ජනාධිපතිවරණය නෙවෙයි, ජනමත විචාරණයකින් රනිල්ට තව වසර 5කට ජනාධිපතිකම දෙන්න ඕනෑ - රංගෙ බණ්ඩාර කියයි
රට පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට වඩා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තව වසර පහක කාලයක් ජනාධිපතිධුරයේ කටයුතු කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා (22දා) පැවසීය.
“රටේ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් යූගය අවසන් කර රටේ ආර්ථිකය යහමඟට ගනිමින් ජනාධිපතිවරයා සිදුකරගෙන යන වැඩ කොටස තවත් ශක්තිමත් කිරීම සඳහා ජනමතවිචාරණයක් පවත්වා තව වසර පහක් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ තබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා එක්ව කටයුතු කළ යුතුයි” යන්න එජාප මතය බව ද රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
සජිත් ප්‍රේමදාස රාජකීය විද්‍යාලයේ, සාමාන්‍ය පෙළට පහළින් පන්තියක අධ්‍යාපනය ලබා තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා විශ්වවිද්‍යාලයට ගොස් ඇතත් ආර්ථිකය පිළිබඳ නිසි දැනුමක් නොමැති, කතාකිරීමට දක්ෂයෙක්. ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර යන මහත්වරුන් ගත්තත් ඔවුන් ගැන ද ව්‍යවසායකයන් වුවත් රටක් කරගෙන යෑමට පළපුරුද්දක් නැහැ.
මේ සියලුදෙනා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගතහොත් දේශපාලන අත්දැකීම්, ජාත්‍යන්තරයේ පිළිගැනීම, උගත්කම ඇතුළු සියලු අංශයන්ගෙන් පෙරමුණේ. රට භාරගන්න එන්න කියපු වෙලාවේ එම අභියෝගය භාරගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැයි ද ඒ මහතා කීය.
“එවැනි නායකයෙක් රටේ සිටියදී පක්ෂවල ද මුදල් නාස්ති කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට වඩා ජනමතවිචාරණයකින් ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම පත්කර ගැනීම වඩාත් සුදුසුයි” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?