News Category
From Date
To Date
Maximum Number of Result

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේදී වෛද්‍ය චමල් සංජීවගේ සහ වෛද්‍ය ජයරුවන්ගේ නම් හළලා - ලේඛනය අත්හිටුවා වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලයි

Jun 3, 2024 at 07:45 AM
|

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරු ඇතුළු  සුදුසු කම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලේඛනයේ නම සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට ඇති අතර වහාම මේ සිදුවී ඇති අසාධාරණය .සම්බන්ධයෙන් විමර්ශනයක් කොට තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා ඇත.

සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම සිදුකළ පසුව සම්මුඛ පරීක්ෂණය ලබාගන්නා ලකුණු මත රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීම සිදු කරන අතර එහිදී අදාළ රෝහල් අධ්‍යක්ෂකවරුන් සම්බන්ධව යම් විමර්ශනයක් පවතින්නේ නම් ඔවුන් ලබාගත් ලකුණු සහ ලකුණු අනුපිළිවෙල ප්‍රකාශයට පත්කොට ඔවුන්ට පත්වීම් ලබාදීම පමණක් තාවකාලිකව ප්‍රමාද කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් එම ක්‍රමය යටතේ රෝහල් අධ්‍යක්ෂ හා වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සිදුකළද ඉතිහාසයේ පළමුවරට මෙම ක්‍රමය වෙනස් කරමින් පළමු සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම සුදුසුකම් ලබන ලද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍යවරුන් කීපදෙනකුගේ නම් ඉවත්කොට ඔවුන්ට වඩා සුදුසුකම් අඩුවෙන් පැවති වෛද්‍යවරුන්ගේ නම් ඇතුළත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා විසින් 01/06/2024 දින පත්වීම් ලිපි නිකුත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව තමන් සම්මුඛ පරීක්ෂණය වෙත කැඳවීමත් සම්මුඛ පරීක්ෂණය සුදුසුකම් ලබා තිබියදී සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය අනුගමනය නොකොට වෙනස් ලෙසට සලකමින් තමාගෙන් නම් සුදුසුකම් අනුපිළිවෙල මත පත්වීම් ලේඛනය ප්‍රකාශයට පත් නොකිරීම ඉතාමතා සිදුකළ පෞද්ගලික පළිගැනීමක් වන බැවින් වහාම මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ලබාගන්නා ලෙස රාජ සේවා කොම්ෂන් සභාවේ ඉල්ලීමට ඒ මහත්වරුන් කටයුතු කර ඇති අතර මේ සම්බන්ධව අධිකරණය ක්‍රියාමාර්ග ලබාගන්නා බවද ඔවුන් දැනුම් දී සිටි.

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ පවුලේ පිරිස ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් සහගත ප්‍රකාශ නිකුත් කෙරෙන බව ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.