මන්ත්‍රී අලිසබ්‍රි රහීම් පුත්තලම ප්‍රා.ලේට තග දමයි
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ 26 පස්‍වරුවෙ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු සිය ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාත්මක ලෙස දොස් නැගීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ද මතුව තිබේ.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට පිහිටි අක්කර 10 ක පමණ ඉඩමකට කිසිවකුටත් ඇතුළු නොවන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා තහනම් කර තිබියදී පිරිසක් එම ඉඩමට කම්බි ගසා තිබීම සොයා බැලීමට ගොස් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි වාර්තා වේ.
මෙ අතර එම ඉඩම තමන්ට අයත් බවට පුත්තලම පදිංචිකරුවෝ පිරිසක් ඔප්පු පවා ඉදිරිපත් කරමින් ඉඩම ලුණු කර්මාන්තයෙන් පසු අස්වැන්න ගබඩා කර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඉකුත්දා විරෝධතාවක් ද පැවැත්වූහ.
මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පවසා තිබේ.
“මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි. එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. ඒයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවිම පමණයි.
ප්‍රාදේශීය ලේකම් කොහොමද ඉරිදා රාජකාරි කරන්නේ. එයා ඉන්න ඕන සදුදා.ඒ තියෙද්දී ප්‍රාදේශීය ලේකම් ඉඩම් ජාවාරම්කරු එක්ක එතැන්ට ඇවිත් කියලා මට ආරංචි වුණාට පස්සේ තමයි මම ආවේ. මම එයාට තර්ජනය කළේ නැහැ. නමුත් එතැන යම් සිදුවිමක් වුණා..මේ ඉඩම පුත්තලමේ අපේ මිනිස්සුන්ට අයිති ඉඩමක්. ඒක කාටවත් දෙන්න බැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?