ශ්‍රී ලාංකික ISIS සැකකරුවන් ගැන පරීක්ෂණ කරන්න ඉන්දීය ත්‍රස්ත විරෝධී බළකායේ පිරිසක් ලංකාවට... පාකිස්තානයේ සිට ආයුධ එවූ හැටිත් හෙළිවෙයි
ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකික ISIS සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා ගුජරාට් ත්‍රස්ත විරෝධී බළකායේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම සැකකරුවන් සිව් දෙනා පසුගිය මැයි 20 වනදා අහමදාබාද් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි.
මේ වනවිට මෙරට ආරක්ෂක අංශ විසින් එම සිව් දෙනා හා සම්බන්ධතා පැවැත්වූ තවත් සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔස්මන්ඩ් ජෙරාඩ් නම් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි.
ඔහු ව අත්අඩංගුවට ගැනීමට තොරතුරු දෙන අයෙක්ට රුපියල් මිලියන 2ක ත්‍යාග මුදලක් ලබාදෙන බව පොලීසිය පසුගියදා නිවේදනය කළේය.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ 20 වනදා අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව් දෙනා "අබු පාකිස්තානි" නම් දේශකයෙක් සමග සම්බන්ධතා පවත්වා ඇති බවයි.
එසේම පාකිස්තානයේ සිට ඩ්‍රෝන භාවිත කර දේශසීමාව ට ඉහළින් ආයුධයක් පන්ජාබ් ප්‍රදේශයට එවා ඇති බවයි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?