News Category
From Date
To Date
Maximum Number of Result

බහු ධ්‍රැවීය ලෝකයක රුසියාවේ භූමිකාව: ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ පූර්ණ සැසිවාරයේදි පුටින් පහදයි

Jun 10, 2024 at 03:21 PM
|

Russia’s role in a multipolar world: Putin’s address to SPIEF plenary sessionරුසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ සාමාන්‍යයට වඩා වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බවත් අන්‍යෝන්‍ය ගෞරවය මත ගොඩනැගුණු නව නැගී එන බහුධ්‍රැව ලෝකයකට සක්‍රීයව අනුගත වෙමින් සිටින බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ (St. Petersburg International Economic Forum -SPIEF) පූර්ණ සැසිවාරය අමතමින් පසුගිය 07 වනදා ප්‍රකාශ කළේය. 

රුසියානු රාජ්‍ය නායකයා සමඟ බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් සහ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා මෙන්ම දේශපාලන විද්‍යාඥයකු සහ උසස් ආර්ථික විද්‍යා පීඨයේ සම්මානනීය මහාචාර්යවරයකු වන සර්ජි කරගනොව් ද වේදිකාවට එක්ව සිටියහ.

රුසියානු රාජ්‍ය නායකයාගේ පැයකට ආසන්න කාලයක් කළ දේශනයේදි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ගැටළු ගණනාවක් මෙන්ම ජාත්‍යන්තර තරඟකරුවන් සමඟ අඛණ්ඩව සබඳතා ගොඩනඟා ගනිමින් නුදුරු අනාගතය සඳහා රුසියාව ලබාගත යුතු ජයග්‍රහණ සහ ඉලක්ක සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

St. Petersburg International Economic Forum -SPIEF

මෙම වසරේ පැවැති 27 වැනි වාර්ෂික SPIEF සමුළුවට ප්‍රමුඛ සමාගම්වල කොටස් හිමියන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු කීර්තිමත් විශේෂඥයින්, විශ්ලේෂකයින්, දේශපාලන, මහජන සහ රාජ්‍ය නිළධාරින් ඇතුළු රටවල් 100කට වඩා වැඩි රටවල් සංඛ්‍යාවකින් 2,000කට අධික පිරිසක් සහභාගී වූ බවද  පුටින් සිය දේශනයේදී පවසා සිටියේය.

ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීමට, ඒකාබද්ධ ව්‍යාපෘති දියත් කිරීමට සහ ගෝලීය සහ කලාපීය වෙළෙඳපොළ තුළ වත්මන් ප්‍රවණතා සහ නවීන ලෝකයේ නවතම වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සංසදය සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන බවද ඔහු අවධාරණය කළේය.

නව ලෝකය

රාජ්‍යය, සංස්කෘතිය සහ ආර්ථිකය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන මත පදනම්ව ලොව පුරා රටවල් තම ස්වෛරීභාවය ශක්තිමත් කර ගැනීමේ තරඟයකට අවතීර්ණ වී ඇති බව පුටින් අවධාරණය කළේය. මීට පෙර ගෝලීය සංවර්ධනයේ නායකයින් ලෙස සැලකූ ජාතීන් ඔවුන්ගේ “අතීත මතකයකට සීමාවූ ආධිපත්‍යය දරන්නන්ගේ භූමිකාව” පවත්වා ගැනීමට අරගල කරන බවද පුටින් පෙන්වා දුන්නේය. 

 ලෝක ජනයා තම ජීවිතවල සෑම අංශයකම පාහේ පුපුරන සුලු තාක්‍ෂණික වර්ධනයක්  අත්විඳින බවත්, චීනය සහ ඉන්දියාව දැනටමත් ප්‍රමුඛ ලෝක ආර්ථිකයන් බවට පත්ව ඇති බවත් පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා අනෙකුත් දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල් මේ සියවසේ මැද භාගය වන විට "ප්‍රධාන ගෝලීය ආර්ථික ක්‍රීඩකයින්" බවට පත්වීමේ මාවතේ ගමන් කරන බව අවධාරණය කළේය. 

රුසියාව

රුසියාව ද තාක්‍ෂණික වර්ධනයන් සඳහා ඉහළ මට්ටමේ සූදානමක් සහ අනුවර්තනයක් පෙන්නුම් කර ඇති බව පුටින් සඳහන් කළේ රටේ මූල්‍ය අංශය, ඊ-වාණිජ්‍යය, ප්‍රවාහන සේවා සහ හමුදාව දැනටමත් කාලයට අනුකූලව දැඩි වෙනස්කම්වලට භාජනය වී ඇති බව පෙන්වා දෙමිනි.

විදේශ ආර්ථික සබඳතා

ගෝලීය වෙළඳාමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස රුසියාව සිය ස්ථාවරය පවත්වා ගැනීමට උත්සාහ කරන බව පුටින් අවධාරණය කළේය. “සියලු බාධාවන් සහ නීති විරෝධී සම්බාධක නොතකා, රුසියාව අඛණ්ඩව ක්‍රියාකාරීව සැපයුම්  සංවර්ධනය කරමින් සහ රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ජාතීන් සහ කලාප සංඛ්‍යාව පුළුල් කරන බවද පෙන්වා දුන්නේය.

2020 සිට 2023 දක්වා ආසියානු රටවල් සමඟ රුසියාවේ වෙළඳාම 60% කින්ද, මැද පෙරදිග සමඟ දෙගුණයකින්ද, අප්‍රිකාව සමඟ 69% කින්ද ලතින් ඇමරිකානු කළාපය සමඟ 42% කින්ද වර්ධනය වී ඇතැයි පුටින් පෙන්වා දුන්නේය.

සමාන හවුල්කාරිත්වය

පූර්ණ පරිමාණ තාක්ෂණික සහ කාර්මික හවුල්කාරිත්වයන් මත පදනම්ව අනෙකුත් රටවල් සමඟ ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීම, ජාතික පිරිස් පුහුණු කිරීම සහ දේශීය නිෂ්පාදන සමඟ භාණ්ඩ හා සේවා සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දීම රුසියාවේ අරමුණ බව පුටින් අවධාරණය කළේය.

සමාන කොන්දේසි මත පදනම් වූ එවැනි ප්‍රවේශයක් ලබාදීම මෙන්ම ඒකාධිකාරය වෙනුවට තාක්ෂණයන් හුව මාරු කිරීම, ජාතීන් අතර ශක්තිමත් සහ ඔරොත්තු දෙන සබඳතා ගොඩනඟා ගනිමින් සමාගම්වලට “දිගු කාලීන” ක්‍රියාකාරිත්වයකට ඉඩ සැලසීම අරමුණු කරගන්න බවද රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

බටහිර මූල්‍ය ක්‍රමය කෙරෙහි විශ්වාසය පළුදු වීම

 බටහිර රටවල් විසින් නඩත්තු කරන ගෙවීම් පද්ධතිවල විශ්වසනීයත්වය පිළිබඳ ගෝලීය විශ්වාසය බටහිර රටවල් විසින්ම  “මූලික වශයෙන් පළුදු කර ඇති” බව පුටින් අවධාරණය කළේය.

2021 සහ 2023  වර්ෂවල “හිතවත් නොවන රාජ්‍යවල විෂ සහිත මුදල්” වලින් රුසියානු අපනයන සඳහා කරනු ලබන ගෙවීම් කොටස හරි අඩකින් අඩු වී ඇති බව පෙන්වාදුන් රුසියානු ජනාධිපතිවරයා රූබල් මගින් ගෙවීම් තුන් ගුණයකින් වැඩි වී එම ප්‍රමානය 40% සීමවට ට ළඟා වූ බවද පෙන්වා දුන්නේය.

නව BRICS ගෙවීම් පද්ධතිය

රුසියාව දැනටමත් විදේශ වෙළඳාමේ ජාතික මුදල් භාවිතය වැඩි කරමින් සිටින අතර, ලොව පුරා නව සාමාජිකයින් පිළිගැනීමට අඛණ්ඩව කටයුතු කරන බ්‍රික්ස්  කණ්ඩායම, දේශපාලනයට යටත් නොවන  පීඩනය, අපයෝජනය හෝ බාහිර සම්බාධක මැදිහත්වීම් තමන්ගේම ස්වාධීන ගෙවීම් පද්ධතියක් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව පුටින් පෙන්වා දුනේය.

රුසියානු ආර්ථිකය

2023 වසරේ 3.6% ක වර්ධන වේගයක් වාර්තා කිරීමෙන් පසු මේ වසරේ පළමු කාර්තුවේ දී රුසියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.4% දක්වා ළඟා වූ බව පුටින් පෙන්වා දුන්නේය. ලෝකයේ විශාලතම ආර්ථිකයන්ගෙන් එකක් වීමට දිගු කලක් තිස්සේ රුසියාව උත්සාහ කර ඇති බව ප්‍රකාශ කළ පුටින් තමා ඒ අනුව ඉහත අනාවරණය කළ බව පැවසුවේය. නවතම ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, රුසියානු ආර්ථිකය දැන් ජපානය අභිබවා යමින් මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (purchasing power parity-PPP), අනුව සිව්වන ස්ථානයේ ස්ථානගතව සිටින බවද ඔහු අවධාරණය කළේය.

රුසියාවේ අනාගතය

රුසියානු නායකයා රුසියාවේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට සහ ගෝලීය වේදිකාවේ ප්‍රධාන පාත්‍රවර්ගයා  ලෙස රැඳී සිටීමට රුසියාව ගත යුතු පියවර ගණනාවක් ගෙනහැර දැක්වීය. මෙම පියවරවලට මූල්‍ය, තාක්‍ෂණික සහ පුද්ගල ස්වෛරීභාවය ශක්තිමත් කිරීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ විදේශීය හා දේශීය වෙළඳපල තුළ රුසියානු නිෂ්පාදනවල තරඟකාරිත්වය ඉහළ නැංවීමද ඇතුළත් වේ.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුටින් රුසියානු ආර්ථිකයට ව්‍යුහාත්මක වෙනස්කම් දහයක් යෝජනා කළේය. එනම් රට පුරා නව ව්‍යාපෘති සඳහා ආයෝජන වැඩි කිරීම සහ ආර්ථික සංවර්ධනයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරවල කාර්යභාරය ශක්තිමත් කිරීම, ව්‍යාපාර දිරිගැන්වීම සඳහා නව මූල්‍ය මෙවලම් නිර්මාණය කිරීම, වෘත්තීය තත්වය වැඩිදියුණු කිරීම මෙන්ම අධ්‍යාපන ක්‍රමය, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රීම බුද්ධි තාක්ෂණය භාවිතා කිරීම තුළින් ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම, දරිද්‍රතාවය අඩු කිරීම සහ රුසියානු පවුල්වල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම යන කාරණා ඒ අතර වෙයි.

https://www.rt.com/russia/598976-russia-putin-spief-recap/

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.