31 දක්වා වැසි... දිස්ත්‍රික්ක 19ක හතළිස් හතර දහසක් පීඩාවට
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් පහකට තවදුරටත් පවතින වැසි හා සුළං තත්ත්වය ලබන 31 වැනිදා තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
31 වැනිදා අඩු වුවත් නැවත ජුනි 01,02,03 යන දිනවල වර්ෂාව වැඩිවිය හැකි බවද, මෙම තත්ත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ පළාත්වලට බලපාන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.
උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ‘රෙමාල්’ සුළි කුණාටු තත්ත්වය පහව ගියත් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, කල්පිටිය, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි නිසා නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 – 3.0 දක්වා ඉහළ යා හැකි බව පැවසේ.
මේ අතර, ගම්පහ, මහනුවර, පුත්තලම, කොළඹ, රත්නපුර, කෑගල්ල, අනුරාධපුරය, ගාල්ල, කළුතර, යාපනය, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, නුවරඑළිය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, මුලතිව් යන දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 176කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයෙන් පවුල් 11,548ක පුද්ගලයන් 43,792ක් පීඩාවට පත්ව ඇති බවට වාර්තා වේ.
ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 07ක්, තුවාල සිදුවීම් 15ක්, නිවාස අර්ධහානි 3457, නිවාස පූර්ණහානි 15ක් වාර්තා වී ඇත. පීඩාවට පත්වූවන්ගේ පවුල් 123ක පුද්ගලයන් 473ක් ඥාති නිවාසවලද, පවුල් 621කට අයත් පුද්ගලයන් 2335ක් ආරක්ෂක ස්ථාන 17ක රැඳවීමට පියවර ගෙන ඇත. මරණ හත පුත්තලම 03ක්, රත්නපුර 01ක්, නුවරඑළිය 01ක් සහ බදුල්ල 01ක් ලෙස වාර්තා වී ඇත. මෙම මරණ 07ම ගස් කඩාවැටීම නිසා සිදුවී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?