේ දිලිඳු ජනගහනය 30%ටත් ලං වෙද්දි ආන්ඩුවේ ප්‍රධානම දේ වෙලා තියෙන්නෙ අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකරණය කිරීම.
වෙන රටවල අධ්‍යාපනයට කරන වියදම සලකන්නේ ආයෝජනයක් විදියට උනාට පින් ජනපතිගෙ ආන්ඩුවයි උන්ට රැවටුන ලිබ්බො ටිකයි හිතන්නෙ අධ්‍යාපනයට කරන වියදම් හින්දා තමයි රට බංකොලොත් උනේ කියල.
රටෙන් 30%කට හෙන ගැහුවත් සල්ලි තියන 5%ට 10%ට හරි ඉගනගන්න බේත් ගන්න පුද්ගලික අංශයක් තිබ්බට කමක් නෑ කියල නෙ කියන්නෙ.
පුද්ගලික අංශයට කඩේ යන ලිබ්බො හිතන්නෙ ප්‍රයිවට් බිස්නස්කාරයො ටික ලාබ ගැන අමතක කරලා රටට ආදරේට රටේ අවශ්‍යතාවට සුපිරි ගුණාත්මක අධ්‍යාපනයක් දෙයි කියල.
කවද හරි ලංකාවත් ලිබ්බන්ගෙ සිහින රාජ්‍ය වෙච්ච ඇමරිකාව වගේ උන දවසට උනාම මුන් මේ නටන වතුර හැලියෙන් එලියට එන විදි හොයන්න ගනියි.
ඇමරිකාවේ අවුරුද්දට health insurance නැතුව 40000කට වඩා මිනිස්සු මැරෙද්දි , ශිෂ්‍ය ණය අර්බුදය ඩොලර් ට්‍රිලියන 1.7ක් වෙද්දි ආයෙත් Public health ,Public education මතක් වෙලා තියනවා.
හැබැයි දැන් ඒ වෙනුවෙන් එන එක bill එකක් වත් pass කරගන්න බැරි මට්ටමට බිස්නස්කාරයො ටික මුලු රටම අල්ලගන ඉවරයි.
Private medical faculty දාලා රජයේ Campus ටිකටයි දොස්තරලටයි විතරක් කෙල වෙයි කියල ආතල් එකේ බලන් ඉන්න ඈයොන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපනයටත් කෙලවිලා ඉවරයි කියල තේරෙන්න ටිකක් කල් යයි.
ඉතින් අන්තිමේදි කියන්න තියෙන්නෙ සල්ලි තියනව නම් ඉගනගනිව්, සල්ලි තියනව නම් බේත් ගනිව්. සල්ලි නැත්නම් නොකා නොබී මැරිලා පලයව්.
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?