LTTEයට සහාය දුන්නැයි නීතිපති පැවරූ නඩු දෙකකින් හිටපු රේගු අධිකාරිවරයෙක් නිදහස්
රේගු අධිකාරිවරයකු ලෙස රාජකාරි කරමින් සිටියදී එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයකු වන කදිරගාමනාදන් මහින්දන් හෙවත් වෙන්නයන් නමැත්තාට, එල්ටීටීඊයට අවශ්‍ය සන්නිවේදන උපකරණ හා ගමන් කථන නිෂ්කාශනය කර ගැනීමට සහාය ලබාදීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩු දෙකක චෝදනාවලින් හිටපු රේගු අධිකාරි කන්දයියා යෝගනාදන් මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) නියෝග කළේය.
එම විත්තිකරු සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදුන් බව කියන පාපොච්චාරණය ස්වාධීන පාපොච්චාරණයක් බවට පිළිගත නොහැකි බවට අභියාචනාධිකරණය විසින් නිගමනය කොට තිබීම, චූදිතට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති චෝදනා සනාථ කළ වෙනත් ස්වාධීන සාක්ෂි නොමැතිවීම මෙන්ම, අනෙකුත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මගින් එකී චෝදනා සනාථ නොවීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ තම අධිකරණය, විත්තිකරුට එරෙහිව පවරා තිබූ පළමු නඩුවේ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය.
නීතිපතිවරයා විසින් 2010 දෙසැම්බර් 31 වැනිදා චූදිතට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පෙර කී චෝදනා යටතේ වෙන් වෙන්ව නඩු පවරා තිබිණි. ඉන් එක් නඩුවක් කැඳවූ අවස්ථාවේදී චූදිතගෙන් ලබාගත් බව කියන පාපොච්චාරණය ස්වාධීන නොවන බව පෙන්වා දෙමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කොට තිබූ අතර, එවකට එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් වොන්ඩාර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කොට නඩු විභාගය ආරම්භ කොට තිබිණි.
විත්තියේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධනයේ තීන්දුව, පසුගිය පෙබරවාරි මස නිකුත් කරමින් විත්තිකරුගෙන් ලබාගත් බව කියන පාපොච්චාරණය පිළිගත නොහැකි බවට අභියාචනාධිකරණය තීරණය කොට තිබිණි. අභියාචනාධිකරණයේ එකී තීන්දුව අනුව නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ නෛතික හැකියාවක් නොමැති බව, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මහාධිකරණයට පෙන්වා දී තිබූ අතර, එකී විරෝධතා පිළිබඳ නියෝගය ඊයේ නිකුත් කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම, එම නඩුවේ චෝදනාවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අනෙක් නඩුව ද ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ චතුරි ජයසූරිය මහත්මිය කරුණු දක්වමින්, මෙම නඩුවට ද ප්‍රධාන සාක්ෂිය ලෙස යොදා ගැනීමට අපේක්ෂා කරනුයේ පෙර කී පාපොච්චාරණය වන බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බවත් සුදුසු නියෝගයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නඩුවේ චෝදනාවලින් ද විත්තිකරු නිදහස් කිරීමට නියෝග කළේය.
විත්තිකරුට එරෙහිව ගොනුකර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන බරපතළ චෝදනා බවත්, කුමන බරපතළ චෝදනාවක් ගොනු කළත් විධිමත් නඩු විභාගයකදී සාක්ෂි මෙහෙයවා චෝදනා සනාථ කිරීමකින් තොරව කිසිදු විත්තිකරුවකුට දඬුවම් ලබාදීමේ නෛතික බලයක් තම අධිකරණයට නොමැති බවත් පැවසූ විනිසුරුවරයා, පිළිගත් නෛතික ප්‍රතිපාදන අනුව තම අධිකරණය එම නියෝග නිකුත් කළ බව පෙන්වා දුන්නේය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...