IMF සමග එකඟ වූ කරුණු නීතියක් බවට පත් කරන්න පනත් ගෙන ඒම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි - හර්ෂ කියයි
ජනාධිපති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වූ කරුණු නීතියක් බවට පත් කිරීමට පනත් ගෙන ඒම ප්‍රජාතන්ත්‍ර විරෝධී කරුණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය,
"චීනය, ඉන්දියාව සහ පැරිස් ක්ලබ් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ඊට වඩා වැදගත් වන්නේ වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය. වාණිජ ණය ඩොලර් බිලියන 12 1/2 ක් පමණ තිබෙනවා. ඒ වගේම වාණිජ ණය පොලිය ඩොලර් බිලියන 3 ක් පමණ එකතු වෙලා තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් යෝජනාවක් ණය හිමියන් ඉදිරිපත් කර තිබෙනවා. ඊට ප්‍රති යෝජනාවක් රජය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ණය හිමියන් ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව පිළිගත්තොත් බොහෝ දෙනාගේ මතය වන්නේ සියයට 28 ක මුහුණත අගය කපාහැරීම සියයට 7 ක් දක්වා අඩු වන බවයි. ඒ වගේම අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කළේ නෑ. නමුත් ජාත්‍යන්තර ණය හිමියන්ගේ ඕනෑකම හේතුවෙන් ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළා. ඒ හරහා අර්ථ සාධක අරමුදලේ හිමිකරුවන්ට දැවැන්ත පහරක් එල්ල වුණා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ණය හිමියන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට රජයේ ප්‍රතියෝජනාව සාර්ථක කර ගන්න පුලුවන් වුණොත් සියයට 28 වගේ ප්‍රමාණයකට මුහුණත අගය කපා හැරීමක් සිදුකරගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම සියයට 28 ක මුහුණත අගය කපා හැරීම ප්‍රමාණවත් ද කියන ගැටලුව මතුවෙනවා. රජය විපක්ෂය විසින් ඉදිරිපත් කරන අදහස්වලට සවන් නොදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර ණය හිමියන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට එකඟවුණොත් දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. 2038 වනතුරු ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සිදුවෙනවා.
ඒ වගේම ආර්ථික පරිවර්තන පනත හරහා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟවුණ කාරණා නීතිමය තත්ත්වයකට හරවා ගැනීමට සිදුකරන උත්සාහය පිළිකුලෙක් යුතුය හෙළා දකිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟ වුණ දර්ශක ඊළඟට පත්වෙන රජයට වෙනස් නොකර ඉදිරියට ගෙන යාමට බලකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිඳු අයිතියක් නෑ. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපි පෙන්වා දුන්න ව්‍යවස්ථාවට විරුද්ධ කාරණා ආර්ථික පරිවර්තන කෙටුම්පතින් ඉවත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමගි ජනබලවේගය සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සංශෝධනය කරනවා කියලා. ඒ සඳහා වන හේතු සමගි ජනබලවේගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දන්වා තිබෙනවා. රට ස්ථාවර කිරීමෙන් පසුව රට වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතාවය තුළ නෑ. දැනට තිබෙන ආර්ථික වර්ධන වේගය අනුව රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගන්න අපහසුයි. රටේ ආර්ථික වර්ධන වේගය සියයට 10 දක්වා වර්ධනය කර ගතයුතුයි. ඉදිරි දශකයේ සෑම වසරකම සියයට 10 ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත යුතුයි. එයයි සමගි ජනබලවේග ආණ්ඩුවක වැඩපිළිවෙළ. ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතුයි. සමගි ජනබලවේග ආණ්ඩුවට ඒ හැකියාව තිබෙනවා.
ගෝලීය ආර්ථිකය හදිසියේ වෙනස් වුණොත් නැතිනම් ලංකාව තුළ ආර්ථිකමය ගැටලුවත් ඇති වුවහොත් රටේ ආර්ථික කළමනාකරණයේ යම් වෙනස් කිරීම් සිදුකරන්න වෙනවා. එවැනි තත්ත්වයක් තුළ රටේ ආර්ථික කළමනාකරණය වෙනස් කර නොගතහොත් රට කඩාවැටීම ලක්වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟවුණ දර්ශක ඉලක්කවල සමගි ජනබලවේගය එකඟවන්නේ නෑ. ඒවා වෙනස් විය යුතුයි. ජාත්‍යන්තර ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක නීතියක් බවට පරිවර්තනය කර ගන්නනම් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..