සංචාරය කිරීමට ලෝකයේ හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාවත්
සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ.
ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව වාර්තා වේ.
මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩවීමක් බව සඳහන්ය.
ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානුවන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022,2023 කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.
මේ වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරකයින් යුරෝපා රටවලින් ඈත්ව සිටිය යුතු බව ද ෆෝබ්ස් සඟරාව පෙන්වා දී තිබේ.
සංචාරය කිරීම සඳහා වඩාත්ම සුදුසු ගමනාත්ත ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය හඳුන්වා දිය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව සශ්‍රීක උස්බිම්වලින් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දූපතක් වන අතර බාලි හා සමාන සංචාරක ආකර්ෂණයක් පවතින බව ෆෝබ් සඟරාව පෙන්වා දෙයි.
සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යාන 22ක් ද පවතින බව එම වාර්තාවේ සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...