ජාතිකවාදයට.... දේශහිතෙෂීන්ට මොකද වුනේ... මොකද වෙන්නෙ.. මොකක් ද කළ යුත්තේ....?
යුද්ධය අවසන් වෙනවත් එක්කම මහින්ද විතරක් නෙවී.. රාජපක්ෂ නාමයම දේශප්‍රේමීන් වුනා.. ඒකට ජවිපෙ සහ ජාත්‍යන්තරයේ ලණු කාල මහින්දගෙන් ගේම ඉල්ලපු ෆොන්සේකාත් වගකියන්න ඕනේ.
මහින්ද පළමු වරට ජනපති වෙනකොට පට්ට දේශප්‍රේමියෙක් නෙවෙයි. රෝහණ පුත්‍ර දීලා.. ජවිපෙ හා සිහල උරුමය මැදිහත්වෙලා තමයි මිනිහාට ජාතික ඇඳුම අන්ඳවලා.. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ පිළිබිඹුව මහින්දට ලබා දෙන්නේ.. නමුත් යුද්ධයේ අවසානයේ ඒ ඒ පාර්ශව අතට යම් පමණින් හිමි විය යුතු සියලුම ගෞරව ෆොනී කල ඓතිහාසික වරද මත මහින්ද ට, රාජපක්ෂ නාමයට විතරක් නෙවී.. සාටකයටත් සින්න වුනා. ඒක නිසා ජාතික ව්‍යාපාරය සාටක පවුල් ගසට සම්පූර්ණයෙන්ම යට නොවුනත්.. එහි බෙදීම සමාජ ගතකරන්න එක අමාරු වුණා... ඒක කොච්චර දුරදිග ගියේ ද කිවහොත් ජාතික බලවේගත් පොහොට්ටු කාරයෝ වුනා හෝ කළා...
මහින්ද මුලින්ම එළියට එනකොට ජාතික ව්‍යාපාරය මතවාදීව විතරක් නෙවී.. සමාජීය.. දේශපාලනික හා ආර්ථික අතිනුත් ශක්තිමත් තැනක තිබුණා.. ඒ කාලයේ "මව්බිම ලංකා පදනම" වගේ "සූර්යසිංහ ලාංඡනය" යටතේ, "ගන්න අපේ දේ" වගේ තේමා යටතේ ක්‍රියාත්මක වූ දේශීය ව්‍යාපාර... ව්‍යාපාර හිමිකරුවන් ආරියශීල වික්‍රමනායකලා වගේ තව බොහෝ අය එළියට බැහැල ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වුනා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කලා.. ඒ නිසා ආර්ථික වශයෙන් ජාතික ව්‍යාපාරය ශක්තිමත් වුනා.. හොඳ ජවයක්.. බලයක් තිබුණා..
ජාතික ව්‍යාපාරය සාටක කාරණයත් සමඟ බැසිල් තම 10% යේ ශක්තියට මේ සියල්ල යටකලා.. මව්බිම ලංකා පදනම.. ආරියශීල වික්‍රමනායකලා වගේ දහසක් දේශහිතෛෂීන් අතුරුදන් වුනා හෝ කලා. ඒ සියල්ල මොළ හතකින්.. තනි අතකට ගන්නවාත් සමඟම ජාතික ව්‍යාපාරයට තිබූ.. ආර්ථික.. සමාජ.. දේශපාලන ස්වාධිපත්‍යය බිඳ වැටුණා. මාධ්‍ය අවකාශය අහුරලා දැම්මා. ඒ විතරක් නෙවී.. ඒ හා අනුබද්ධව කටයුතු කළ සහයෝගීතා කණ්ඩායම්.. ගිහිපැවිදි සංවිධාන දිය කර හැරියා. මේ සියලුම තාඩන පීඩන මැද සමහරු යටත් වුනා. පවතින ක්‍රමයට හැඩ ගැසුනා.. අන්තිම ඇණ දෙක ගලවා පෙට්ටිය වසා දැමීමට බැසිල් ඉතා සූක්ෂම ලෙස කටයුතු කළා.. ඒ විමල්.. උදය..පාරට ඇද දැමීමෙන්..... සාටක නඩය දැනගෙන හිටියා ජාතික ව්‍යාපාරය මොන ආකාරයෙන් මතවාදීව ශක්තිමත් වුනත්.. ආර්ථික වශයෙන් ඇදවැටී ඇති බව. නමුත් මේ රටට ආදරය කරන බොහෝ දෙනෙක් තම දරුවන්ට.. පවුලේ කටයුතු වලට වියදම් කරන්න තිබෙන ධනයෙන්.. තෙල් ටික.. ආහාර ටික හා අනෙකුත් වියහියදම් දරාගෙන මතවාදීව ජාතික ව්‍යාපාරය නොවැට්ටවා අල්ලාගෙන සිටියා..
බොහෝ දෙනා සිතන්නේ ගෝඨාභය පැනගිය නිසා ජාතික ව්‍යාපාරය.. සිංහල බෞද්ධ පදනම අහෝසි වුනා.. දිය වුනා.. ඉවර වුනා කියලා... ගෝඨාභය මේ ජාතියට ඓතිහාසික වරදක් කලා කියලා.. නෑ.. නෑ. කිසි සේත්ම නෑ.. අපගේ කියවා ගැනීම නම්... ෆොන්සේකා කල ඓතිහාසික වරද ගෝඨාභය නිවරදි කළ බවයි.. ඒ මන්ද යත් එදා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප්‍රමුඛ ජාතික හා වාම බලවේග එක්ව දිනාදුන් යුධ ජයග්‍රහණයේ ගෞරවය සාටක අයිතියට පවරා ගෙන සිංහවෙස් ගෙන්වාගෙන සිටි සාටක නරි රෑන හෙලිදරව් වීමයි. ඒ තුල කාලයේ වැලි තලාවෙන් වැසී තිබූ ජාතික ව්‍යාපාරයේ හිමිකම සැබෑ උරුම කරුවන් අතට පත්වීම යි.
ඒත් එක්කම ජිලිත් ජයවීර වගේ ව්‍යවසායකයන් අවසන් මොහොතේ හෝ ජාතික බලවේග සමඟ අත්වැල් බැඳ ගැනීම නිසා ජාතික ව්‍යාපාරයට අහිමිව තිබූ දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ ශක්තිය එකතු වීම ආර්ථික වශයෙන් එදා තිබූ මව්බිම ලංකා ලංකා පදනම - ආරියශීල වික්‍රමනායකලා වැනි ආයතන සහ දේශහිතෛෂීන් ගේ අඩුපාඩුව පිරිමැසීමකි.
මේ සියල්ල තුලින් අප දකින්නේ 10% යේ සාටක කල්ලියට යට වී තිබූ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයට සිය නිදහස හිමිවීමත් ලෙසටයි. එබැවින් මේ රටේ ඉදිරියේ දී.. සැබෑ දේශප්‍රේමීන්ට.. සැබෑ ජාතිකවාදීන් ට ස්වර්ණමය අවස්ථාවක් හිමි වීම කිසිම.. අන්තවාදී,, අවස්ථාවාදී,, හෝ කිසිදු පවුල් කල්ලියකට නතර කර නොහැකි වනු ඇත.
එමෙන්ම දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය මේ මොහොතේ වහ වහා ක්‍රියාත්මක කළ යුතු පියවර ගණනාවක් ඇත. එනම් ආරියශීල වික්‍රමනායකලා,, ජිලිත් ජයවීරලා වැනි තවත් රටට, ජාතියට හිතැති දේශීය ව්‍යාපාරිකයන් හා මව්බිම ලංකා පදනම වැනි ව්‍යාපාරික සංවිධාන තව තවත් දහස් ගණන් සම්බන්ධ කර ගැනීමයි.. ඒ වගේම දුර්වල කල.. දුර්මුඛ වූ.. ගිහි පැවිදි අනුබද්ධ සංවිධාන හා පිරිස්.. වත්මනට ගැලපෙන ලෙස නැවත වටයකින් බලමුලු ගන්වාගෙන, ජාතික ව්‍යාපාරය වටා ශක්තිමත් බලකඳවුරක් නිර්මාණය කර ගැනීම යි...!
- චන්දන සපුවිතාරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..