News Category
From Date
To Date
Maximum Number of Result

ථෙරවාදී කලාපය එකතු කරන්න අපි සූදානම් ද? - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

Oct 14, 2023 at 03:26 PM
|

මහනුවර විදවතුන්ගේ හා වෘත්තීයවේදීන්ගේ සංගමය පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා. ඒ සඳහා දායක වූ විද්වතකු වශයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රමුඛ නව රජයෙන් ඔබතුමා බලාපොරොත්තු වන්නේ මොනවා ද?

අපේ බලාපොරොත්තු ප්‍රධාන වශයෙන් ජාතික සහ පුද්ගලික විදිහට කොටස් දෙකකට වෙන් කරලා පැහැදිළි කරන්න පුළුවන්. යහපාලන ආණ්ඩු කාලයේ දී සංස්කෘතික, ආර්ථික, දේශපාලනික ආදී ලෙස හැම පැත්තකින් ම රට ආපස්සට ගෙන ගිය තත්ත්වයක් තමයි තිබුණේ. ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය කරවලා ඒ දුර්දාන්ත පාලනය අවසන් කරන්න අපිට පුළුවන් වුනා. ඒක ඇත්තෙන් ම පුද්ගලික මට්ටමින් අපිට තිබුණු බලාපොරොත්තුවක්. ඒත් ජාතිකවාදීන් විදිහට අපිට එතැනින් නවතින්න බෑ. අපි මූලික වශයෙන් ම පෙනී සිටින්නේ ජාතියක් විදිහට අපිට තිබෙන බලාපොරොත්තු වෙනුවෙන්. බෞද්ධයෝ විදිහට අපිට නිවන් දැකීමේ බලාපොරොත්තුව තිබෙන බව ඇත්ත. ඒකත් එක්තරා ආකාරයක පුද්ගලික අරමුණක්. ඒත් ජාතියක් විදිහට අපිට තියෙන බලාපොරොත්තුව පොදු එකක්. ඒ තමයි, නිවන් දකින තුරු රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් වෙනුවෙන් පුද්ගලිකත්වය දෙවැනි තැනට දාලා කටයුතු කිරීම. මේක මහනුවර විදවතුන් හා වෘත්තීයවේදීන්ගේ සංගමයේත් මූලික අරමුණක්. මීට අමතරව අපේ සංගමයට සංස්කෘතික, දේශපාලනික, ආර්ථික අරමුණු මෙන් ම සදාචාරාත්මක රටක් නිර්මාණය කිරීම, අනෙකුත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් සමඟ සහයෝගීතාවය වර්ධනය කරගැනීම වගේ අරමුණුත් තිබෙනවා.

ඒ කියන්නේ ඔබේ සියලු ම බලාපොරොත්තු මේ රටේ හතර සීමාවෙන් ඔබ්බට යන්නේ නෑ?

අපේ ජාතික අරමුණු මේ රටේ හතර සීමාව ඉක්මවලා පැතිරිලා තියෙනවා. ඇත්තෙන් ම අපි ඒ සඳහා සැලසුම් කීපයකුත් හදාගෙන තියෙනවා. නමුත් විද්වතුන් විදිහට අපිටත්, අපේ සංවිධානවලටත් ඒවා තනියෙන් ම කරගෙන යන්න අමාරුයි. ඒවා සාර්ථක කරගන්න නම් අපිට රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න වෙනවා. අපි මහන්සි වෙලා බලයට ගෙනාපු වර්තමාන රජයෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලැබෙයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා.

ඒ විදිහේ සැලැස්මක් ගැන විස්තරයක් කියන්න පුළුවන් ද?

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහත්තයා හඳුන්වලා දීලා තියෙනවා “ථෙරවාද කලාපය” කියලා සංකල්පයක්. මේක අපේ බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කෙලින් ම අදාළ කාරණයක්. ලෝකයේ තියෙන ථෙරවාදී රටවල් සියල්ල මේ ථෙරවාදී කලාපයට ඇතුළත්. මේ කලාපයට ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය කියන රටවලුත් චීනයේ යුන්නාන් පළාත, වියට්නාමයේ දකුණු දිග ප්‍රදේශය, බංග්ලාදේශයේ චිතගොං කඳුකර ප්‍රදේශයත් අයත් වෙනවා. මේ කලාපයේ බුද්ධ ශාසනය පිහිටුවීමටත්, එය අඛණ්ඩව පෝෂණය කරලා ආරක්‍ෂා කිරීමටත් අපේ රට විශාල කාර්යභාරයක් ඉටුකරලා තියෙනවා. ඒ නිසා අතීතයේ ඉඳලා ම මේ ථෙරවාද කලාපයේ මහගෙදර විදිහට ශ්‍රි ලංකාව සැළකෙනවා. මේ කලාපය පුරා පැතිරිලා තියෙන බෞද්ධ සම්ප්‍රදාය අපි හඳුන්වන්නේ මහා විහාරීය ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය කියලා. ලෝකයේ තියෙන බෞද්ධ සම්ප්‍රදායන් අතරින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරගන්නා, එය ජීවමානව පවත්වා ගෙන යාමට කටයුතු කරන ප්‍රධානතම සම්ප්‍රදාය තමයි අපේ මේ සම්ප්‍රදාය. ඉතින් මේ විදිහට ථෙරවාද කලාපය පුරා පැතිරිලා තිබෙන මේ සම්ප්‍රදාය ආරක්‍ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕන. මේ සඳහා සකස් කෙරුණු සැලැස්මක් අපිට තියෙනවා.

ඒ සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන පුළුවන් ආකාරය ගැන පැහැදිළි කිරීමක් කරන්න පුළුවන් ද?

ලෝකයේ ගොඩක් රටවල් ආගමික වශයෙන් එකතු වෙලා තියෙනවා. නමුත් ථෙරවාදී රටවල් අතර මේ විදිහේ එකමුතුවක් නෑ. ශ්‍රි ලංකාව තමා මේ ථෙරවාදී රටවල්වල කේන්ද්‍රස්ථානය විදිහට සැළකෙන්නේ. ඒ හින්දා මුලින් ම අපි යෝජනා කරන්නේ අපේ රටේ මූලිකත්වයෙන් මේ රටවල් අතර ජාත්‍යන්තර බෞද්ධ සහයෝගීතාවයක් ඇති කරන්න පුළුවන් වැඩපිළිවෙළක්. මේ තුළින් අපි මූලික වශයෙන් අවධාරණය කරන්නේ, මේ රටවල්වලට පත්කරන තානාපතිවරු, තානාපති සේවයට සම්බන්ධ කරගන්න උපදේශකවරු, නිළධාරීන් ආදී සියළු ම දෙනා විශේෂ අවධානයක් යොමු කරලා තෝරාගන්න කියන එක. ඉතිරි වැඩ කරගන්න නම් මේ මූලික කාර්යය හරියට වෙන්න ඕන.

මේ සඳහා සළකා බැලිය යුතු නිර්ණායක තියෙනවා ද?

මූලික නිර්ණායකය තමයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙන්න තියෙන ඕනෑකම. අපේ මහා විහාරීය ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය ආරක්‍ෂා කරගන්න තියෙන ඕනෑකම. මේ ඕනෑකම නැති අයට, මේ කාරණයේ වැදගත්කම තේරුම් ගන්නේ නැති අයට ථෙරවාදී කලාපය එකතු කරන්න කැපවෙන්න බෑ. ඒ වගේ ම, කලාපයේ තියෙන ශාසනික කරුණු, භාෂා ශාස්ත්‍ර වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් පිරිසකුත් මේ වෙනුවෙන් පත්කරන්න ඕන. කාර්යාල සේවය ඉක්මවලා කැපවෙලා දුවලා පැනලා වැඩ කරන්න පුළුවන් පිරිසකුත් මේ වෙනුවෙන් පත් කරන්න ඕන. එංගලන්ත යටත්විජිත ස්වාමියා හදලා දුන්න කාර්යාල ක්‍රමය ඇතුළට කොටුවෙලා මේ වැඩේ කරන්න බෑ. ඒ වගේ ම, බෞද්ධ කටයුතුවලට අවශ්‍ය ශ්‍රද්ධාවත් මේ අයට තියෙන්න ඕන.

මේ වැඩපිළිවෙළේ අන්තර්ගතයෙන් යමක් කියන්න පුළුවන් ද?

මේ රටවල් සමඟ අධ්‍යාත්මික සම්බන්ධතා ඇති කරගන්න වැඩපිළිවෙළක් මේ ඇතුළේ තියෙනවා. අද වෙද්දී අපේ රටේ බුද්ධ ශාසනයේ යම් පිරිහීමක් තිබෙනවා. තායිලන්තය, මියන්මාරය වගේ රටවල්වල තිබෙන ශාසන සම්ප්‍රදායන්ගෙන් ශක්තිය ලබාගෙන, ඒ රටවල වැඩසිටින භික්ෂූන් වහන්සේලාගේ, ඒ වගේ ම අදාළ අනෙකුත් ආයතනවල උපදෙස් ලබාගෙන අපේ සම්බුද්ධ ශාසනය නඟා සිටුවීමේ වැඩපිළිවෙළක් අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ ම මේ කලාපයේ රටවල් එක්ක දේශපාලන, ආර්ථික, සංචාරක, වෙළෙඳ සහ අධ්‍යාපනික සහයෝගීතා ඇති කරගන්න අපිට පුළුවන්.

දේශපාලන වැඩපිළිවෙළක් කියන්නේ?

පහුගිය දවස්වල මියන්මාරයට ජාත්‍යන්තර බලපෑම් එල්ල වෙලා ඒ වෙනුවෙන් අවුන් සාන් සුකී මහත්මිය පෙනී හිටිය අවස්ථාවේ දී අපේ රටෙන් කිසිම සහයෝගයක් එතුමියට ලැබුණේ නෑ. ඒ වගේ ම අපි කොටි ත්‍රස්තවාදය නැති කරන්න සටන් කරද්දි තායිලන්තයේ සමහර වරයාවල් කොටින්ගේ වැඩවලට යොදාගත්තා කියලා අපි දන්නවා. අපේ බෞද්ධ රටවල්වලට එකතුවෙලා වැඩ කරන්න පුළුවන් නම් මේ වගේ දේවල් වෙන්නේ නෑ. ඒ හින්දා අපි ඉදිරිපත් කරන මේ වැඩපිළිවෙළ හරහා අපි ආණ්ඩුවට යෝජනා කරනවා චීනයත් ඇතුළු ථෙරවාද කලාපයේ රටවල් සමඟ සහයෝගීතාවක් ඇති කරගන්න මැදිහත් වෙන්න කියලා.

චීනය කියන්නේ ථෙරවාදී බෞද්ධ රටක් නෙවෙයිනේ!

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බෞද්ධ ගුරුකුල හා විනය සම්ප්‍රදායන් බොහෝ ගණනක් ඇතිවුනා. ඒවායින් දැනට ඉතිරිවෙලා තියෙන්නේ සම්ප්‍රදායන් තුනයි. එකක් තමයි අපේ මහා විහාරීය ථෙරවාද සම්ප්‍රදාය. ශ්‍රි ලංකාව මුල් කරගෙන ථෙරවාද කලාපය තුළ ව්‍යාප්ත වෙලා තියෙන්නේ මේ සම්ප්‍රදාය. දෙවැනි එක තමයි, ධර්ම ගුප්තක සම්ප්‍රදාය. ඒක අද මහායාන බුදුදහම විදිහට චීනය, උතුරු වියට්නාමය, ජපානය, කොරියාව වගේ රටවල්වල පැතිරිලා තියෙනවා. තුන්වෙනි එක තමයි, මූල සාර්වස්තිවාදී ගුරුකුලය. ඒක ටිබෙටය, කල්මිකියාව, මොංගෝලියාව වගේ රටවල පැතිරිලා තියෙනවා. මේ අතරින් චීනයේ තමයි මේ සම්ප්‍රදායන් තුන ම පැතිරිලා තියෙන එක ම රට. ඉතින් අපේ මහා විහාර ථෙරවාදී සම්ප්‍රදායටත් චීනයේ තැනක් තියෙනවා.

ෆාහියන් හාමුදුරුවන්ගේ පැමිණීමෙන් තහවුරු වෙන්නේ චීනයත් එක්ක අපේ තිබුණු බෞද්ධ සම්බන්ධකම් නේ ද?

ඔව්. චීනයේ තියෙන ධර්ම ගුප්තක සම්ප්‍රදායට විතරයි භික්ෂු හා භික්ෂුණි උපසම්පදාව කියන දෙක ම රැකගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද වෙනකොට අනෙක් සම්ප්‍රදායන් දෙකෙන් ම භික්ෂූණි උපසම්පදාව නැතිවෙලා. චීනයේ භික්ෂූණි ශාසනයට අදාළ වැදගත් ම කාරණය වෙන්නේ ඒ භික්ෂූණි ශාසනය චීනයේ ආරම්භ කරලා තියෙන්නේ අපේ රට මුල්වෙලා කියන එක. ඒ සඳහා දේවසාරා භික්ෂූණිය ප්‍රමුඛ කණ්ඩායමක් චීනයට වැඩම කරලා තියෙනවා. ඉතින් චීනය මේ වැඩේට සම්බන්ධ කරගන්න හේතු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ වැඩේ සාර්ථක කරගන්න නම් චීනයේ දේශපාලන සහ ආර්ථික ශක්තිය ගැනත් අපි හිතන්න ඕන.

අනෙකුත් මහායාන හා තන්ත්‍රයාන බෞද්ධ රටවල් සම්බන්ධ කරගැනීමේ අදහසක් නැද්ද?

ඒ රටවල් සමඟත් අපි සහයෝගීතාවක් ඇති කරගන්න ඕන. ඒත් අපි මුලින් ම කරන්න ඕන අපේ සම්ප්‍රදාය සහ අනන්‍යතාව රැකගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන එක. ඊට පස්සේ අපිට පුළුවන් අනෙක් බෞද්ධ සම්ප්‍රදායන් තියෙන රටවල් එක්ක සම්බන්ධතා ඇති කරගන්න.

ථෙරවාද කලාපයේ රටවල් සමඟ සහයෝගීතාවක් ඇති කරගැනීමට කළ යුතු මූලික කටයුතු මොනවා ද?

ඇත්තටම අපි ලැජ්ජා වෙන්න ඕන. අපේ රට තාමත් කාම්බෝජය හා ලාඕසය සමඟ තානාපති සම්බන්ධතා ඇති කරගෙන නෑ. ඒ නිසා අපි මුලින් ම යෝජනා කරනවා මේ රටවල් දෙකත් එක්ක තානාපති සම්බන්ධතා ඇති කරගන්න කියලා. චීනයේ අපේ තානාපති කාර්යාලය තියෙන්නේ බීජිං නගරයේ. නමුත් ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය ස්ථාපිත වෙලා තියෙන යුන්නාන් පළාතේ. බීජිං ඉඳලා ඒ ප්‍රදේශයට කිලෝ මීටර් 3100 ක් විතර දුරයි. ඒ හින්දා කුන්මිං නගරයේ ශ්‍රි ලංකා කොන්සල් කාර්යාලයක් පිහිටුවන්න කියලා අපි යෝජනා කරනවා. වියට්නාමයේ අපේ තානාපති කාර්යාලය තියෙන්නේ උතුරු ප්‍රදේශයේ තියෙන හැනෝයි නගරයේ. නමුත් ඊට ගොඩක් දුරින් පිහිටලා තියෙන දකුණු ප්‍රදේශය ආශ්‍රිතව තමා ථෙරවාද සම්ප්‍රදාය පවතින්නේ. ඒ නිසා හොචිමිං නගරයේත් අපේ කොන්සල් කාර්යාලයක් පිහිටුවන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේ ම, ථෙරවාද කලාපයේ රටවල්වල රාජතාන්ත්‍රික කටයුතු සඳහා ඒ වැඩේට ම අදාළ පුද්ගලයන් පත්කරන්න වෙනවා. ශාසනික කටයුතු, භාෂා ශාස්ත්‍ර සම්ප්‍රදායන් හා සංස්කෘතික කටයුතු විමර්ශනය වගේ පර්යේෂණ කාර්යන් සඳහාත් දැනුම, හැකියාව හා උනන්දුව තිබෙන සුදුසු පර්යෙෂණ නිළධාරීන් පත් කරන්න වෙනවා.

කලාපයේ රටවල් අතර සමාජ - ආර්ථික සබඳතා වර්ධනය කරගන්න අපි කරන්න ඕන මොනවා ද?

බෞද්ධ අධ්‍යයන කටයුතු හා බෞද්ධ සංචාරක කටයුතු මුල් කරගත් කලාපීය හුවමාරු වැඩපිළිවෙළක් ආරම්භ කිරීම, ශ්‍රි ලංකාව මුල් කරගෙන ජාත්‍යන්තර මට්ටමේ පාලි භාෂා විභාගයක් පැවැත්වීම, සියලු ථෙරවාද රටවල් ආවරණය වෙන විදිහට, ඒ රටවල්වලින් එන ශිෂ්‍යයන්ට අධ්‍යයන කටයුතු කරගෙන යන්න හැකි කලාපීය මූල මහා පිරිවෙන් ආයතනයක් පිහිටුවීම, ථෙරවාද කලාපීය මහ ලේකම් කාර්යාලයක් පිහිටුවීම, රාජ්‍ය නායක මට්ටමින් මහා විහාරීය ථෙරවාද සම්ප්‍රදාය මුල් කරගත් කලාපීය සංවිධානයක් ආරම්භ කිරීම වගේ යෝජනා ගණනාවක් අපි යෝජනා කරලා තියෙනවා.

සාකච්ඡා කළේ : දිහාන් බණ්ඩාර කීරියවත්ත

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.