News Category
From Date
To Date
Maximum Number of Result

ථෙරවාදී කලාපය එකතු කරන්න අපි සූදානම් ද? - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

Oct 14, 2023 at 03:26 PM
|

මහනුවර විදවතුන්ගේ හා වෘත්තීයවේදීන්ගේ සංගමය පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා. ඒ සඳහා දායක වූ විද්වතකු වශයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රමුඛ නව රජයෙන් ඔබතුමා බලාපොරොත්තු වන්නේ මොනවා ද?

අපේ බලාපොරොත්තු ප්‍රධාන වශයෙන් ජාතික සහ පුද්ගලික විදිහට කොටස් දෙකකට වෙන් කරලා පැහැදිළි කරන්න පුළුවන්. යහපාලන ආණ්ඩු කාලයේ දී සංස්කෘතික, ආර්ථික, දේශපාලනික ආදී ලෙස හැම පැත්තකින් ම රට ආපස්සට ගෙන ගිය තත්ත්වයක් තමයි තිබුණේ. ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය කරවලා ඒ දුර්දාන්ත පාලනය අවසන් කරන්න අපිට පුළුවන් වුනා. ඒක ඇත්තෙන් ම පුද්ගලික මට්ටමින් අපිට තිබුණු බලාපොරොත්තුවක්. ඒත් ජාතිකවාදීන් විදිහට අපිට එතැනින් නවතින්න බෑ. අපි මූලික වශයෙන් ම පෙනී සිටින්නේ ජාතියක් විදිහට අපිට තිබෙන බලාපොරොත්තු වෙනුවෙන්. බෞද්ධයෝ විදිහට අපිට නිවන් දැකීමේ බලාපොරොත්තුව තිබෙන බව ඇත්ත. ඒකත් එක්තරා ආකාරයක පුද්ගලික අරමුණක්. ඒත් ජාතියක් විදිහට අපිට තියෙන බලාපොරොත්තුව පොදු එකක්. ඒ තමයි, නිවන් දකින තුරු රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් වෙනුවෙන් පුද්ගලිකත්වය දෙවැනි තැනට දාලා කටයුතු කිරීම. මේක මහනුවර විදවතුන් හා වෘත්තීයවේදීන්ගේ සංගමයේත් මූලික අරමුණක්. මීට අමතරව අපේ සංගමයට සංස්කෘතික, දේශපාලනික, ආර්ථික අරමුණු මෙන් ම සදාචාරාත්මක රටක් නිර්මාණය කිරීම, අනෙකුත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් සමඟ සහයෝගීතාවය වර්ධනය කරගැනීම වගේ අරමුණුත් තිබෙනවා.

ඒ කියන්නේ ඔබේ සියලු ම බලාපොරොත්තු මේ රටේ හතර සීමාවෙන් ඔබ්බට යන්නේ නෑ?

අපේ ජාතික අරමුණු මේ රටේ හතර සීමාව ඉක්මවලා පැතිරිලා තියෙනවා. ඇත්තෙන් ම අපි ඒ සඳහා සැලසුම් කීපයකුත් හදාගෙන තියෙනවා. නමුත් විද්වතුන් විදිහට අපිටත්, අපේ සංවිධානවලටත් ඒවා තනියෙන් ම කරගෙන යන්න අමාරුයි. ඒවා සාර්ථක කරගන්න නම් අපිට රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න වෙනවා. අපි මහන්සි වෙලා බලයට ගෙනාපු වර්තමාන රජයෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලැබෙයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා.

ඒ විදිහේ සැලැස්මක් ගැන විස්තරයක් කියන්න පුළුවන් ද?

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහත්තයා හඳුන්වලා දීලා තියෙනවා “ථෙරවාද කලාපය” කියලා සංකල්පයක්. මේක අපේ බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කෙලින් ම අදාළ කාරණයක්. ලෝකයේ තියෙන ථෙරවාදී රටවල් සියල්ල මේ ථෙරවාදී කලාපයට ඇතුළත්. මේ කලාපයට ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය කියන රටවලුත් චීනයේ යුන්නාන් පළාත, වියට්නාමයේ දකුණු දිග ප්‍රදේශය, බංග්ලාදේශයේ චිතගොං කඳුකර ප්‍රදේශයත් අයත් වෙනවා. මේ කලාපයේ බුද්ධ ශාසනය පිහිටුවීමටත්, එය අඛණ්ඩව පෝෂණය කරලා ආරක්‍ෂා කිරීමටත් අපේ රට විශාල කාර්යභාරයක් ඉටුකරලා තියෙනවා. ඒ නිසා අතීතයේ ඉඳලා ම මේ ථෙරවාද කලාපයේ මහගෙදර විදිහට ශ්‍රි ලංකාව සැළකෙනවා. මේ කලාපය පුරා පැතිරිලා තියෙන බෞද්ධ සම්ප්‍රදාය අපි හඳුන්වන්නේ මහා විහාරීය ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය කියලා. ලෝකයේ තියෙන බෞද්ධ සම්ප්‍රදායන් අතරින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරගන්නා, එය ජීවමානව පවත්වා ගෙන යාමට කටයුතු කරන ප්‍රධානතම සම්ප්‍රදාය තමයි අපේ මේ සම්ප්‍රදාය. ඉතින් මේ විදිහට ථෙරවාද කලාපය පුරා පැතිරිලා තිබෙන මේ සම්ප්‍රදාය ආරක්‍ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕන. මේ සඳහා සකස් කෙරුණු සැලැස්මක් අපිට තියෙනවා.

ඒ සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන පුළුවන් ආකාරය ගැන පැහැදිළි කිරීමක් කරන්න පුළුවන් ද?

ලෝකයේ ගොඩක් රටවල් ආගමික වශයෙන් එකතු වෙලා තියෙනවා. නමුත් ථෙරවාදී රටවල් අතර මේ විදිහේ එකමුතුවක් නෑ. ශ්‍රි ලංකාව තමා මේ ථෙරවාදී රටවල්වල කේන්ද්‍රස්ථානය විදිහට සැළකෙන්නේ. ඒ හින්දා මුලින් ම අපි යෝජනා කරන්නේ අපේ රටේ මූලිකත්වයෙන් මේ රටවල් අතර ජාත්‍යන්තර බෞද්ධ සහයෝගීතාවයක් ඇති කරන්න පුළුවන් වැඩපිළිවෙළක්. මේ තුළින් අපි මූලික වශයෙන් අවධාරණය කරන්නේ, මේ රටවල්වලට පත්කරන තානාපතිවරු, තානාපති සේවයට සම්බන්ධ කරගන්න උපදේශකවරු, නිළධාරීන් ආදී සියළු ම දෙනා විශේෂ අවධානයක් යොමු කරලා තෝරාගන්න කියන එක. ඉතිරි වැඩ කරගන්න නම් මේ මූලික කාර්යය හරියට වෙන්න ඕන.

මේ සඳහා සළකා බැලිය යුතු නිර්ණායක තියෙනවා ද?

මූලික නිර්ණායකය තමයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙන්න තියෙන ඕනෑකම. අපේ මහා විහාරීය ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය ආරක්‍ෂා කරගන්න තියෙන ඕනෑකම. මේ ඕනෑකම නැති අයට, මේ කාරණයේ වැදගත්කම තේරුම් ගන්නේ නැති අයට ථෙරවාදී කලාපය එකතු කරන්න කැපවෙන්න බෑ. ඒ වගේ ම, කලාපයේ තියෙන ශාසනික කරුණු, භාෂා ශාස්ත්‍ර වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් පිරිසකුත් මේ වෙනුවෙන් පත්කරන්න ඕන. කාර්යාල සේවය ඉක්මවලා කැපවෙලා දුවලා පැනලා වැඩ කරන්න පුළුවන් පිරිසකුත් මේ වෙනුවෙන් පත් කරන්න ඕන. එංගලන්ත යටත්විජිත ස්වාමියා හදලා දුන්න කාර්යාල ක්‍රමය ඇතුළට කොටුවෙලා මේ වැඩේ කරන්න බෑ. ඒ වගේ ම, බෞද්ධ කටයුතුවලට අවශ්‍ය ශ්‍රද්ධාවත් මේ අයට තියෙන්න ඕන.

මේ වැඩපිළිවෙළේ අන්තර්ගතයෙන් යමක් කියන්න පුළුවන් ද?

මේ රටවල් සමඟ අධ්‍යාත්මික සම්බන්ධතා ඇති කරගන්න වැඩපිළිවෙළක් මේ ඇතුළේ තියෙනවා. අද වෙද්දී අපේ රටේ බුද්ධ ශාසනයේ යම් පිරිහීමක් තිබෙනවා. තායිලන්තය, මියන්මාරය වගේ රටවල්වල තිබෙන ශාසන සම්ප්‍රදායන්ගෙන් ශක්තිය ලබාගෙන, ඒ රටවල වැඩසිටින භික්ෂූන් වහන්සේලාගේ, ඒ වගේ ම අදාළ අනෙකුත් ආයතනවල උපදෙස් ලබාගෙන අපේ සම්බුද්ධ ශාසනය නඟා සිටුවීමේ වැඩපිළිවෙළක් අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ ම මේ කලාපයේ රටවල් එක්ක දේශපාලන, ආර්ථික, සංචාරක, වෙළෙඳ සහ අධ්‍යාපනික සහයෝගීතා ඇති කරගන්න අපිට පුළුවන්.

දේශපාලන වැඩපිළිවෙළක් කියන්නේ?

පහුගිය දවස්වල මියන්මාරයට ජාත්‍යන්තර බලපෑම් එල්ල වෙලා ඒ වෙනුවෙන් අවුන් සාන් සුකී මහත්මිය පෙනී හිටිය අවස්ථාවේ දී අපේ රටෙන් කිසිම සහයෝගයක් එතුමියට ලැබුණේ නෑ. ඒ වගේ ම අපි කොටි ත්‍රස්තවාදය නැති කරන්න සටන් කරද්දි තායිලන්තයේ සමහර වරයාවල් කොටින්ගේ වැඩවලට යොදාගත්තා කියලා අපි දන්නවා. අපේ බෞද්ධ රටවල්වලට එකතුවෙලා වැඩ කරන්න පුළුවන් නම් මේ වගේ දේවල් වෙන්නේ නෑ. ඒ හින්දා අපි ඉදිරිපත් කරන මේ වැඩපිළිවෙළ හරහා අපි ආණ්ඩුවට යෝජනා කරනවා චීනයත් ඇතුළු ථෙරවාද කලාපයේ රටවල් සමඟ සහයෝගීතාවක් ඇති කරගන්න මැදිහත් වෙන්න කියලා.

චීනය කියන්නේ ථෙරවාදී බෞද්ධ රටක් නෙවෙයිනේ!

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බෞද්ධ ගුරුකුල හා විනය සම්ප්‍රදායන් බොහෝ ගණනක් ඇතිවුනා. ඒවායින් දැනට ඉතිරිවෙලා තියෙන්නේ සම්ප්‍රදායන් තුනයි. එකක් තමයි අපේ මහා විහාරීය ථෙරවාද සම්ප්‍රදාය. ශ්‍රි ලංකාව මුල් කරගෙන ථෙරවාද කලාපය තුළ ව්‍යාප්ත වෙලා තියෙන්නේ මේ සම්ප්‍රදාය. දෙවැනි එක තමයි, ධර්ම ගුප්තක සම්ප්‍රදාය. ඒක අද මහායාන බුදුදහම විදිහට චීනය, උතුරු වියට්නාමය, ජපානය, කොරියාව වගේ රටවල්වල පැතිරිලා තියෙනවා. තුන්වෙනි එක තමයි, මූල සාර්වස්තිවාදී ගුරුකුලය. ඒක ටිබෙටය, කල්මිකියාව, මොංගෝලියාව වගේ රටවල පැතිරිලා තියෙනවා. මේ අතරින් චීනයේ තමයි මේ සම්ප්‍රදායන් තුන ම පැතිරිලා තියෙන එක ම රට. ඉතින් අපේ මහා විහාර ථෙරවාදී සම්ප්‍රදායටත් චීනයේ තැනක් තියෙනවා.

ෆාහියන් හාමුදුරුවන්ගේ පැමිණීමෙන් තහවුරු වෙන්නේ චීනයත් එක්ක අපේ තිබුණු බෞද්ධ සම්බන්ධකම් නේ ද?

ඔව්. චීනයේ තියෙන ධර්ම ගුප්තක සම්ප්‍රදායට විතරයි භික්ෂු හා භික්ෂුණි උපසම්පදාව කියන දෙක ම රැකගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද වෙනකොට අනෙක් සම්ප්‍රදායන් දෙකෙන් ම භික්ෂූණි උපසම්පදාව නැතිවෙලා. චීනයේ භික්ෂූණි ශාසනයට අදාළ වැදගත් ම කාරණය වෙන්නේ ඒ භික්ෂූණි ශාසනය චීනයේ ආරම්භ කරලා තියෙන්නේ අපේ රට මුල්වෙලා කියන එක. ඒ සඳහා දේවසාරා භික්ෂූණිය ප්‍රමුඛ කණ්ඩායමක් චීනයට වැඩම කරලා තියෙනවා. ඉතින් චීනය මේ වැඩේට සම්බන්ධ කරගන්න හේතු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ වැඩේ සාර්ථක කරගන්න නම් චීනයේ දේශපාලන සහ ආර්ථික ශක්තිය ගැනත් අපි හිතන්න ඕන.

අනෙකුත් මහායාන හා තන්ත්‍රයාන බෞද්ධ රටවල් සම්බන්ධ කරගැනීමේ අදහසක් නැද්ද?

ඒ රටවල් සමඟත් අපි සහයෝගීතාවක් ඇති කරගන්න ඕන. ඒත් අපි මුලින් ම කරන්න ඕන අපේ සම්ප්‍රදාය සහ අනන්‍යතාව රැකගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන එක. ඊට පස්සේ අපිට පුළුවන් අනෙක් බෞද්ධ සම්ප්‍රදායන් තියෙන රටවල් එක්ක සම්බන්ධතා ඇති කරගන්න.

ථෙරවාද කලාපයේ රටවල් සමඟ සහයෝගීතාවක් ඇති කරගැනීමට කළ යුතු මූලික කටයුතු මොනවා ද?

ඇත්තටම අපි ලැජ්ජා වෙන්න ඕන. අපේ රට තාමත් කාම්බෝජය හා ලාඕසය සමඟ තානාපති සම්බන්ධතා ඇති කරගෙන නෑ. ඒ නිසා අපි මුලින් ම යෝජනා කරනවා මේ රටවල් දෙකත් එක්ක තානාපති සම්බන්ධතා ඇති කරගන්න කියලා. චීනයේ අපේ තානාපති කාර්යාලය තියෙන්නේ බීජිං නගරයේ. නමුත් ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය ස්ථාපිත වෙලා තියෙන යුන්නාන් පළාතේ. බීජිං ඉඳලා ඒ ප්‍රදේශයට කිලෝ මීටර් 3100 ක් විතර දුරයි. ඒ හින්දා කුන්මිං නගරයේ ශ්‍රි ලංකා කොන්සල් කාර්යාලයක් පිහිටුවන්න කියලා අපි යෝජනා කරනවා. වියට්නාමයේ අපේ තානාපති කාර්යාලය තියෙන්නේ උතුරු ප්‍රදේශයේ තියෙන හැනෝයි නගරයේ. නමුත් ඊට ගොඩක් දුරින් පිහිටලා තියෙන දකුණු ප්‍රදේශය ආශ්‍රිතව තමා ථෙරවාද සම්ප්‍රදාය පවතින්නේ. ඒ නිසා හොචිමිං නගරයේත් අපේ කොන්සල් කාර්යාලයක් පිහිටුවන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේ ම, ථෙරවාද කලාපයේ රටවල්වල රාජතාන්ත්‍රික කටයුතු සඳහා ඒ වැඩේට ම අදාළ පුද්ගලයන් පත්කරන්න වෙනවා. ශාසනික කටයුතු, භාෂා ශාස්ත්‍ර සම්ප්‍රදායන් හා සංස්කෘතික කටයුතු විමර්ශනය වගේ පර්යේෂණ කාර්යන් සඳහාත් දැනුම, හැකියාව හා උනන්දුව තිබෙන සුදුසු පර්යෙෂණ නිළධාරීන් පත් කරන්න වෙනවා.

කලාපයේ රටවල් අතර සමාජ - ආර්ථික සබඳතා වර්ධනය කරගන්න අපි කරන්න ඕන මොනවා ද?

බෞද්ධ අධ්‍යයන කටයුතු හා බෞද්ධ සංචාරක කටයුතු මුල් කරගත් කලාපීය හුවමාරු වැඩපිළිවෙළක් ආරම්භ කිරීම, ශ්‍රි ලංකාව මුල් කරගෙන ජාත්‍යන්තර මට්ටමේ පාලි භාෂා විභාගයක් පැවැත්වීම, සියලු ථෙරවාද රටවල් ආවරණය වෙන විදිහට, ඒ රටවල්වලින් එන ශිෂ්‍යයන්ට අධ්‍යයන කටයුතු කරගෙන යන්න හැකි කලාපීය මූල මහා පිරිවෙන් ආයතනයක් පිහිටුවීම, ථෙරවාද කලාපීය මහ ලේකම් කාර්යාලයක් පිහිටුවීම, රාජ්‍ය නායක මට්ටමින් මහා විහාරීය ථෙරවාද සම්ප්‍රදාය මුල් කරගත් කලාපීය සංවිධානයක් ආරම්භ කිරීම වගේ යෝජනා ගණනාවක් අපි යෝජනා කරලා තියෙනවා.

සාකච්ඡා කළේ : දිහාන් බණ්ඩාර කීරියවත්ත

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.