2025 වන විට ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් කළ යුතුයි... AI එහි ප්‍රධාන භූමිකාවක් - ජනපති රනිල් කියයි
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්‍රම රට තුළ ප්‍රවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
AI තාක්ෂණය මෙරටට හඳුන්වාදීම පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.
කෘතිම බුද්ධිය මෙරට විවිධ ක්ෂේත්‍ර සඳහා හඳුන්වාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සමඟ පෙරේදා (30) පැවැත්විය.
ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් මේවන විට සිදුකරමින් පවතින ව්‍යාපෘති පිළිබඳ ද අදහස් පළකළේය.
''තාක්ෂණය ගැන සැලකූ විට ශ්‍රී ලංකාවට විශාල පිම්මක් පනින්න ඕනේ. තාක්ෂණය අතින් අපි ගොඩක් පසුපසින් ඉන්නවා වගේම තාක්ෂණික දැනුම ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදාගෙන නැහැ. නව ක්ෂේත්‍රය තමයි AI නැතිනම් කෘත්‍රිම බුද්ධිය. අපිට AI අංශයෙන් පසුබසින්න බැහැ අපි AI සමඟ ඉදිරියට යනවා නම් අනෙක් තාක්ෂණික දැනුමත් ඒ සමඟ වැඩි දියුණු කරගන්න හැකි වේවි. අනාගතයේදී අපිව විනිශ්චය කරන ප්‍රධානම මිනුම් දණ්ඩ වන්නේ අපි AI භාවිත කරන ආකාරයයි.
එහිදී අපට අපහසුතාවයට පත්වන්න බැහැ. තොරතුරු තාක්ෂණයේදී අප කළ වරද මෙහිදී කරන්න බැහැ. තොරතුරු තාක්ෂණයේදී අප සැමවිටම අවධානය යොමු කළේ ව්‍යාපෘති පිළිබඳ මිස ඒවායේ යෙදීම පිළිබඳ නොවේ. ඒ නිසා අප එය ජාතික වශයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵලය තමයි ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපි පසුපසින් පසුවීම. අපි තාක්ෂණික අමාත්‍යාංශය හා එක්ව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතන පිහිටුවීමට කටයුතු කරනවා. ඩිජිටල්කරණය හරහා සමාජ ආර්ථික පරිවර්තනයක් ද සිදුකළ යුතුයි. එය ව්‍යාපෘතියකින් ඔබ්බට ගිය තත්ත්වයක්.
අප ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කරමින් පවතින නිසා මෙය ඉතාමත් වැදගත් වනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා මේවන විට අවසන් අදියරේ පවතිනවා. අපිට පවතින ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලයක් ලබා දී තිබෙනවා. ඒ නිසා 2025වන විට අපි ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇතිකළ යුතුයි. AIවලට එහි ප්‍රධාන භූමිකාවක් පවතිනවා. ඒ හේතුව නිසයි මම AI දිරිමත් කරන්නේ.''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?