13 ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... උතුරට ගිහින් බොරු කියන්න එපා - නාමල්ගෙන් සජිත්ට, අනුරට චෝදනා
13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා පවසන්නේ දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බවත්, ඡන්දයක් කිට්ටු වනවිට දහතුන් වැනි සංශෝධනය දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම නතර කළ යුතු බවත් ය.
උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකරන්නැයිද ඔහු ඉල්ලා තිබේ.
යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව උතුරට ගොස් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට මන්ත්‍රීවරයාට පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා මේ අය අඩු තනමින් උතුරේ සංවර්ධනය ගැන වත් කතා නොකළ බවද ඔහු ප්‍රකාශ කරයි.
උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වැනි සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ රජය බවද ඔහු සිහිපත් කරන අතර, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ ගැන කනගාටු වන බවත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..