මාලිමාව විවාදය මගහරින්න හදනවා - නලින් බණ්ඩාරගෙන් චෝදනා
රටේ ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ විය යුතු දැයි කියා පවත්වනු ලබන විවාදය කඩිනමින් පැවැත්වීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය වෙත ලිඛිත ආරාධනයක් කර තිබේ.
එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානි සහ විවාද සම්බන්ධිකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගය, විධායක සභික, වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා වෙත ඊයේ (27දා) ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර සිටී.
එම ලිපියේ මෙසේද සඳහන් කර ඇත.
"සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාති ක ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර රටේ ආර්ථික ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ කෙසේද? යන්න අරභයා විවාදයක් පැවැත්වීමේ යෝජනාව මවිසින් ඉදිරිපත් කළේ වර්තමානයේ අප මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම නිසාය.
ඒ සඳහා දැනටමත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වූ තාක්ෂණික සැලසුමක් සහිත මාර්ග සිතියමක් (ඊකමැ ඡරසබඑ) ප්‍රකාශයට පත්කොට ඇත. එවැනි විවාදයකට අවශ්‍ය පදනම අප විසින් සකසා තිබිය දී පවා, ඔබගේ පක්ෂය විසින් ආර්ථික කමිටු විවාදය මඟ හැරීමට දරන උත්සහය තේරුම් ගැනීමට අපහසුය.
අප ආර්ථික කමිටු විවාදයකට ඇරැයුම් කරද්දි එයට ඉදිරිපත් නොවී නායකත්ව විවාදයකට ඔබ කළ යෝජනාව අප විසින් කිසිදු පැකිලිමකින් තොරව පිළිගෙන ඇත. එම විවාදය සඳහා විටින් විට විවිධ යෝජනා රැගෙන එමින්, අපගේ මූලික යෝජනාව පිළිබදව කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොකරන්නේ මන්දැයි අපි යළිත් ප්‍රශ්න කරමු.
අපගේ මූලික ඉල්ලීම මත විවාද දෙක අතුරින් පළමුව ආර්ථික විවාදය පැවැත්වීමත්, දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබද අපගේ ස්ථාවරය එලෙසම පවතින බව අවධාරණය කරමු. එබැවින්, අප විසින් යෝජනා කරනු ලැබූ දින අතුරින් ආර්ථික කමිටු විවාදයට ඔබ ලබාදෙන දිනය ද නොපමාව දැනුම් දෙන්නේ නම් මැනවි.
එවිට අදාළ විවාද දෙක පිළිබදව සැලසුම් සකස් කිරීම (නාලිකාව හෝ නාලිකා තෝරාගැනීම, මැදිහත්කරුවන් පිළිබදව තීරණය කිරීම ආදී කරුණු) සඳහා වූ සාකච්ඡාවකට ඔබට යළිත් ඇරයුම් කරමි. අප විසින් යෝජනා කරනු ලැබු ආර්ථික කමිටු විවාදය පිළිබදව කිසිදු සදහනක් නොකොට, එම විවාදය පිළිබදව අවධානය වෙනත් දිශාවකට යොමුකරන සුපුරුදු උත්සහය තුළ අප දකින්නේ ඔබ විසින් විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සලසන ආකාරය නිරීක්ෂණය වීම බව කණගාටුවෙන් සදහන් කරමි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?