
විදේශ ණය ගෙවීමේදී සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය අපරාධයක් එළියට... ඩොලර් 1ක් රුපියල් 524යි ශත 60ට අරන්
ශ්‍රී ලංකා රජය ලබා ගත් විදේශ ණය මුදලක් ගෙවීම සඳහා 2023 වසරේදී ඩොලර් එකක් ලබා ගෙන ඇත්තේ රුපියල් 524.6050ක විදේශ විනිමය අනුපාතකියකට බව විගණකාධිපතිවරයා හෙළිකර ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුලත් කර තිබෙන විගණකාධිපති නිරීක්ෂණ වාර්තාවෙන් මේ බව හෙළිකර ඇත.
එම විදේශ විනිමය අනුපාතිකය යටතේ ඇමරිකානු ඩොලර් 332,704ක් ලබා ගෙන ඇත. ඒ අනුව, එම ඩොලර් ප්‍රමාණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 174,536,518ක් වැය කර තිබේ.
නමුත් රුපියල වේගයෙන් කඩා වැටෙමින් තිබූ උපරිම අවස්ථාවේ ඩොලර් එකක් සඳහා ගෙවා තිබෙන්නේ රුපියල් 363.17කි. එම අනුපාතිකය යටතේ ඩොලර් 332,704ක් ලබා ගැනීමට වැය වන මුදල රුපියල් 120,828,111කි.
මේ අනුව අදාළ විදේශ ණය ගෙවීමේ කටයුත්ත වෙනුවෙන් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 53.7ක් (රුපියල් 53,708,407.00) වැඩිපුර වැය කරමින් මූල්‍ය අපරාධයක් සිදු කර ඇති බව හෙළිදරව් වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
