විපක්ෂනායකවරයා නින්දෙන් ඇහැරී 13 ගැන නන් දොඩවනවා - සුගීෂ්වර බණ්ඩාර
තම ආණ්ඩුවක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ඊයේ (09) වැනිදා පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇති බවත්, 13 බලාත්මක කරන වැඩේ එක්වරම නින්දෙන් ඇහැරී මෙන් විපක්ෂ නායකවරයාට මතක් වී ඇති බවත්, නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අද (10) හෝකන්දර ප්‍රෙද්ශයේ පැවති හමුවක දී සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ "ඡන්ද ළං වෙනකොට විපක්ෂක නායකවරයාට 13 වෙනි සංශෝධනය බලාත්මක කරන්න මතක් වෙලා. ඒකත් මේ එකපාරටම ඊයේ පෙරේදා, අපි කියන්නේ එකපාරටම නින්දෙන් ඇහැරිලා වගේ කියලා අන්න එහෙම තමයි විපක්ෂ නායකවරයා 13 බලාත්මක කරන්න හදන්නේ.
කවුරු කොහොම කිව්වත් අපි විපක්ෂ නායකවරයාට කියන්න කැමතියි දමිළ ජනතාවගේ මනාප ලබාගන්න තියෙන උවමනාවට රට උගස් තියන්න එපා කියලා. මොකද විපක්ෂ නායකවරයා මේ ප්‍රකාශය සිදුකරලා තියෙන්නේ කිලිනොච්චියේ පැවති උත්සවයකදීයි. ඒකෙන්ම අපිට පැහැදිලි ඡන්ද බලාගෙන දෙමළ ජනතාවත් අන්දන්න හදන වැඩක් තමයි කරගෙන යන්නේ කියලා.
මෙච්චර දවස් නිශ්ශබ්දව ඉඳලා ඉන්දියානු බලහත්කාරකම් බලෙන් අපේ ජනතාවගේ පිට පටවන්න ලෑස්ති උනොත් විපක්ෂනායකවරයා විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට දකුණේ ජනතාවගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන් අපි විපක්ෂනායකවරයාට කියනවා කටට ආව පලියට ඡන්ද බලාගෙන 13 ගැන නන් දොඩවන්න එපා රට හමුවේ හරියට පැහැදිලි කරන්න මේ බලතල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පොලිස් බලතල, ඉඩම් බලතල පිළිබඳ හරි පැහැදිලි කිරීමක් වහාම කරන්න.
දරුණු ආර්ථික අර්බුදයෙන් මිදී රට ටිකෙන් ටික නැගිටින වෙලාවක රට උගසට තබා කරන මේ ප්‍රකාශ පිළිබඳව රටේ පුරවැසියෝ සියලුම දෙනා ඉතාම අවධානයෙන් සිටින්නැයි මම ඉල්ලා සිටිනවා."
ජනාධිපති සිහිනය දකිමින් විපක්ෂනායකවරයා කරන මේ ප්‍රකාශ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාති භේදයකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව අපේ හැඟීම බව විශේෂයෙන් සඳහන් කළ යුතු යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
- මාධ්‍ය ඒකකය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...