News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදන්න බයයි... තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය වත් විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියක අනාගතය භාර දෙන්නේ කොහොමද? - උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි

May 28, 2024 at 07:18 AM
|

බෙදුම්වාදී , අධිරාජ්‍යවාදී බලවේග කුමණ සැලසුම් තැනුවද මෙරට ජාතික ව්‍යාපාරය මරාදැමිය නොහැකි බවත්, එසේ මරාදැමීමට ද ඉඩ නොතබන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම  (27) සිදු කෙරුණු අතර එම අවස්ථාව හා එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ අදහස් පල කලේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජාතික ව්‍යාපාරය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ

සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරය වල දාලා මල බත කන්නයි. තවත් සමහරුන් සිහින මැවුවේ ජාතික ව්‍යාපාරය අලුකරලා අළුමතින් ජය පැන් බොන්නයි. අධිරාජ්‍යවාදී බලවේග, බෙදුම්වාදී බලවේග, අන්තවාදී බලවේග, මේ සිහිනයත් එක්ක බොහෝ කාලයක් ජීවත්වුණා විතරක් නෙමෙයි දැවැන්ත සැලසුම් හැදුවා.

සර්වජන බලය ලෙසින් අද අපි එකට එකතු වුණේ ජාතික ව්‍යාපාරය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ, අපි සැම එකට එකතු වෙලා ඒක මරන්න ඉඩදෙන්නෙත් නෑ කියන පණිවිඩය සතුරු බලවේග වලට කියන්නයි.

මිත්‍රවරුනි අද අපේ ආදරණීය මව්බිම ඉන්නේ දැවැන්ත අභියෝගයක. මව්බිම ගිනිගන්නා විට මේ මව්බිම ගිනි තැබුවේ කවුදැයි සොයමින් එකිනෙකාට ඇඟිලි දිගු කර ගන්නවා මිස මේ ගිනි නිවීමේ මඟ සොයන එක ජාතියේ නායකයින් අමතක කර තියෙනවා.

ඒ නිසාම තමයි එකිනෙකා පිළිබඳ කර්කශ විවේචන මිසක වඩාත් සුදුසු විසඳුම පිළිබඳ සංවාදයක් අපේ සමාජයේ දක්නට ලැබෙන්නේ නැත්තේ. අද අපි එකතු වන්නේ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙමෙයි. විසඳුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුළ ඇති කරගන්නයි.

අපේ අර්බුදයට හේතුව සහ පිළිතුර සරලවම මෙන්න

අපේ අර්බුදයට හේතුව හරිම සරලයි. එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආදායම වගේ දෙගුණයක් මුදල් වියදම් කරලා රුපියල් අර්බුදයක් ආණ්ඩුව හදාගෙන තියෙනවා. 2022 වසරේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුම ලොව රටවල් හය අතරට ලංකාව එකතු වුණා. අනික් පැත්තෙන් අපි පිටරටට බඩු විකුණලා ලබන ඩොලර් ආදායම වගේ දෙගුණයක් පිටරටින් බඩු ගේන්න වියදම් කරලා මේ පරතරය පියවා ගන්න ඩොලර් වලින් ණය අරගෙන, ණය ටික ගෙවා ගන්න බැරි උනාම ණය ගෙවන්නත් ණය ගැනීම නිසා අද අපි දැවැන්ත ඩොලර් අර්බුදයක ගෙවුම් ශේෂ අර්බුදයක හිරවෙලා ඉන්නවා. ඉතිං අපි බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?

දැන් රට බංකොලොත් වෙලා අවුරුදු දෙකකට වැඩියි. අපේ මොන නායකයාද අපට කිව්වේ සිරිලක දේ සිරි සැප දේ, ගන්න අපේ දේ කියලා. මොන නායකයද අපට ඇවිල්ල කිව්වේ හදන්න පුළුවන් හැමදේම හදමු. වවන්න පුළුවන් හැමදේම වවමු. අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ යමු කියලා.

අද හැමෝටම ප්‍රශ්නයට උත්තරේ හොයාගන්න බැරි වෙලා තියෙන්නේ හේතුව අඳුරාගන්න බැරි නිසයි. ඔබට හේතුව හොයාගන්න බැරි වුනොතින් දුකින් මිදීමේ මාර්ගය හොයාගන්න බැරුව යනවා.

අද සමහර දේශපාලන බලවේග හිතාගෙන ඉන්නේ දුෂණය තමයි මේ අර්බුදයට හේතුව කියල. ඒ නිසා වසර පනහකට වඩා පරණ හොරු ඇල්ලීමේ සටන් පාඨය මුරගාමින් ඒ අය රාජ්‍ය බලය ඉල්ලනවා. නමුත් දැවැන්ත දුෂණයක් තියෙන අපේ අසල්වැසි රට ඉන්දියාව අද ලෝකයේ දැවැන්තම ආර්ථික වර්ධන වේගයක් ඇති රටවල් අතරටත් එකතු වෙලා. එහෙමනම් අපේ ප්‍රශ්නයට හේතුව දූෂණය නෙමයි නම් මොකක්ද ? මේ ප්‍රශ්නයට හේතුව හඳුනා ගන්නතුරු අපි කාටවත් මේ ප්‍රශ්නයට උත්තර හොයාගන්න බැරිවෙනවා. ඉන්දියාව ගොඩ යන්නේ 1991 දී තමන්ගේ ජාතික ආර්ථිකය ගොඩනගන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ගිය නිසයි. තමන් ගැන විශ්වාසය තියලා ජාතියක් ලෙස නැගී සිටීම ආරම්භ කළ නිසයි.

මාලිමාව නොකරන දේ මෙන්න

මාලිමාවේ ජනපති අපේක්ෂකයා නම්කර වසරකටත් වැඩියි. තවමත් ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට කියලා නෑ. කියල නෑ නෙවෙයි කියන්නේ නෑ. කියන්නේ නෑ නෙවයි කියන්න බෑ. මොකද ඒක කිව්වට පස්සේ ජනතාව ඒක විවේචනය කරයි කියලා බයයි. එකේ අඩුපාඩු පෙන්නයි කියලා බයයි. තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය වත් විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියක අනාගතය භාර දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතුවෙනවා.

අපි අද දස වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ජාතිය හමුවේ තැබුවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපායමාර්ගික වැඩසටහන රටේ ජනතාව හමුවට ගේනවා. අපි ලෑස්ති වැඩසටහන පිළිබඳව ජනතාව සමග සංවාද කරන්න. අනිකුත් බලවේග වගේ අපේ අදහසක් නෑ ජනාධිපතිවරණයට සති දෙක තුනක් තියලා ‍ප්‍ර්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා ජනතාවට අඩුවෙන්ම බලන්න සලස්වලා විවේචන වලින් පැනලා දුවන්න. අපි ලෑස්ති ජනතාව එක්ක සංවාද කරන්න. අපේ අඩුපාඩු හඳුනාගන්න. ඒ වැඩපිළිවෙල මහපොළොවේ ක්‍රියාත්මක කරද්දී නිරන්තර ජනතා සංවාදයක යෙදෙන්න.

අඳුරට සාප කරමින් සිටියා ඇති. දැන් පහන් දල්වන්න පටන් ගමු. අපි විවේචනය කරමින් සිටියා ඇති. විසඳුම් ගැන සංවාදය ආරම්භ කරමු.

ආර්ථික සංවර්ධනයක් ළඟා කරගත් පමණින් ජනතාව සංතෘප්තියට පත්වෙන්නේ නෑ. ධනවත් ඇමරිකාව ලෝකයේ මිනීමැරුම් වලින් අංක එක. ධනවත් ඇමෙරිකාව මත්ද්‍රව්‍ය භාවිතයෙනුත් අංක එක. ඒ නිසා තමයි ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මකව ඉදිරියට යන මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය තුළින් සතුටු දැයක් ජාතියට තිළිණ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

අන්න ඒ සතුටු දැය ගොඩනගන්න අප සමග එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරමින් අපි හැමෝම අනාගතයේ එක දවසක එකට සිනාසෙමු. ඒක වෙන කවුරුවත් කරල දෙන්නෙ නෑ. කළ යුත්තේ කළ හැක්කේත් අපිට පමණයි. ඒ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා.

“එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” සර්වජන අදිටන් සම්මුතිය, යන නමින් හඳුන්වා ඇති දස වැදෑරුම් ප්‍රතිපත්තිමය සම්මුතියකට මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් එහි නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් පී. ජී. ඩී. වී. තිලකසිරි (පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙනුවට) ‘යුතුකම’ ජාතික සංවිධානය වෙනුවෙන් එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙහිදි අත්සන් තැබූහ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.