ගංවතුරට හසු වී මිය ගිය කුකුළන් අලෙවි කිරීමේ ජාවාරමක් ගැන අනාවරණයක්
කුකුළු මස් මිලදී ගැනීමේ දී මේ දිනවල වැඩි අවදානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කළේ, ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් වෙළෙඳපොළ තුළ මේ දිනවල අලෙවි කිරීම සිදුවන බවය.
එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින් ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බව සංජය ඉරසිංහ මහතා පවසයි.
"ගංවතුරට අහුවෙලා මියගිය කුකුළන්ව සුද්ද කරලා, පැකට් කරලා විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. අපි මේ ගැන මේ දවස් ටිකේම සුපරික්ෂාවෙන් හිටියා. වැටලීම් කරා. දිවයින පුරාම මේක කරනවා. ඔබත් කුකුළු මස් ගැනීමේ දී මේ ගැන පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම මසට ඇති කරන කුකුළන් සුදු පාටයි. මේ කුකුළන් රතු පාටට හුරුයි. මේක කොච්චර උෂ්ණත්වයට තැම්බුවත් විෂබීජ මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ගැන තොරතුරක් තිබුණොත් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දෙන්න."
"කැලණි ගඟ ආශ්‍රිතව තමා ගොඩාක් ගබඩා තියෙන්නේ. ගංවතුරට අහුවුණ තැන් තියෙනවා නම් ගොඩක් අඩු මුදලට ඔන්ලයින් භාණ්ඩ ගෙනත් දෙනවා කියලා දැන්වීම් දාලා ඇති යූටියුබ් සහ ෆේස්බුක්වල. මේවට අහුවෙන්න එපා. මේවා පරිභෝජනයට සුදානම් කරපුවා නෙමෙයි. 1977ට කරුණාකරලා මෙහෙම ඒවා දැනුම්දෙන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...