මෝදි තුන්වෙනි වරටත් ඉන්දියාව ජයගනී.... එහෙත් වාර්තාගත ජයක් ලබාගැනීමට නොහැකි වෙයි
අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී අදියර 07 ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වී ඇති අතර, ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණයේ ජය හිමිකර ගත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.
ඉන්දීය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරම ලද මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව මෝදිගේ සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 543 න් ආසන 292 ක් හිමිකර ගෙන තිබේ.
කොංග්‍රස් පක්ෂයේ නියෝජනයෙන් යුත් ඉන්දියානු ජාතික සංවර්ධන ඇතුළත් සන්ධානය නැතහොත් “ඉන්දියා” (I.N.D.I.A) සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 232 ක් හිමිකර ගෙන තිබේ.
සුළු පක්ෂ සඳහා ආසන 19 ක බලය හිමිව ඇත.
මහ මැතිවරණයට පෙර නිකුත් වූ පූර්ව මැතිවරණ මතවිමසුම් අනාවැකි පළ කළේ මෙවර මහ මැතිවරණයේදී මෝදිගේ නායකත්වයෙන් යුත් සන්ධානය බහුතර බලය ද සහිතව පාර්ලිමේන්තුවේ බලය හිමිකර ගනු ඇති බවයි.
එහෙත් මෝදි ප්‍රමුඛ සන්ධානයට මෙවර එවැනි වාර්තාගත ජයක් ලබා ගැනීමට නොහැකි වීම ඉන්දීය දේශපාලන කරළිය තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ.
එමෙන්ම විපක්ෂ සන්ධානය අපේක්ෂිත ආසන සංඛ්‍යාව ඉක්මවා ආසන හිමිකර ගනිමින් අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රබල අභියෝගයක් එල්ල කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, 2019 වසරේ පැවැති මහ මැතිවරණයේදී මෝදිගේ නායකත්වයෙන් යුත් පාලන බී ජේ පී පක්ෂය ප්‍රමුඛ NDA සන්ධානය හිමි කර ගත් ආසන සංඛ්‍යාව 352 ක් වුවත්, මෙවර එම ආසන සංඛ්‍යාව හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් හිමිකර ගැනීමට මෝදි අපොහොසත් වීම ඔහුට එල්ල වූ දැඩි අහියෝගයක් ලෙස ද එම වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, තුන්වැනි වරටත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය හිමිකර ගැනීමට සමත්ව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.