
හමාස් අණ දෙන නිලධාරියාගෙන් ලෝකයටම අනතුරු ඇඟවීමක්
ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව, මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති බව පැවැසෙයි. ‘ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වේවි’ යැයි මහමුද් අල් සහාර් අවධාරණය කර ඇත.
අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ යැයි ද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මේ අතර, හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුරා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ.
‘හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්. ඔවුන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ වෙනසක් නැහැ. ලෝකය අයි.එස්. සංවිධානය විනාශ කළ ආකාරයට අපි හමාස් සංවිධානය විනාශ කරනවා. සියලුම හමාස් සාමාජිකයන්ට මැරෙන්න වෙනවා’ යැයි ඊශ්‍රායල රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ පැවැසුවේ විපක්ෂය සමඟ ද එක් වී නව ඒකීය රජයක් පිහිටුවීමෙන් පසුවය. හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ අවසානයක් දැකීමට නම් හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතු බව එම ඒකීය රජයේ විශ්වාසය වී තිබේ.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙම නව ඒකීය රජය පිහිටුවා ගෙන ඇත්තේ එක් විපක්ෂ නායකයකු වන බෙනී ගාන්ට්ස් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමිනි.
(එන්.ඩී.ටීවී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
