
රුසියානු ඩ්‍රෝන යානා ප්‍රහරයකින් තවත් යුක්‍රේන ජෙට් යානයක් විනාශයි
රුසියානු යුද වාර්තාකරු ඇන්ඩ්‍රේ රුඩෙන්කො ගේ (Andrey Rudenko) නවතම යුද වර්තාවකට අනුව රුසියානු ගුවන් හමුදාවට අළුතින්ම එක්වී ඇති ලැන්සෙට් ( Lancet ) ඩ්‍රෝන යානයක්, යුක්‍රේන ගුවන් හමුද කඳවුරක ස්ථානගත කර ඇති Su-25 ප්‍රහාරක ජෙට් යානයක නියමු කුටියට සෘජුවම පහර දී විනාශ කිරීමට සමත්ව තිබේ.
ඇන්ඩ්‍රේ රුඩෙන්කො ඊයේ (11 ) ඔහුගේ ටෙලිග්‍රාම් සමාජ ගිනුමෙහි ඩ්‍රෝන ප්‍රහාරයේ කෙටි වීඩියෝවක්ද පල කර තිබුණි. ප්‍රහාරය යුක්‍රේනයේ ක්‍රිවෝයි රොග් නගරයට ආසන්න ඩොල්ජින්ට්සෙවෝ ගුවන් තොටුපළේදී සිදු කර ඇත. වෙනත් නිරීක්ෂණ ඩ්‍රෝන යානයක සවි කර තිබූ කැමරාවක රූගතවී ඇති දර්ශනවල දැක්වෙන්නේ කඳවුරේ නවතා ඇති යුක්‍රේන ප්‍රහාරක ජෙට් යානය වෙතටගමන් කරන බෝම්බය ප්‍රහාරක ජෙට් යානයේ නියමු කුටියටම එල්ල වන ආකාරයයි.
“මෙම ප්‍රහාරය විශේෂ ප්‍රහාරයක් වන්නේ යුක්රේන ප්‍රහාරක යානය කිලෝමීටර් 120 ක් දක්වා පරාසයක් සහිතව වැඩිදියුණු කළ ඩ්‍රෝන යානා මගින් විනාශ කර ඇති බැවිනි,” රුඩෙන්කෝට අනුව යුක්‍රේන ප්‍රහාරක ජෙට් යානය විනාශ වන්නේ රුසියාව අළුතින්ම නිෂ්පාදනය කර ඇති කිලෝ මීටර 120ක දුරක් දක්වා ගමන් කළ හැකි ප්‍රහාරක අවියකිනි. මෙම ප්‍රහාරය පසුගිය මාසයේ අග භාගයේදී වීඩියෝ පටයක සටහන්ව තිබූ ලැන්සෙට් ඩ්‍රෝන යානයක් මගින් එම ගුවන් තොටුපලේදීම නවතා තිබූ යුක්‍රේන MIG-29 ජෙට් යානයක් සාර්ථකව විනාශ කරන ආකාරයට බොහෝ සෙයින් සමාන වේ . මොස්කව් හමුදා මෑත කාලයේ දී " kamikaze UAV " ඩ්‍රෝන යානා වල පරාසය දීර්ඝ කිරීම සඳහා වැඩි දියුණු කිරීම් සිදු කර ඇති අතර, එම යානා වලට දුරස්ථ කඳවුරු වෙත ලංවී ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබේ.
Kalashnikov සමාගමේ අනුබද්ධිත Zala Aero සමාගම විසින් වැඩි දියුණු කරන ලද, " Lancet " ඩ්‍රෝන යානා වල ප්‍රභේද දෙකක් දැනට රුසියානු හමුදා විසින් භාවිතා කරනු ලැබේ. කුඩා මාදිලියේ " Lancet " ඩ්‍රෝන යානා වලට පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් රැගෙන විනාඩි 30ක් පියාසර කළ හැකි අතර විශාල මාදිලියකට කිලෝග්‍රෑම් 3ක් රැගෙන විනාඩි 40ක් පියාසර කළ හැකිය.
යානා දෙකම කිලෝමීටර 40ක පමණ පරාසයක් තුළ ක්‍රියාන්විත කළ හැකි යැයි විශ්වාස කළ ද සමාගම මෑතකදී “Lancet " ඩ්‍රෝන යානවල දෘඩාංග සහ මෘදුකාංග සංකීර්ණයේ නවෝත්පාදන ගණනාවක් කර ඇතැයි නිවේදනය කළේ වැඩිදියුණු කිරීම් “සෘජු ගුවන්විදුලි දෘශ්‍යතාවෙන් ඔබ්බට දිගු දුර ප්‍රහාර සක්‍රීය කරන බව” පවසමිනි. ”
https://www.rt.com/russia/584623-russian-drone-ukrainian-jet/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
