ඉන්දියාවේ ආරක්ෂාව තර කරයි.... මොදිගේ දිවුරුම් දීමේ උත්සවය අද
අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අද (09) නවදිල්ලි අගනුවරදී පැවැත් වෙයි.
ඒ රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගිවීමට නියමිතය.
දින 44ක් අදියර 7ක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය පසුගිය දා සමත්වුණි.
එය වාර්තා අතරට එක්වන්නේ මෝදිගේ පක්ෂයද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අඛණ්ඩව ජයගත් තෙවැනි මහමැතිවරණය ලෙසය.
ජය තහවුරු කරගැනීමෙන් පසුව ඊයේ දිනයේදී නරේන්ද්‍ර මෝදි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරුණි.
ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින්, නව රජයට නායකත්වය ලබා දෙමින් අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙසට නරේන්ද්‍ර මෝදි පත් කෙරුණේ ඉන් අනතුරුවය.
ඒ අනුව, ඉන්දීය අගමැති මෝදිගේ නිල දිවුරුම් දීමේ උත්සවය අද පස්වරුවේ ඉන්දීය ජනපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හීදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා අසල්වැසි රටවල රාජ්‍ය නායකයින් ඇතුළුව 9000ක පමණ පිරිසක් ආරාධනා ලැබ සිටී.
ඒ අතර, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් මෙන්ම සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයාද එක්වීමට නියමිතය.
එමෙන්ම මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා ලැබ සිටීම විශේෂත්වයකි.
දැනටමත් නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇත්තේ අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සමගාමීවය.
ඒ අනුව අද සිටම දේශසීමා ආසන්න විශේෂ රථ වාහන පරීක්ෂා කිරීමක් ආරම්භ කර ඇති අතර හෙට, අගනුවර ගුවන්ගමන් තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ.
එමෙන්ම මහජන ඒකරාශී වීම් තහනම් කර ඇති අතර, රාශ්ට්‍රපති බවන් අවට කමාන්ඩෝ නිලධාරීන් සහ ස්නයිපර්වරුන් යොදවා ඇති අතර ඒ අවට ඩ්‍රෝන මගින් නිර්ක්ෂණය කෙරෙන බව සඳහන් ය.
විශේෂිත ආරක්ෂක ක්‍රමවේද යටතේ රාජ්‍යතාන්ත්‍රිකයින් නවාතැන් ගන්නා හෝටල් අවටද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.