රටේ පාසල් 1000ක් වැහැලා - අගමැති කියයි
රට තුළ විද්‍යාල ඇරඹෙනවාට වඩා විද්‍යාල වැසීයෑමේ අභියෝගයට මුහුණ දෙන යුගයක් ලෙස මේ කාල පරිච්ඡේදය හඳුන්වා දීමට හැකි බවත්, 1000ට වැඩි විද්‍යාල ප්‍රමාණයක් අද වන විට වැසී ගොස් ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන මත සීතාවක අධ්‍යාපන කලාපයේ ඉළුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල හා එළිමහන් රංග පීඨය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අගමැතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා,
"1961 එවක අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය පාසල් රජයට ගැනීමේ පනත ගෙන එනකොට රට තුළ විරෝධතාවක් ගොඩ නගන්නට ඇතැම් අය කටයුතු කළා. මගේ පියාත් මේ පනතට අත ඔසවපු පුද්ගලයෙක්. එදා මැතිනිය ඒ ගෙනා පනත නිසා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසකගේ නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය දිනා දීමට හැකිවුණා. කන්නංගර මැතිතුමා ගෙනා නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළට මැතිනිය හඳුන්වා දුන් මේ පනත මගින් විශාල ශක්තියක් එක් කලා කියලා කියන්න පුළුවන්.
එදා මේ ග්‍රාමීය පාසල්වලට නවීන ගොඩනැඟිලි, පරිගණක විද්‍යාගාර වැනි නවීන පහසුකම් කිසිවක් තිබුනේ නෑ.පොල් අතු මඩු විදියට තිබුන මේ පාසල්වලට ආ ගුරු දෙවිවරු සියලු අපහසුතා මධ්‍යයේ මතු පරපුර වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුකම නිවැරදි ලෙස ඉටු කළා. ඒ අඩු පහසුකම් සහිත පාසල් පද්ධතිය වෙනුවට වඩා ශක්තිමත් පාසල් පද්ධතියක් ලාංකීය දරුවන්ට උරුම කර දීම වෙනුවෙන් තමයි සිරිමාවෝ මැතිනිය 1961 මේ කියන පනත ගෙනාවේ. ලාංකීය දරුවන්ගේ අනාගතය වඩා දීප්තිමත් කිරීම වෙනුවෙන් අතීතයේ ගත් විවිධ ක්‍රියා මාර්ග වල ප්‍රතිඵලයක් ලෙස අද දවසේ අපි භුක්ති විදින අධ්‍යාපනය දැයේ දරුවන්ට උරුම කර දීමට අපිට හැකි වෙලා තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?