News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික පරිවර්තන නීතියට ජනපති රනිල් සහාය ඉල්ලයි

Jun 3, 2024 at 10:33 AM
|

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා විවේචන පහසු වුවත් විසඳුම් අසීරු බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

කිසිඳු දේශපාලන පක්ෂයකට රට ඉදිරියට ගෙන යාමේ සැලැස්මක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එවන් සැලැස්මක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොමැති නම් රටේ අනාගතය වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතියට සහාය ලබා දෙන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

"මීට වසර 04කට පෙර අප මැතිවරණයකට ගියේ එක් මාතෘකාවක් පදනම් කර ගනිමිනුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. 2020 අයවැය මගින් බදු අඩු කිරීම නිසා ආදායම් නැති වෙනවා. විදේශ විනිමය නැති වෙනවා. ඒ නිසා අපේ පළමු කාර්ය වන්නේ මේ රටට ඩොලර් බිලියන 03ක සංචිතයක් අවශ්‍යයි කියලා එදා අප ප්‍රකාශ කළා. කිසිවෙක් එදා එය පිළිගත්තේ නැහැ. මේ මොනවද කථා කරන්නේ කියලා අපේ කණ්ඩායමක් සමගි ජන බලවේගය හදන්න ඉවත්වී ගියා.

ජනතා විමුක්ති පෙරමුණ සිනහා වුණා. පොහොට්ටුව විවේචනය කළා. එක්සත් ජාතික පක්ෂය තනි වුණා. නමුත් අප එයින් ඉවත් වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සැමදා සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. කෙතරම් තිත්ත වුණත් ඇත්ත කියනවා.

එදා අප එකතුවෙලා එම මුදල් සොයා ගත්තා නම් අද මෙවන් පීඩාවකට පත් වන්නේ නැහැ. රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ. අවසානයේ අප අමාරුවේ වැටී වෙනත් රටවල ආධාර ලබා ගන්නා විට අපට ඉන්දියාව දුන්නේ බිලියන තුන හමාරයි.

අප දැනුම් දුන්නට වැඩිය මිලියන 500ක් පමණයි වැඩි වුණේ. වසර දෙකකට පසුව එම අගය වැඩි වීම පුදුමයක් නොවෙයි. 2020දී එය බිලියන 03යි. එම බිලියන තුන හමාරෙන් තමයි අප වසර එක හමාරක් ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ. 2020 එම බිලියන 03 ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන්නා නම් මෙවන් ඉරණමක් රටට අත් වන්නේ නැහැ.

එදා ආහාර නැති වුණා, පොහොර නැති වුණා, ඉන්ධන නැති වුණා, කර්මාන්ත ශාලා වැසි ගියා, ආදායම් මාර්ග අහිමි වුණා. සියලු දෙනා පීඩාවට පත් වුණා. එවිට අරගලයක් ආරම්භ වුණා. මෙම අරගලය සිදු වුණේ පොහොට්ටුවේ ආණ්ඩුවට විරුද්ධවයි. නමුත් මැයි 09 දා ගාලු මුවදොර පිටියට පැමිණෙද්දි විපක්ෂනායවරයාත්, අනුර දිසානායක මන්ත්‍රීවරයාත් පන්නා දැමුවා.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වුවායින් පසු සම්ප්‍රදායිකව සජිත් ප්‍රේමදාස මහත්තයට අගමැති ධූරය භාර ගන්නා ලෙස දැනුම් දුන්නා. නමුත් ඔහු ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. ආර්. ප්‍රේමදාස මහතා හෝ ජේ.ආර් ජයවර්ධන මැතිතුමා සිටියා නම් මෙම අවස්ථාව අත හරින්නේ නැහැ. එයයි සැබෑ එක්සත් ජාතික පක්ෂයය.

ජනතා විමුක්ති පෙරමුණත් පැන ගියා. ඔවුන් කිසිවෙකුට විසඳුමක් තිබුනේ නැහැ. පැරණි දේශපාලනය සිදුකරමින්, බොරු කරමින් සිටින ඔවුන්ට විසඳුමක් තිබුණේ නැහැ.

මම බය නැනිව අගමැතිකම බාරගත්තේ මා තුළ විසඳුමක් තිබු නිසයි. එදා ප්‍රකාශ කළ පරිදි බිලියන 03ක මුදලක් සොයා ගත්තොත් මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකි බව දන්නා නිසා මම ඒ අනුව කටයුතු කළා. ඉන්පසුව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මේ රටේ ජනතාව 2023 නත්තල, පහුගිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරූ අන්දම, වෙසක් සැමරූ අයුරු දුටු විට එම වෙනස මනාව පැහැදිළි වෙනවා.

අද ගොවි ජනතාව හොද අස්වැන්නක් ලබනවා. නමුත් අප තවමත් මෙම අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. එදිනෙදා ජීවිතය ගත කිරීමට පමණයි. මෙම ක්‍රමවේදය තුළින් හැකිව තිබෙන්නේ. අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දී තිබෙනවා. ඒ වගේම අඩු ආදයම්ලාභී ජනතාවට සහල් ලබා දෙනවා.

ඒ වගේම උරුමය වැඩසටහන හරහා ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. එළැඹෙන මාසයේ කොළඹ තට්ටු නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාව 50,000ක් වෙනුවෙන් එම නිවාසවල අයිතිය ලබා දෙනවා.

අද රටේ තත්ත්වය ගැන කියනවා නම් 2023 අවසානයේ දී ඩොලර් බිලියන 83ක් අපේ ණය තිබුණා. 2023 අවසානයේ රුපියලේ වටිනාකමින් කියනව නම් රුපියල් බිලියන 28,000ක්. එය අපේ සම්පුර්ණ දළ දේශීය නිෂ්පාදනයට වැඩි අගයක්. සම්පූර්ණ වාර්ෂික ආදායමට වඩා ණය වී තිබෙනවා නම් එයින් ගොඩ එන්නේ කොහොමද? ඒ සඳහා අලුතින් ආදායම් මාර්ග ඇති කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඊළග වසර 05 තුළ අප මෙම ආර්ථික ස්ථාවරභාවය ඇතිකරගන්නේ කොහොමද කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප ගිවිසුමකට එළැඹ තිබෙනවා. එය කඩකළහොත් නැවත ඔවුන්ගේ සහාය අපට හිමි වන්නේ නැහැ.

අපේ විදේශ ණය නැවත ගෙවීමට 2027 සිට 2042 වන තෙක් අපට කල් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව අප මෙම ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියා සිතිය යුතුයි. මෙම ණය ගෙවීම පමණක් නොවෙයි අප තවම ආනයන පදනම් කරගත් ආර්ථිකයක් නිසා සෑම වසරකම අපට විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා.

එවිට දැනට තිබෙන බිලියන 83 ණය මුදල තවත් ඉහළ යනවා. එවිට තවත් වසර 05ක් ගත වන විට නැවත රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙනවා. එසේ නම් අප ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. එයයි දැන් අප හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ.

මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් අප නව නීති ගෙන එනවා. මෙම ප්‍රශ්නයෙන් පැන යාමට කිසිදු පක්ෂයකට ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලනවා. මේ ප්‍රශ්නයෙන් විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු පැන යන්න හොද නැහැ. ඒ වගේම මාධ්‍යයත් මේ ප්‍රශ්නයෙන් පැන යාමට හොද නැහැ. සියලුදෙනා මේ ප්‍රශ්නය පිළිබඳ අවධානයෙන් කටයුතු කළයුතුයි.

අප එක්සත් ජාතික පක්ෂය ලෙස අනෙක් මන්ත්‍රීවරු සියලුදෙනා සමග එක්වෙලා මේ ප්‍රශ්නයෙන් රට බේරගත්තා. දැන් අප ඉදිරියට යා යුතුයි. එක් පක්ෂයක්වත් මෙතෙක් තම වැඩපිළිවෙළ ඉදිරිපත් කර නැහැ. ඔවුන්ට එය ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. නමුත් අපි ආණ්ඩුවක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මිත්‍ර රටවල් සමඟ ඇතිකරගත් එකඟත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිගත කිරිමට කටයුතු කරනවා.

ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට රටේ ආර්ථිකය පරිවර්තනය කිරීමට මේ නීතිය ඉදිරිපත් කර තිබෙනවා. එම ඉලක්ක අනුව කටයුතු කිරිමෙන් පමණයි මේ රට දියුණු කිරීමට හැකියාව ලබෙන්නේ.

එසේනම් අද 100 අගයට වඩා ඉහළින් තිබෙන අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 100 වඩා ඉහළින් තිබෙන ණය 2032 වන විට 95%කට අඩු කිරීමට තිබෙනවා. පළමු කාරණය එයයි. එය මතක තබාගත යුතුයි. අපට මුහුණ දීමට තිබෙන මීළග ප්‍රශ්නය මෙය බව සියලුදෙනා දැනුවත් කළ යුතුයි.

ඒ වගේම අපේ දළ දේශීය නිෂ්පාදනය 2027 වන විට 5%ක් බවට පත් කර ගත යුතුයි. අප සීග්‍රයෙන් දියුණු වීමට නම් දළ දේශීය නිෂ්පාදනය වසර 10ක්වත් 8%ක අගයක පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම 2025 වන විට විරැකියාව 5%කට අඩු කළයුතුව තිබෙනවා. අපනයන ආර්ථිකයක් බවට පත්වීමට නම් අපේ අපනයන ආදායම 2025 වන විට දළ ජාතික නිෂ්පාදනයෙන් 25%ක් විය යුතුයි.

2030 වන විට 40%ක් බවට පත්විය යුතුයි. එය 2040 වන විට 60%ක් විය යුතුයි. මෙම ඉලක්කය අනුව 2040 වන විට අපේ රට අපනයන ආර්ථිකයක් බවට පත් කළයුතුයි. එය සිදු කිරීමට විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. 2030 වන විට අවම වශයෙන් විදේශ ආයෝජන 5%ක්වත් විය යුතුයි. ඒ සමගම අපට ලැබෙන විදේශ ආයෝජන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් යෙදවිය යුතුයි.මෙම ඉලක්ක සමග ඉදිරියට ගියහොත් අපට රටක් වශයෙන් ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. මෙම ඉලක්ක පිළිගන්නාවද නැද්ද කියලා මම සියලුදෙනාගෙන් අහන්න කැමතියි. ආර්ථික පරිවර්තන නීතිය පිළිගන්න, නැත්නම් වෙනත් වැඩසටහනක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැතිව මුදල් ලබා ගැනීමට වෙනත් මාර්ගයක් නැහැ. නිකන් කතා කරන්න පුළුවන්.

නමුත් විසදුමක් නැහැ. ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරනවා කියලා.

කඩේට ගිහින් තව මාසයකට ණය දෙන්න කියලා මුදලාලිට කියනවා වගේ මේවා කරන්න බැහැ. මේ පිළිබඳ අවබෝධයක් නැති අයයි මේවා ගැන කථා කරන්නේ. මේ පිළිබද අපට වසර දෙකක් සාකච්ඡා කරන්න වුණා.

ඒ නිසා බොරු ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව මේ පිළිබඳ විධිමත් වැඩසටහනක් තිබෙනවනම් ඉදිරිපත් කරන්න, නැත්නම් මෙයට සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. 2020 අපි මේ පිළිබඳ කියද්දි සියලුදෙනා එය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අප මේ තත්ත්වයට පත් වුණා. ඒ නිසා මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ප්‍රතික්ෂේප කළොත් අප තවත් අගාධයට ඇද වැටෙනවා. එසේනම් ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් සැලැස්මක් තිබිය යුතුයි. කිසිවෙකුට එවැනි සැලැස්මක් නැති නිසා සියලුදෙනා එකට එකතුවී මේ රටේ ආර්ථික පරිවර්තන නීතියට සහාය ලබා දෙන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. විවේචනය පහසුයි. නමුත් විසදුම් අසීරුයි. ඒ නිසා විවේචනය කරන්නේ නැතිව විසදුම ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ පවුලේ පිරිස ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් සහගත ප්‍රකාශ නිකුත් කෙරෙන බව ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.