ඊශ්‍රායලයේ යුද ගැටුම් තවත් උග්‍ර වෙයි... සංගීත සංදර්ශනයකට එල්ල වූ ප්‍රහාරයකින් 260ක් මරුට
හමාස් ත්‍රස්තයන් සෙනසුරාදා (7 දා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයකට සහභාගිවෙමින් සිටි තරුණ තරුණියන් 260 ක් එම ස්ථානයේදී ම ඝාතනය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
තුවක්කුකරුවන් මේ තරුණ තරුණියන් පසුපස පන්නමින් වෙඩිතබා ඇත. සහන සේවකයන් විසින් තැන තැන විසිරී තිබූ මළ සිරුරු 260 ක් එකතු කරගෙන තිබේ.
හමාස් ප්‍රහාරකයන් තැන් 22 කින් ඊශ්‍රායලයට ඇතුළු වී ප්‍රහාර එල්ල කර ඇති අතර, ඊයේ (9 දා) දිනයේදීත් හමාස් ත්‍රස්ත කණ්ඩායම් හා ඊශ්‍රායල් ආරක්‍ෂක අංශ අතර දකුණු දිග ඊශ්‍රායලයේ නගර කිහිපයක ගැටුම් ඇවිළිනි.
සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් නේපාල ජාතිකයන් දසදෙනකු ද ඝාතනයට ලක්වී ඇත.
ඊයේ වනවිට මේ ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල් වැසියන් සංඛ්‍යාව 700 ඉක්මවා තිබූ අතර තුවාල ලැබූ පිරිස දෙදහස ඉක්මවා තිබිණි.
සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදා විසින් ගුවන් ප්‍රහාර 800 කට වඩා ගාසා තීරය වෙත එල්ල කර ඇත.
හමාස් ත්‍රස්ත ප්‍රහාරකයන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන් ප්‍රමාණය සියය ඉක්මවා තිබේ.
මෙම පිරිස බේරා ගැනීම වෙනුවෙන් වෙනම නිලධාරියෙක් පත් කිරීමට ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණයක් ගෙන ඇත.
මේ අතර හමාස් සංවිධානය පවසන්නේ තමන් විසින් පැහැරගෙන ගාසා තීරයට ගෙනඑනු ලැබූ ඊශ්‍රායල වැසියන් සිරගත කර සිටින පලස්තීන සිරකරුවන් සමඟ හුවමාරුවට සූදානම් බවයි.
මේ අතර ගාසා තීරයට එරෙහි ආක්‍රමණය සඳහා ඊශ්‍රායල් භටයන් ලක්‍ෂයක් කැඳවා ඇති අතර, ගාසා තීරයට එල්ල වන ප්‍රහාර නිසා මියගිය පලස්තීන වැසියන් ප්‍රමාණය හාරසියය ඉක්මවා ඇත.
එමෙන්ම ගාසා තිරයේ ලක්‍ෂයකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්