News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් දිනුම්!

Jun 10, 2024 at 08:50 AM
|

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉහළින්ම සම්මතවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයකි. එලෙසම එජාප නායකයාගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වීමකි. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයා නිවැරදි නම් 2022 ජුලි 20 වැනි දින ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සම්මත කර ගත් 76 වන පනතයි. ඉදිරි මාස කීපය තුළ සම්මත කර ගැනීමට නියමිත පනත් ගණන 66 කි. ජනාධිපතිවරණයට මාස කීපයකට පෙර රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිධෑමට දැඩි ලෙස විරුද්ධ බවට පසුගිය මාසයේ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) නායක මහින්ද රාජපක්ෂ ද ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට තම ඡන්දය දීම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් නොවන්නේද? වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පොහොට්ටු ඇමැතීන් රොත්තම ද එම පනතට ඡන්දය දුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඡන්දය දීමෙන් වැළකීමෙන් අවශ්‍ය සහයෝගය පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ 2022 ජුලි 20 වැනි දින තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂය වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය තුළ දැඩි ලෙස පසුතැවිලි වෙන බවට කිසිදු සැකයක් නැත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයේ අනිවාර්ය අවශ්‍යතාවයක් වූ අතිශය ආන්දෝලනාත්මක ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පොහොට්ටු පක්ෂයේ ඡන්දයෙන් ජුනි 06 දින වැඩි ඡන්ද 44 කින් සම්මත වීම තුළ බරපතළ දේශපාලන ගැටුමක් නිර්මාණය වී ඇත.

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ තීරණය පක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය මැයි 12 වැනි දින ‘රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම’ යන ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයට සම්පූර්ණයෙන්ම පටහැනිය. නමුත් තමන්ම කළ දැඩි අනතුරු ඇඟවීම නොතකා එතුමා ද මන්ත්‍රී කණ්ඩායම සමග එම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කර ඇත. එමගින් තමන් නිකුත් කළ නිවේදනය තමන්ම ඉවතලා ඇත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයට කිසිසේත්ම අවනත නැත. මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව ද නියෝජනය කරන වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති පසුබිමේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉහළින්ම සම්මත වීම අවධාරණය කරන්නේ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම පත්වී ඇති අර්බුදකාරී තත්ත්වය නොවේද? එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඡන්දය දීමෙන් වැළකී සිටීම හෙළිදරව් කරන දේශපාලන නිරුවත පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත.

වික්‍රමසිංහ-රාජපක්ෂ රජය ලෙස හැඳුන්වුවත් දෙපාර්ශ්වය අතර ඇතිවී ඇති දැඩි ගැටුම්කාරී තත්ත්වය රජය අර්බුදකාරී තත්ත්වයකට පත්කර ඇත. පොහොට්ටුව එක්තරා ආකාරයක අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇත. පොහොට්ටු පක්ෂය සහ වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර ‘දේශපාලන’ විවාහය දෙදරා ගොස් ඇත. විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණක් ඇත. ඒ වික්‍රමසිංහ ජනාධිපති කළ තීන්දුව එජාප නායකයා සහ රාජපක්ෂවරුන් අතර අවබෝධතාවයකින් සිදුවූවක් මිස කිසිසේත්ම පක්ෂ දෙක අතර ගිවිසුමක් නොවේ.

පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සැලකිය යුතු කොටසක් අවශ්‍ය මොහොතකදී තමන් සමග කඳවුරු බැඳීමට සූදානම් බවට විශ්වාස කර වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කර ඇත. ජනාධිපතිවරයා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ (පොහොට්ටු පක්ෂය/කෑගල්ල දිස්ත්‍රික්කය) රුවන්වැල්ලේ පිහිටි නිවසේදී කුඩා ජනහමුවක් පසුගියදා (ජුනි 4) පැවැත්වීම අවධාරණය කළේ එතුමා තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ඇති ආකාරයයි.

ජනාධිපතිවරයා කෑගල්ලේ කළ සංචාරයේදී පොහොට්ටුව නියෝජනය කරන මැති ඇමැතිවරු ඔහු සමග විය. ඒ අතර තාරක බාලසූරිය, රංජිත් සියඹලාපිටිය සහ කනක හේරත් ද විය. ඒ තිදෙනාම ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට තම ඡන්දය පාවිච්චි කළේය.

ආර්ථිකය කඩා වැටීමත් සමගම මෙරට දේශපාලනය ද කඩා වැටුණු බව එම රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ අනුව පළමු වතාවට දේශපාලනය නොමැති ආණ්ඩුවක් නිර්මාණය වූ බවද සඳහන් කළේය. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම පොහොට්ටු පක්ෂයට තීරණාත්මකය. පොහොට්ටුව නියෝජනය කරන මැති ඇමැතිවරු විදුලිබල පනත සම්බන්ධයෙන් රටේ ඉහළ උසාවිය දුන් තීන්දුව පසුබිමේ ජුනි 4 වැනි දින පාර්ලිමේන්තුවේදී ගත් ස්ථාවරය නැවත නැවතත් අවධාරණය කරන්නේ එම කණ්ඩායම ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට අනුගත බවයි.

මන්ත්‍රීවරු 225 කින් සමන්විත මැති සබයේ මෙම සමස්ත රටට දැඩි බලපෑමක් කළ හැකි මෙම පනතට ඡන්දය පාවිච්චි කළේ 162 කි. මන්ත්‍රීවරු 103 පක්ෂ වූ අතර 59 දෙනෙකු විපක්ෂ විය. මහජන නියෝජිතයින් 63 දෙනෙකු ඡන්දය පාවිච්චි නොකිරීම සම්බන්ධයෙන් අදාළ පක්ෂ විමසිලිමත් විය යුතු නොවේද? එම පනතට එරෙහිව ඡන්දය දුන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් දෙවැනි වර කියවීමේ විවාදය අවසානයේ තම ඡන්දය පාවිච්චි කිරීමට සභා ගැබ තුළ නොසිටීම විමතියට හේතුවක් නොවේද?

යම්කිසි පනතකට පක්ෂව සහ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීම බාහිර බලපෑම් හේතුවෙන් සිදුවිය හැකිය. එලෙසම ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකීමට ද බාහිර බලපෑම් හේතු විය හැක. ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනාම ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඇයි?

● පොහොට්ටුවට එරෙහිව පොහොට්ටුව

ඉතා පැහැදිලිව පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සැලකිය යුතු කොටසක් මැයි 12 වැනි දින එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාවලිය ජනාධිපතිවරණය පවත්වන තුරු තාවකාලිකව නතර කළ යුතු බවට ප්‍රකාශ කිරීම පිළිගන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ නායකතුමාට විදුලි බල පනත් කෙටුම්පතට ඡන්දය දෙනවා හැර කළ හැකි වෙන කිසිවක් නැත. තාත්තාට එම පනත හොඳ නම් පුතාට ද ඡන්දය දීමට බාධාවක් තිබිය නොහැක. නමුත් දේශපාලන අනාගතය සලකා ඡන්දයෙන් වැළකී සිටීම පිළිබඳව කිසිවකු පුදුම විය යුතු ද නැත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමෙන් තමන්ට වැරදුණාවත්දෝ කියා හිතෙන තරමට දෙපාර්ශවය අතර සම්බන්ධතාවය පිරිහී ඇත. නමුත් ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන් සමග සම්බන්ධතාවය ශක්තිමත් කර ගනිමින් සිටි පොහොට්ටු පක්ෂය නියෝජනය කරන අනෙක් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වන ෂෙහාන් සේමසිංහ ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මූල්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු මැදිහත් වීමක් කර ඇත. ඔහුද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ‘ඒ’ කණ්ඩායමට ඇතුළත්ය. රංජිත් සියඹලාපිටිය මෙන්ම ඔහු ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට අදාළව ඉදිරිපත් කර ඇති සියලුම අණපනත්වලට ඡන්දය දී ඇත. විදුලිබල පනතට මෙන්ම මහත් ආන්දෝලනාත්මක ආර්ථික පරිවර්තන පනතට ද ඡන්දය දෙනු ඇත.

● පොහොට්ටු – රනිල් ගැටුම

කලහකාරී ‘අරගලය’ට මුහුණ දීමට ඉතාමත් සුදුසු පුද්ගලයා ලෙස පොහොට්ටු පක්ෂය එදා හැඳින්වූ එජාප නායකයා තමන්ට එල්ල කරන අභියෝගය පරාජය කිරීමට එම පක්ෂයට ශක්තිය තිබේද? වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයෙන් සැලකිය යුතු කණ්ඩායමක් කඩා ගෙන (දිනා ගෙන කීවත් වරදක් නැත) නව දේශපාලන ගමනක් යෑමට සූදානම් බව තේරුම් ගැනීම අපහසු නැත.

පොහොට්ටු පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම වර්ජනය කරන බව රහසක් නොවේ. පසුගිය මාස හතරේම කාරියවසම් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වූයේ නැත. පොහොට්ටු පක්ෂයේ මහ ලේකම්වරයාගේ තීරණය දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව බිඳ වැටීම අවධාරණය කරයි. නමුත් භූමියේ තත්ත්වය නිසියාකාරව තේරුම් ගත යුතුය. ඒ මහ ලේකම්වරයා ද විදුලි බල පනත් කෙටුම්පතට ඡන්දය දුන් බැවිනි. චමල් රාජපක්ෂ ද එම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ඇතුළු පොහොට්ටු පක්ෂයෙන් (තරග කර හෝ ජාතික ලැයිස්තුව හරහා මැතිසබයට පත්වූ) අමාත්‍යවරුන්ගේ තීරණය කුමක්ද? ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග තමන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග බව අවධාරණය කර ඇත. රණතුංග අමාත්‍යවරයා දිගින් දිගටම කරන ප්‍රකාශ පොහොට්ටු නායකත්වයට අභියෝගයක් වී ඇති බව සමස්ත ව්‍යාකූලත්වයේ එක පැතිකඩක් පමණි. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකගේ ක්‍රියාකලාපය විමසා බැලිය යුතු වන්නේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් නිමල් ලන්සා – අනුර ප්‍රියදර්ශන යාපා කණ්ඩායමේ ප්‍රබලයකු නිසාය. එම කණ්ඩායම පෙනී සිටින්නේ ද වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙනි.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ ගැලවුම්කරුවා ලෙස ද පෙනී සිටියි. ගෝඨාභය රාජපක්ෂ -මහින්ද රාජපක්ෂට අරගලය එල්ල කළ දරා ගත නොහැකි වූ පීඩනය ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු කිරීම වැළක්වූයේ තමන් බව ජනාධිපතිවරයා පසුගියදා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New˜ තරුණ නීති වෘත්තිකයන් සමග නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී මැයි 28 වැනි දින පැවැත්වූ වැඩමුළුවට එක්වෙමිනි.

“අරගලය අවස්ථාවේදී විධායක බලතල තිබූ නිසා රටේ ස්ථාවර බව ඇති කරන්න පුළුවන් වුණා. එදා අගමැතිකම භාර ගැනීමට කිසිවෙක් හිටියේ නැහැ. එවකට ජනාධිපතිවරයා නැවට නැගලා ත්‍රිකුණාමලයට යනවිට සමහරු මට කිව්වා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වෙන්න කියලා. එහිදී බහුතරයක් තිබෙන අයෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, නැතිනම් මට ඉල්ලා අස්විය නොහැකි බවත් මා සඳහන් කළා. ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වත් මම එය ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි. ජනාධිපති නැවක සිටිද්දි, රටින් පිටවී මාලදිවයිනට යන විට මට ඉල්ලා අස්වීම ලබා දීමට හැකියාවක් නැහැ. කිසිවකුගේ බලපෑමට හෝ, මගේ නිවස ගිනි තැබූ නිසා හෝ මා ඉල්ලා අස්වූයේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පිට කවුරුන් හෝ බලය ලබා ගන්නවා.”

● බලය පාවිච්චි නොකළ ජනාධිපති

අරගලය අවස්ථාවේදී විධායක බලතල තිබූ නිසා රටේ ස්ථාවර බව ඇති කරන්න පුළුවන් වුණා. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ගැඹුරින් විමසා බැලිය යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට 2022 මාර්තු 31 දින පුපුරා ගිය අරගලය පාලනය කිරීමට ජනාධිපතිවරයා විධායක බලතල පාවිච්චි කළාද? ඇත්තවශයෙන්ම මෙම ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරයාට යොමු කළ යුතුය. 2022 මාර්තු 31 සිට 2022 ජුලි 09 දින එතුමා ජනාධිපති මන්දිරයෙන් ඉවත් වනතුරු අරගලය සම්බන්ධයෙන් විධායක බලතල ක්‍රියාත්මක කළාද?

ජනාධිපති ධුරයට අමතරව ආරක්ෂක අමාත්‍ය, ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී සහ කැබිනට් මණ්ඩලයේ සභාපති වූ ගෝඨාභය රාජපක්ෂ එම සති 14 ක කාලය තුළ විධායක බලතල පාවිච්චි කළේ කෙසේද? එම බලතල මොනවාද? එම කාලය තුළ හිටපු ජනාධිපතිවරයා විධායක බලතල සහ ආරක්ෂක අමාත්‍ය ලෙස බලතල පාවිච්චි කළ ආකාරය සම්බන්ධයෙන් නිවැරදි විමසීමක් කළහොත් එම රජයේ දැඩි දුර්වලතා හෙළිදරව් වනු ඇත.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පසුව එම ධුරයට ගෝඨාභය රාජපක්ෂ පත්කළ ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොළ පිහිටි නිවසට සහ අනෙකුත් දේපල ගිනිතබා විනාශ කළේ පොලිසිය එම ස්ථානයේ සිටියදීමය. ඒ 2022 මැයි 09/10 කාලය තුළය. පොලිසිය භාර අමාත්‍යවරයාගේ නිවාසය කිසිදු අවහිරයකින් තොරව ගිනි තැබිය හැකි රටක විධායක බලතල කෙසේ වෙතත් සාමාන්‍ය නීතියවත් ක්‍රියාත්මක නොවූ බව පැහැදිලිය. මැති ඇමැතිවරුන්ට අයිති නිවාස දුසිම් ගණනාවක් සහ මීගමුවේ හෝටල් කීපයක් ගිනි තබන තුරු විධායක බලතල ක්‍රියාත්මක වූයේම නැත.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට විනාඩි 5 ක වාහනයකින් කිසිදු බාධාවකින් තොරව ළඟා විය හැකි කොළඹ-මීගමුව පාරේ පිහිටි ග්‍රෑන්ඩීසා (Grandeeza) හෝටලය පැය ගණනාවක් කලහකාරින්ගේ පාලනයේ තිබිණි. ඊට කිලෝමීටරයක් පමණ මීගමුව දෙසට පිහිටි බේ ෆොන්ටේ (Bay Fonte) හෝටලය ද විනාශ කර දැමීය. එලෙසම මිගමුව රජයේ රෝහලේ සිට විනාඩි 5 කාලයක් තුළ වාහනයකින් ළඟාවීමට හැකි ඇවෙන්රා (Avenra) හෝටලය විනාශ කරන තුරු ද ආරක්ෂක අංශ නිහඩව සිටියේය.

පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියා මැයි 09 දින නිට්ටඹුව නගරයේ දී ග්‍රහණයට ගත් පිරිසක් දෙනෝදාහක් බලාසිටියදී ඔවුන් දෙදෙනා පහර දී මරා දැමීම විධායක බලතල යන්තමින්වත් පාවිච්චි වූ අවස්ථාවක සිදුවිය හැකිද? එම අපරාධය සිදුවන අවස්ථාවේදී යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානයේ සිටි නමුත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවට ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ සභාවේ ප්‍රධානියා ලෙස සරත් වීරසේකර චෝදනා කර ඇත.

රඹුක්කන පොලිස් වසමේ 2022 අප්‍රේල් 19 වන දින කලහකාරීන් පෙට්‍රල් ලීටර් 35,000 පුරවා තිබූ බව්සරයකට ගිනි තැබීම වැළැක්වීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙත ඉතාමත් අනුවණකාරි විය. මහත් විනාශයක් වැළැක්වූ පොලිසියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය. වෙඩි තැබීමට අණ දුන් කේ. බී. කිර්තිරත්න නමැති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රිමාන්ඩ් භාරයට පත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදා යාත්‍රාවකින් කොළඹ වරායෙන් පිටවන අවස්ථාවේදී එම නිලධාරියා සිටියේ හිරේය.

ඒ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පිහිටි නිවස ද ගිනිතබා විනාශ කර අවසාන ය. පාර්ලිමේන්තුව විනාශ කිරීම අන්තිම මොහොතේදී ව්‍යර්ථ කිරීමට හමුදාව සමත් විය. මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට ජිවිත තර්ජන එල්ල වූ බවට එතුමා මාර්තු 21 වැනි දින මැති සබයේදී කළ ප්‍රකාශය අද වනතුරු කිසිදු වගකිවයුත්තෙකුගේ අවධානයට යොමු වූයේ නැත.

ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැඩි පිළිවෙතක් අනුගමනය කළා නම් අරගලයට රොකට් වේගයෙන් ඉහළට එසවූ පොහොට්ටු පක්ෂය අරලියගහ මන්දිරයේ සිට ගාලු මුවදොර අරගල භූමියට එරෙහිව මෙහෙයවූ මුග්ධ ප්‍රහාරය එල්ල කිරීමට හැකි වන්නේ නැත. අරලිය ගහ මන්දිරයෙන් පිටතට පැමිණෙන පොලුවලින් සන්නද්ධව සිටින කණ්ඩායම ගාලු මුවදොර දක්වා පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝ සියලුම රූපවාහිනී නාලිකාවල ඇත. ඊට පෙර අරලියගහ මන්දිරය තුළ රැස්වීමේ වීඩියෝ ද ඇත. ආණ්ඩුවට එරෙහි මහා ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූ ආකාරය කිසිදු සැකයකින් තොරව වටහාගත හැකිය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.