බුද්ධ ධර්මය විකෘති කරමින් සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදය පෙළගැසෙයි
මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු වී තිබේ.
ඒ, පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේ දී.
මේ සඳහා සහභාගී වූයේ පූජ්‍ය ගලගම කුසලධම්ම් හිමි, පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි, පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ හිමි, සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, වෛද්‍ය මනොජ් කුමාර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ඉසුරු උපනාද, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ශකිල රාජකරුණා, ශාන්ත කුමාර යන අයයි.
මීට අමතරව මේ සඳහා මිස්සක කමලසිරි හිමි සූම් තාක්ෂණය ඔස්සේ අමෙරිකාවේ සිට කාරක සභාව වෙත සම්බන්ධ වී තිබේ.
මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් උක්ත කරුණ සම්බන්ධව අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග තවමත් ගෙන නොමැති බවයි.
එ නිසා බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම පිණිස අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සිය සංසදයේ අරමුණ බවද සමරවීර පෙන්වා දුන්නේය.
මෙහිදී, බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍ය මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් නොයෙක් මාධ්‍ය භාවිත කරමින් ගෙනයනු ලබන ප්‍රචාරයන් පිළිබඳ පැමිණ සිටි පිරිස විසින් දිර්ඝ වශයෙන් උදාහරණ දක්වමින් පැහැදිලි කිරීම සිදු කෙරුණි.
බෞද්ධ දර්ශනය විකෘති කොට සම්පාදනය කරනු ලබන ග්‍රන්ථ විශාල වශයෙන් ජනගත කෙරෙන බවද පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා උදාහරණ දක්වමින් පෙන්වා දෙන ලදී.
මෙසේ විකෘති දත්ත සහිත ග්‍රන්ථ ජනගතවීම මගින් බෞද්ධ දර්ශනය පිළිබඳ වැරදි අදහස් ජනතාව අතර, පැතිරෙමින් පවතින බවද උන් වහන්සේලා පෙන්වා දී ඇත.
එමගින් භික්ෂු ශාසනය, පැවිදි උපසම්පදාව මෙන්ම ශාසන චාරිත්‍ර ආදී කාලාන්තරයක් තිස්සේ ආරක්ෂා කරන ලද සංකල්ප පිළිබඳ අප්‍රසාදයක් ඇති වන අයුරින් මෙම ප්‍රචාරණයන් සිදු කරන බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මේ නිසා බුදුරජාණන් වහන්සේ යනු මන:කල්පිත චරිතයක් බවට ජනතාවට ඒත්තු ගන්වා බෞද්ධ ශාසනය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමිම සිදුවන බවද ස්වාමීන්වහන්සේලා විසින් පෙන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.
මෙයට අමතරව බෞද්ධ දර්ශනයට, බුද්ධ චරියතයට අපහාස කරමින් ප්‍රචාරයන් ගෙනයන පිරිස් මෙරට මෙන්ම වෙනත් විදේශ රටවලද විවිධ ව්‍යාපාරවල නියැලෙමින් විශාල ලෙස ධනය යොදවමින් මෙම කාර්යය සිදුකරන බව පැමිණ සිටි පිරිස පෙන්වා දුන්හ.
මෙය ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ශ්‍රී ලංකාව රටක් ලෙස බිඳ වැට්ටීම සඳහා ගෙනයන කිසියම් කුමන්ත්‍රණයක එක් මුහුණුවරක් වියහැකි බැවින් සමස්තයම සලකා බලා පියවර ගත යතු බවත් ඔවුහු පෙන්වා දී ඇති අතර, මෙම ක්‍රියා හේතුවෙන් සමාජ ප්‍රචණ්ඩකරණය හා සංස්කෘතික බිඳ වැට්ටීම සිදු වී තිබේ.
මේ තත්ත්වය වැලැක්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීම, ශ්‍රී ලංකාවේ ඒකීය පදනමට බලපාන ඓතිහාසික මූලාශ්‍ර විකෘති කිරීම වැලැක්වීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් කළ යුතු බව විද්වත්හු මෙහිදී පෙන්වා දුන්හ.
මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉදිරිපත්වන සියළු යෝජනා සහ අදහස් ඒකරාශි කොට බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍ය මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමේ ප්‍රචාරයන් වැළැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ සංසදය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?