13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට උතුරේදී පොරොන්දු දුන් සජිත් සහ අනුරට එරෙහිව ජාතික සංවිධානවල දැඩි විරෝධය (වීඩියෝ)
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන බවට කිලිනොච්චියේදි කරනු ලැබු ප්‍රකාශයට එරෙහිව ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී දේශප්‍රේමි ජාතික බලවේගය සහ තවත් ජාතික සංවිධාන රැසක් දැඩි විරෝධතාවක් දැක්වුහ.
එහිදී දේශප්‍රේමි ජාතික පෙරමුණේ .ප්‍රධාන ලේකම් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ ජාතික සංවිධාන සැමදා කටයුතු කළේ රටේ ඒකීයභාවය රැකගැනීම උදෙසා බවත්, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට දේශපාලන ස්වාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන ඉන්දියාවට, ශ්‍රී ලංකාව බෙදා වෙන්කර දුර්වල රාජ්‍යයක් බවට පත්කිරීමට ඇති උවමනාව මත ගෙන ආ දෙයක් බවත් ය.
මේ පිළිබඳව ඒ මහතා වැඩිදුරටත් දක්වා ඇති අදහස් මෙසේය,
"අපි ඒ විරෝධතාව සජබේට විතරක් ලඝු කලේ නෑ. රනිල්ගේ එජාපය, ප්‍රතිපත්තියක් නැති රනිල්ගේ වල්ගේ එල්ලුණු පොහොට්ටුව, ජාතික ජනබලවේගය වගේම චම්පික රණවකගේ ජනරජ පෙරමුණත් සජිත් වගේම 13 එහාට යන බලය බෙදීමකට එකඟයි. රණවිරුවෝ ජීවිත පුදලා රැකගත්ත රටේ ඒකියබව ගැන හිතන මිනිස්සුන්ට තනි ඉරකින් වෙන් කර ගන්න පුළුවන් මේ කන්ඩායම. මේ සියලු දෙනා නිල් , රතු, කොල ,රෝස මොන පාටින් හිටියත් අද වෙනකොට සේවය කරන්නේ ලංකාව රාජ්‍යක් හැටියට දුර්වල කරන සිංහල ජනතාව සහ සුළු වාර්ගික කන්ඩායම් එකිනෙකාට වෛර කරවන ඉන්දියානු- ඇමරිකානු බෙදුම්වාදි ව්‍යාපෘතියටයි.
අපේ මේ ප්‍රකාශයට උත්තර දෙන මාලිමාවේ පිරිස් කියන්නේ අනුර 13 දෙනවා කිවුවේ නෑ කියලා. පොහොට්ටුවට, එජාපයට , සජබෙට වගේම මාලිමාවේ අනුගාමිකයනුත් අන්ත වහල්ලු. දෙමළ සංධානය සමග යාපනයේදි තිබුණ සාකච්ඡාවෙන් පස්සේ අනුරගේ මේ වීඩීයෝවේ තියෙන මාධ්‍ය ප්‍රකාශය පැහැදිලිව අහන්න. වහල්බවින් මිදිලා දේශපාලනිකව අහන්න.
අනුර පැහැදිලිව කියනවා ඔවුන් 2019 දි පළාත් සභා පිළිගත්තා කියලා. ඒ වගේම ඔහු කියනවා ව්‍යවස්ථාපිතව ඇතුලත් කරලා තියෙන ඒත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන දේ අපි බලාත්මක කරනවා කියලා. මොනවද ව්‍යවස්ථාවේ තියෙන නමුත් බලාත්මක කරනවා කියන්නේ. ඉඩම් සහ පොලිස් බලතල. ඒ කියන්නේ 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා කියලා. අනුර සජිත්ට වඩා කපටියි. ඔහු වචන වලින් ඉඩම් සහ පොලිස් බලතල ගැන කියන්නේ නෑ. අනුර උතුරට කතා කරන ගමන් දකුණ ශේප් කරගන්න හැංගෙනවා. එතැනින් එහාට අනුර කියනවා අපි පළාත් සභාවෙන් ඔබ්බට යන්න ඕනේ කියල. පළාත් සභාවෙන් ඔබ්බට කියන්නේ වෙන මුකුත් නෙමේ 13 පල්ස් සහ ෆෙඩරල්. ජව්පේ මේ ලණුව පහල සාමාජිකයන්ට ගිල්වලා තියෙන්නේ ඉතාම ප්‍රාථමික තර්කයක් එක්ක. 13 දැනටමත් ව්‍යවස්ථාවේ තියෙන නිසා කරන්න දෙයක් නෑ... විරුද්ධ වෙන්න දෙයක් නෑ කියලා. දැන් විධායක ජනාධිපතිධුරය 1978 ඉඳන් ව්‍යවස්ථාවේ තියෙනවා. ඇයි ජව්පේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න මේ තරම් වලිකන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා කියලා ඒ අකාරයෙන්ම භාර ගන්නේ නැතුව. ජව්පේ නායකයෝ දන්නවා අනුගාමික වහල් නඩයට ඒ තරම් තාර්කිකව හිතන්න බෑ ගිරා පෝතක න්‍යායෙන් වමාරනවා මිසක්.
13 වන සංශෝධනය ව්‍යවස්ථාවට ආවේ කොහොමද? 1977 දි ජේ.ආර් ජයවර්ධන ට සරල බහුතර මැතිවරණයෙන් ලැබුණු 5/6 ක බලය කුප්‍රකට ළාම්පු කළගෙඩි සෙල්ලමින් 1989 වෙන කන් කල් දාලා, ජව්පේ ඇතුළු පක්ෂ තහනම් කරලා, පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන්ගේ දින රහිත ඉල්ලා අස්විමේ ලිපි අරගෙන , මන්ත්‍රිවරු කොළඹ හෝටල්වල ගාල් කරලා ප්‍රජාත්‍රන්තවාදය අමුඅමුවේ මරාදාලා ජේ.ආර් 13 ගෙනාවේ. ඒ විතරක් නෙමේ ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව ඉන්ඳියානු වඳුරු හමුදාව පන්නමු... මවුබිම නැත්නම් මරණය වෙනුවෙන් ටයර් සෑයවල් වල ජීවිතය පූජාකරපු ජවිපේ සහ දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ මිනීමතින් ජේ.ආර් 13 සම්මත කලේ. ඒ විතරක් නෙමේ, ගුවනින් පරිප්පු දාලා ඒක්සත් ජාතින්ගේ මූලධර්ම උල්ලංගණය කරලා ස්වෛරි රටක් හැටියට අපේ දේශසීමා උල්ලංඝනය කරලා ඉන්දියානු බලහත්කාරය මතයි 13 ව්‍යවස්ථාවට එකතු කලේ.
අද ජවිපේ ව්‍යවස්ථාවේ ඇති නිසා 13 ට පක්ෂයි කියන්නේ එදා ජේ.ආර්ගේ ප්‍රජාත්‍රන්තවාදි මංකොල්ලයට අනුමත කරන නිසාද? ජිවිත පරිත්‍යාග කල ජව්පේ සාමාජිකයාගේ ජීවිත වලට වටිනාකමක් නැති නිසාද? එදා කතා කල ඉන්දියානු ව්‍යාප්තවාදය අද නැති නිසාද?
1989 පළවෙනි පළාත් සභා මැතිවරණය වර්ජනය කල පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම ද්‍රෝහියෙක් ලෙස මරණ වරෙන්තුවට ලක්වීමටත් චන්දය පාවිච්චි කල පළමු 10 දෙනාට හිස කපා ඉවත් කර වැට ඉන්නෙ ගහන මරණ දඬුවම ලබාදීම ජව්පේ අද සාධාරණිකරණය කරන්නේ කෙසේද?
මාලිමාවේ අනුගාමිකයකු වීමට පෙර අවම වශයෙන් රෝහණ විජේවිරගේ "ජාතික ගැටලුවට අපේ විසඳුම " පොත කියවන්න. ඔහු පැහැදිලිව කියනවා දෙමළ ජනතාවගේ ස්වයං තීරණ කැරට් අලය පෙන්වා ලංකාව දුර්වල අස්‍ථාවර වාර්ගිකත්වයන් ඇණ කොටා ගන්නා රාජ්‍යයක් බවට පත්කර ගැනිමේ ඉන්දියානු උපාය මාර්ගය ගැන. ඉතාම පැහැදිලිව එජාපය, සජබෙය, ජනරජ පෙරමුණ , ශ්‍රි ලනිපය සහ ජව්පේ ඇතුලු කන්ඩායම් ඉන්දියානු අතකොළු බවට පත්ව අවසන්. පක්ෂයක වහලෙකු නොවී සැබැ දේශපාලන සත්වයකු වන්න. ඔබ සොයන විකල්පය ඇත්තේ පක්ෂ අච්චුවෙන් මිදුණ සැබෑ ජාතිකවාදි බලවේගයක් තුල පමණි. "
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ටී.එන්.ඒ පක්ෂයේ නියෝජිතයන් අතර යාපනයේ දී සිදුවූ හමුවේ වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..