ආණ්ඩුවට මාව පේන්නෙ ත්‍රස්තවාදියෙක් විධියට... ජීවිත හානියක් වුණත් කරන්න පුළුවන්... පාස්කු ප්‍රහාරය වැනි සිද්ධියක් මිහින්තලා පුදබිමේ සිදුවුණොත් ඊට වගකිවයුත්තන් මෝරුන්ට කෑමට දැමියයුතුයි - මිහින්තලා හිමි
පාස්කු ප්‍රහාරය වැනි යම් සිද්ධියක් පොසොන් උත්සවය ඉලක්ක කර ගනිමින් ඓතිහාසික මිහින්තලා පුදබිම තුළ දී සිදු වුව හොත් ඊට වගකිවයුත්තන් එල්ලා මැරීම නොව මෝරුන්ට කෑමට දැමියයුතු බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසූවේ පෙරේදා (10දා)ඌව සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු වන නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මිහින්තලා රජමහා විහාරස්ථානයට උන්වහන්සේ බැහැ දැක සිදු කළ සාකච්ඡාවකදීය.
එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.
"පොසොන් කමිටුව පවසන පරිදි ලක්ෂ විස්සක පමණ ජනතාවක් අනුරාධපුරයට මිහින්තලයට පැමිණෙතැයි අපේක්ෂා කරනවා.’
මේ වනතෙක් ආරක්ෂක හමුදාව මිහින්තලේ ආරක්ෂාවට කැඳවලා නැහැ. ආණ්ඩුවට මාව ත්‍රස්තවාදියෙක් විධියට පේන නිසා ජීවිත හානියක් වුණත් සිදු කරන්න පුළුවන්. මාව මරන්න පසුගිය කාලයේ සැලසුම් තිබුණා. දැනටත් තිබෙනවා.
රටේ ජනතාවට සීරීමක්වත් වෙන්න බෑ. මේ තමයි රටේ ජනතාවගේ පළමු උත්සවය, මිහිඳු හාමුදුරුවන්ගේ දහම ඉගෙන ගත්ත කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ. එහෙම හිටිය නම් පොසොන් පින්කමට මේ තරම් අරියාදු කරන්නේ නැහැ. මෙය ජනතාවගේ පින්කමක් පාලකයෝ මේවා කළ යුතුයි.
රජ කාලෙත් මේ පින්කම් කරල තියෙනවා. අඩුම එළාර රජතුමාගේ කාලෙවත් මෙහෙම වෙලා නෑ. අනගාරික ධර්මපාලතුමා කිව්වා වගේ පර සුද්දෝ තමයි දැන් රට පාලනය කරන්නේ. ඒ අයට ආගමක් දහමක් නෑ. හැමෝම පාර්ලිමේන්තුවේ ගහ ගන්නවා, හැම තැනදිම කතා කරන්නේ බලය ගන්න විධිය."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...