News Category
From Date
To Date
Maximum Number of Result

කියුබානු රාජ්‍යය, "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" ගැන දැඩි විරෝධය පළ කරමින් මෙරට ඇමරිකානු තානාපතිනියට විමල්ගෙන් ප්‍රබල ලිපියක්

May 31, 2024 at 01:16 PM
|

කියුබානු රාජ්‍යය "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" පිළිබඳව දැඩි විරෝධය පළ කරමින් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය වෙත ලිපියක් යොමුකර තිබේ.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ රාජ්‍යයන් ලොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු රටකට අනුමත කළ නොහැකි ඉරණමකට ඇද දමා ඇති බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය සිංහල සහ ඉංග්‍රීසියෙන් පහළින් දක්වා තිබේ...  

ගරු ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලි ජේ. චන්ග්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය,
කොළඹ.

ගරු තානාපතිතුමියනි,

කියුබානු රාජ්‍යය "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" පිළිබඳව දැඩි විරෝධය පළ කිරීම

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 මැයි 16 වැනි දින ප්‍රකාශයට පත් කර ඇති "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්හි ලයිස්තුවට" කියුබානු රාජ්‍යය ද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පළමුකොටම, සහේතුකව දැඩි විරෝධය පළ කර සිටින්නෙමු.

මෙම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්හි ලැයිස්තුව" සැකසීමෙහි ඉතිහාසය 1979 දෙසැම්බර් 02 වැනිදායින් ඇරඹෙන බව දැක ගත හැක. ඊට ඉරාකය, ලිබියාව, දකුණු යේමනය හා සිරියාව යන රටවල් ඇතුළත් කර තිබිණි.

මෙම රාජ්‍යයන් එලෙස "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කිරීමෙන් පසුව ඒවාට අත් වූ ඉරණම ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු ශිෂ්ටසම්පන්න රාජ්‍යයකට අනුමත කළ නොහැකි බව නිදසුන් සහිතව ඔබතුමියට පෙන්වාදීමට කැමැත්තෙමු.

1992 පෙබරවාරි මාසයේ ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම යටතේ නිර්මාණය කළ බවට සැලකෙන ඉරාන - ඉරාක යුද්ධයේදී ඉරාකයට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් බව ලොවට රහසක් නොවීය. එහෙත් 1990 සැප්තැම්බර් 13 වැනිදා යළි ඉරාකය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය  දෙපාර්තමේන්තුවේ ඉහත කී ලැයිස්තුවට එකතු කර ඇත්තේ "ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම" යන චෝදනාව පෙරට දමමිනි. 2004 ඔක්තෝබරයේදී ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණ ද සුන්බුන් බවට පත් වූ ඉරාක රාජ්‍යයක් ලොව ඉදිරියේ විද්‍යාමාන විය.

එලෙසම "අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය" ලෙස විරුදාවලිය ලත් ලිබියාව 2006 මැයි 15 වැනිදා එම ලැයිස්තුවෙන් ඉවත් කරන විට යුද්ධයෙන් විනාශ වූ රටක් බවට පත්ව තිබිණි. තවද ලිබියාව ලොව සමාජ - ආර්ථික දර්ශකයන්හි හිනිපෙත්තටම ගෙනයාමට නායකත්වය දුන් බවට මුළුමහත් ලොවම අවිවාදිතව පිළිගත්  ලිබියානු ජනාධිපති මුවම්මර්  ගඩාෆි මැතිතුමන් ශිෂ්ටසම්පන්න ලොව කිසිසේත්ම අනුමත නොකරන මරණයකට ගොදුරුව තිබිණි.

එලෙසම දකුණු යේමනයට සිදුව ඇත්තේ කුමක්ද? එය 1990 මැයි 22 වැනිදා ඉහත ලැයිස්තුවෙන් ඉවත් කරන විට උතුරු සහ දකුණු යේමන රාජ්‍යයන් ඒකාබද්ධ කොට යේමන සමූහ ආණ්ඩුව පිහිටුවා තිබිණි. අද වන විට දකුණු යේමනය නැමති රාජ්‍යයක් ලෝක සිතියමෙහි දැකගත හැකි නොවේ. තවද 1993 අගෝස්තු 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ සුඩානය 2020 දෙසැම්බර් 14 වැනිදා එම ලයිස්තුවෙන් ඉවත් කළ ද එය අද පවතින්නේ මිනීකඳන් ගොඩගැසෙන රටක් ලෙස ය. එපමණක් ද තම රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලයිස්තුවට" එක් කර ඇති ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රාසි මැතිතුමන් ලොවම කම්පාවට පත් කළ හදිසි අනතුරකින් මියගිය පසුව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්  ඇන්ටනී බ්ලින්කන් මැතිතුමා ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය ද  කිසිසේත්ම අනුමත කළ හැකි නොවේ. බ්ලින්කන් මැතිතුමන්ට අනුව එම මරණය ඉරාන වැසියන්ට "වඩා හොඳ" කලක් උදා කරන්නකි.

මේ ඉහත කී සියලු කරුණු  දැඩිව අවධාරණය කර සිටින්නේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ රාජ්‍යයන් ඒවායේ මිත්‍රශීලී රටවලට පමණක් නොව ලොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු රටකට අනුමත කළ නොහැකි ඉරණමකට ඇද දමා ඇති බවය.

මෙම අවාසනාවන්ත ලෝක ප්‍රවණතාවය පැරදවීම කෙරෙහි කැප වී සිටින රටවල් සහ කියුබානු රාජ්‍යයේ මිත්‍රශීලී රටවල්  ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියුබානු රාජ්‍යය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට දසතින් විරෝධය පළ කරන මේ මොහොතේ කියුබානු රාජ්‍යයේ මිත්‍රශීලී රටක් වන ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස අපගේ විරෝධය ද මෙලෙස පළ කළ සිටින්නෙමු.

ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ(පා.ම.)
සභාපති 
ජාතික නිදහස් පෙරමුණ,
2024-05-30



සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.