
වතුර හැලිය රත් වෙනකන් ආතල් එකේ ඉන්න කකුලු වැසියෝ!
රට දියුණු කරන්න නම් Private medical faculty දාන්න තියන හැම එකම Privatize කරන්න කියල සම'හරක් මේ දවස් වල හරිම කඩිකුලප්පුවෙන් දගලනවා.
දොස්තරලා එක්ක තියන ඇරියස් එකට හෝ ඇත්තටම private medical faculty දැම්මම රට දියුණු වෙයි කියල හිතන් ඉන්න උන්ට නොතේරුනාට මේ වෙනකොට medical faculty වලට නෙමෙයි, උන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපනයට පවා මුන් ගේම දීලා ඉවරයි.
ඕනම රටක අනාගතය සහ සංවර්ධනය තීරණය කරන විශ්ව විද්‍යාල පද්ධතියට ආයෙත් නැගිටින්න බැරි වෙන්නම ගේම දීලා ඉවරම කරන්න තව ඉතුරු පොඩි වැඩ කොටසයි.
Research එකකටවත් රජයෙන් හරි අනුග්‍රහයක් නැතුව ලෝකෙ පලවෙනි 1000 ඇතුලෙ rankings තිබ්බ විශ්ව විද්‍යාල පවා අවුරුද්දෙන් අවුරුද්ද Ranking පහල බහින්න පටන් අරන්.
දැන් විශ්ව විද්‍යාල වල අලුත් දැනුම හොයන්න ,අලුත් Project කරන්න සල්ලි දෙන්නෙ නෑ. කොටින්ම ලයිට් බිල ගෙවන්නවත් සල්ලි දෙන්නෙ නෑ.
කොටින්ම දැන් පුද්ගලීකරණය ඕනෙ කියල කෑ ගහන බහුතරයකගෙ ලමයි යන රජයේ පාසල් ටිකේ විද්‍යා විශයන් උගන්නන්න හරිහමන් ගුරුවරු නෑ. විද්‍යා ගුරුවරු නැතුව ඉස්කෝල ගණනාවකම විද්‍යා අංශ වහන්න ආණ්ඩුව කඩිනම් පියවර අරන් තියනවා.
තත්වෙ කොච්චර දරුණු ද කියනව නම් ප්‍රසිද්ධයි කියන කොලඹ ප්‍රධාන පාසල් වලටත් මේ ප්‍රශ්නෙ බලපාලා ඉවරයි.
(ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න කියල කෑ ගහද්දි අපේ උගත් බුද්ධිමත් ජනතාව ගුරුවරුන්ට ගහන්න පුලුවන් හැම විදියටම ගැහුවා. දැන් ඉතින් මොකෙක්වත් ඒ හිඟන පඩියට ගුරු වෘත්තීය කරන්න එන්නෙ නෑ).
රටේ දිලිඳු ජනගහනය 30%ටත් ලං වෙද්දි ආන්ඩුවේ ප්‍රධානම දේ වෙලා තියෙන්නෙ අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකරණය කිරීම.
වෙන රටවල අධ්‍යාපනයට කරන වියදම සලකන්නේ ආයෝජනයක් විදියට උනාට පින් ජනපතිගෙ ආන්ඩුවයි උන්ට රැවටුන ලිබ්බො ටිකයි හිතන්නෙ අධ්‍යාපනයට කරන වියදම් හින්දා තමයි රට බංකොලොත් උනේ කියල.
රටෙන් 30%කට හෙන ගැහුවත් සල්ලි තියන 5%ට 10%ට හරි ඉගනගන්න බේත් ගන්න පුද්ගලික අංශයක් තිබ්බට කමක් නෑ කියල නෙ කියන්නෙ.
පුද්ගලික අංශයට කඩේ යන ලිබ්බො හිතන්නෙ ප්‍රයිවට් බිස්නස්කාරයො ටික ලාබ ගැන අමතක කරලා රටට ආදරේට රටේ අවශ්‍යතාවට සුපිරි ගුණාත්මක අධ්‍යාපනයක් දෙයි කියල.
කවද හරි ලංකාවත් ලිබ්බන්ගෙ සිහින රාජ්‍ය වෙච්ච ඇමරිකාව වගේ උන දවසට උනාම මුන් මේ නටන වතුර හැලියෙන් එලියට එන විදි හොයන්න ගනියි.
ඇමරිකාවේ අවුරුද්දට health insurance නැතුව 40000කට වඩා මිනිස්සු මැරෙද්දි , ශිෂ්‍ය ණය අර්බුදය ඩොලර් ට්‍රිලියන 1.7ක් වෙද්දි ආයෙත් Public health ,Public education මතක් වෙලා තියනවා.
හැබැයි දැන් ඒ වෙනුවෙන් එන එක bill එකක් වත් pass කරගන්න බැරි මට්ටමට බිස්නස්කාරයො ටික මුලු රටම අල්ලගන ඉවරයි.
Private medical faculty දාලා රජයේ Campus ටිකටයි දොස්තරලටයි විතරක් කෙල වෙයි කියල ආතල් එකේ බලන් ඉන්න ඈයොන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපනයටත් කෙලවිලා ඉවරයි කියල තේරෙන්න ටිකක් කල් යයි.
ඉතින් අන්තිමේදි කියන්න තියෙන්නෙ සල්ලි තියනව නම් ඉගනගනිව්, සල්ලි තියනව නම් බේත් ගනිව්. සල්ලි නැත්නම් නොකා නොබී මැරිලා පලයව්.
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය අත්අඩංගුවට
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
