දුම්රිය වර්ජනය තවදුරටත්... ධාවනාගාර සියල්ල අද සිට වැඩ නෑ
දුම්රිය ධාවනාගාර පහෙන් දෙකක රියැදුරන් අසූ දෙනෙකු ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයෙන් කොටුව, මරදාන ඇතුළු දුම්රිය ස්ථානවල මගීහු දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටිති.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය හතරවන දිනටත් අද (ජූනි 10) ක්‍රියාත්මක වෙයි.
දුම්රිය එන්ජින් රියැදුරන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබා දීම් ප්‍රමාදවීම, වැටුප් කේතයක් නොමැතිකමින් බඳවා ගැනීම් දිගින් දිගට ම ප්‍රමාද වීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා නොදීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළකරමින් ලොකොමොටොව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය පසුගිය සිකුරාදා (ජූනි 7) මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ ය.
මගී ජනතාවගෙන් දුම්රිය සේවකයන්ට දැඩි විරෝධයක් පළ වූ අතර වෙන දා ගමනාගමනයට දුම්රිය යොදාගත් මගීන් බස් රථ භාවිත කිරීමෙන් ඇතැම් දුම්රිය ස්ථානවල පාළු ස්වභාවයක් දිස්විය.
වර්ජනයේ මුල් දින තුනේදී බලවේග කට්ටල දුම්රිය ධාවනයෙන් ඉවත්ව තිබූ අතර දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය විය.
වර්ජනය හේතුවෙන් සිකුරාදා පෙරවරුවේ දුම්රිය ගමන්වාර 43ක් ද, සෙනසුරාදා උදෑසන සිට සවස 5.30 දක්වා ගමන්වාර 76ක් ද, ඊයේ (ජූනි 9) දහවල් වනවිට දුම්රිය ගමන්වාර 35ක් ද අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මොරටුව, ගල්කිස්ස, හලාවත, මීගමුව, මීරිගම, අඹේපුස්ස, රඹුක්කන සහ කළුතර දක්වා ධාවනය වන දුම්රියන් වර්ජනයේ බලපෑමට එසේ ලක්ව ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද පැවැත්වෙන බවත්, එහිදී විසඳුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
බලධාරීන්ගෙන් ඊයේ දිනය තුළදී විසඳුමක් නොලැබුණු බවත්, ඒ අනුව ඉතිරි ධාවනාගාර තුනද අද දිනයේදී වැඩ වර්ජනයට සම්බන්ධ කරන බවත් ලොකොමොටොව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක මහතා පැවසීය.
සති අන්තය අවසන්ව කාර්යාල කටයුතු ආරම්භ වන අද දිනයේදී බොහෝ දුම්රිය ගමන් වාර අවලංගු විය හැකි බැවින් මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය. දුම්රිය රියැදුරන් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බවත්, බලධාරීන් පැලැස්තර විසඳුම් යොදා වෘත්තීය සමිති පාලනය කිරීමට උත්සහ කළහොත් සමස්ත දුම්රිය පද්ධතියම අකර්මණ්‍ය කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.
දුම්රිය දෙපාර්තම්න්තුව සතුව එන්ජින් රියැදුරන් 458ක් සිටිය යුතු නමුත් දැනට රාජකාරි කරන පිරිස 250කටත් අඩුයැයි පැවැසූ සේනානායක මහතා මෙම රියැදුරන්ගෙන් පමණක් දුම්රිය ධාවන සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යා නොහැකි බව කීය. රියැදුරු හිඟය හේතුවෙන් දැනට ධාවනය නොවන දුම්රියන් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන බවත්, ඊට අමතරව දිනපතා දුම්රිය ගමන් වාර අවලංගු වෙමින් පවතින බවත් ලේකම්වරයා පැවසීය.
වැටුප් කේතය නොමැතිකමින් බඳවා ගැනීමේ පටිපාටිය ඇනහිට තිබෙන බව පැවසූ හෙතෙම 2018.05.09 වැනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් වැටුප් කේතය අනුමත වී තිබෙන නමුත් මේ දක්වා ක්‍රියාත්මක කර නැති බව සඳහන් කළේ ය. අවස්ථා ගණනාවකදී මෙම ගැටලු විසඳන ලෙසට ලිඛිතව හා වාචිකව දුම්රිය පාලනාධිකාරිය දැනුවත් කළ නමුත් මේ දක්වා ඉල්ලීම් ලබාදීමට නොහැකිවී ඇතැයි ද ඔහු කීය.
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...