News Category
From Date
To Date
Maximum Number of Result

VFS වීසා ගණුදෙනුව IMF ගිවිසුමට පටහැනියි - පාඨලී කියයි

May 23, 2024 at 06:16 AM
|

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

2012 දී යුද්ධයෙන් පස්සේ මේ පිළිබඳව වැදගත් අධ්‍යයනයක් කරපු පිරිසක්. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ යෝජනාව ගෙනාවට පස්සේ තමයි රජයට අයිති බහුතර කොටස් තියෙන මොබිටෙල් සමාගමෙන් මේ කටයුත්ත කළේ. හැබැයි ඒ මොබිටෙල් සමාගම කිව්වා අවුරුදු පහකට, හයකට පස්සේ මේක නැවතත් යාවත්කාලීන කරන්න ඕනෙයි කියලා. ඒ අනුව 2018 ඉඳන් යෝජනා ඇවිල්ලා තියෙනවා. පසුව කොවිඩ් වසංගතය ආවට පස්සේ ආරක්ෂක ප්‍රශ්නයකට අමතරව සෞඛ්‍ය ප්‍රශ්නයකුත් මතු වූ නිසා මේ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල මොබිටෙල් ආයතනයට ලබා දුන්නා. ඒ මොබිටෙල් ආයතනය ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරලා ඒ විධිමත් යෝජනාව භාර දීලා තිබියදීත් ඒක නොතකා හරිමින් තමයි මේ නව යෝජනාවක් ගෙනල්ලා තියෙන්නේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා 2023 සැප්තැම්බර් මාසෙදි. ඒ වගේම මේ යෝජනා සමීක්ෂණයට පත් කරපු නිලධාරී කණ්ඩායම, විශේෂඥ කණ්ඩායම බොහොම පැහැදිලිව තමන්ගේ වාර්තාවේ මොබිටෙල් ආයතනයේ යෝජනාව මේ අදාළ රජයේ ක්‍රියාදාමයට බොහොම එකඟයි, ඒකත් සුදුසු යෝජනාවක් බව පිළිඅරගෙන තියෙනවා.

මේ යෝජනාව රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට, ඒ වගේම IMF එක්ක ඇතිකරගත් ගිවිසුමට අදාළ යහපාලන මූලධර්ම වලට සම්පූර්ණයෙන්ම පටහැනියි. ඒ වගේම වීසා අවශ්‍යතාව පිළිබඳව ගත්තොත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අදත් මතුවෙලා තියෙනවා අයිඑස්අයිඑස් තර්ජනය. සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. අපි දැක්කා කෝවිඩ් කාලෙදි, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටයි කියලා, තක්කඩි විසින් මේ රටට ගෙනාපු සංචාරකයන් හේතුවෙන්, දස දහස් ගාණක් මේ රටේ මිනිස්සු මියගිය හැටි. ඒ වගේම, දත්ත, මේ සියල්ල රජය සතු වෙන්න ඕනේ, ඒ අදාළ සංචාරකයින් රටට ආවට පස්සෙ කොහෙද කොතනද ඉන්නේ, මොනවද කරන්නේ, ඔවුන්ගේ දත්ත මොනවද කියන එක.

ප්‍රධාන ම කාරණය, මෙතෙක් කාලයක් අපේ රටේ ඒ Immigration දෙපාර්තමේන්තුව කරගෙන ගිය වැඩසටහනක් මේ දත්ත සපයා ගැනීමේ වැඩසටහන, විදේශීය සමාගමකට පවරා දීම. දැන් කියනවා මේ වී. එෆ්. එස්. එක කියන්නේ හැමෝගෙම කරනවා කියලා. නමුත් වෙනත් රටවල දේවල් ඒ තානාපති කාර්යාල හරහා කරනවා මිසක් වී. එෆ්. එස්. එස්. එක කොහෙවත් කරන්නේ නෑ. දෙක මේ එතන ඉන්නේ වී. එෆ්. එස්. එක නෙමෙයි ප්‍රධාන ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ අයි වි එස් ජීපීඑස් කියන සමාගමත් එක්ක. ඒක නිසා මේ සභාවත්, මේ රටත් බොහෝ දුරට නොමඟ යවලා තියෙනවා, මේ කියන කාරණය මත. ඒ වගේම, මේ වීසා ගාස්තු, අද ගත්තහම මේ වීසා ගාස්තු, මම අදත් බැලුවා. මේ මෑතදී ආපු අයගේ වීසා ගාස්තුව, ඩොලර් හැත්ත පහයි. සේවා ගාස්තුව අදාළ ආයතනය ඩොලර් දහ අටයි ශත පනහයි. ඒ වගේම පහසුකම් ගාස්තුවක් ඩොලර් හතයි සත විසි හතයි. එකතුව ඩොලර් සීයයි සත හැත්ත හතයි. මේ ඩොලර් පනහට තිබිච්ච වීසා එක. දැන් මේක අපි සංසන්දනය කරන්න ඕනේ ලංකාවෙන් ස්විස්ටර්ලන්තයට යනවද, ලංකාවේ එංගලන්තෙට යන අයත් එක්ක නෙවෙයි. අපිත් එක්ක සංචාරක ව්‍යාපාරයේ තරඟ කරන මාලදිවයිනට, තායිලන්තයට, ඉන්දියාවට.

එහෙම බැලුවහම මේක සම්පූර්ණයෙන්ම සංචාරක ව්‍යාපාරය අධෛර්යමත් කරනවා විතරක් නෙවෙයි, පැහැදිලි දූෂණයක් මෙතන තියෙනවා. මේ ඩොලර් හැත්ත පහ වීසා ගාස්තුව නම් ඒක එකට ගියාවේ. නමුත් මේ ඩොලර් දහ අටයි ශත පනහයි, ඩොලර් හතයි සත විසි හතයි පිළිබඳව නිශ්චිත උත්තරයක් නිලධාරීන්ට ලබා දෙන්න බැරි වුණා. කාරක සභාවේ දී. ඒ විතරක් නෙමෙයි දෙවෙනි දවසේ අත්තනෝමතික විදිහට ඒකට පැමිණියෙත් නෑ. උත්තර නැති නිසා.

ඒක නිසා ඉතාම පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ රටේ දූෂණය ගැන, දූෂිත වළලු ගැන කතා පවත්වනවා. හැබැයි මේ අති දැවැන්ත මේ රටට එන මිලියන දෙකහමාරකට ආසන්න සංචාරකයින්ගේ එක්කෙනෙක්ගෙන් ඩොලර් විසිහය ගානේ කොල්ලකන මේ දූෂණය ගැන, මේ දූෂිත වළලු ගැන කතා කරන අය අද නිහඬයි. ඒ වගේම ඉන්දියානුවෙකුට ලංකාවේ කැස්සක් ගියත් ඔන්න ඉන්දියාවේ එනවා කියලා උඩ පැනගෙන කෑ ගහන අය, මේ තනි ඉන්දියානු සමාගමකට රටේ ජාතික ආරක්ෂාවට අදාළ මේ දත්ත තොරතුරු භාරදීම ගැන අද නිහඬයි. ඒ නිසා මේක යට තියෙන්නේ මොකක්වත් නෙමෙයි.

මං එදත් කිව්වා වගේ, ලංකාව තුළ අද දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි. ඒ දේශපාලන පාතාලය විසින් අද ආණ්ඩුව හසුරවනවා මේවට විරුද්ධව කතා කරන මිනිස්සුන්ව, අද රජයේ මර්දන යාන්ත්‍රණයට ගොනු කරනවා. අද රහස් පොලීසිය කියන්නේ, ඇත්ත වශයෙන්ම දේශපාලනමය වශයෙන්, අනික් අයව මර්දනය කරන්න, අපහසුතාවයට පත් අපකීර්තියට පත් කරන්න යන තැනක් මිසක් මේ රටේ අපරාධ විමර්ශනයට යොමු වෙන තැනක් නොවන බව අපිට අද පැහැදිලියි.

ඒ නිසා මේ ඊළඟ මැතිවරණ වලදී ඉතා බොහොම කෙටි කාලයයි තියෙන්නේ. රජයේ නිලධාරීන්ට විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට, රහස් පොලිසියේ නිලධාරීන්ට අපි මතක් කරනවා අවනීතිය ක්‍රියාත්මක කරලා සමාජයෙත්, රටෙත් අපකීර්තියට පත්වෙන්න එපා. විශේෂයෙන්ම මේ දූෂණය, වංචාව පිළිබඳ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. අහවලා ගේනකොට කතා නොකර ඉන්නත්, අහවල්ලු කරනකොට කතා කරන්නත් නෙවෙයි. මේ රට තුළ ක්‍රියාත්මක වෙන මේ දූෂිත ජාලය වැලැක්වීම සඳහා වෙන විධිමත් වැඩපිළිවෙළක් එක්ක රට ඉදිරියට ගෙන යන්න වැඩසටහනක් රටට අද අවශ්‍ය කරලා තියෙනවා. මේ වීසා ගනුදෙනුවෙන් ඔප්පු කරලා තියෙන්නෙත් පෙන්නලා තියෙන්නෙත් ඒකයි. මේ වීසා මංකොල්ලය වහාම රජය නතර කළ යුතුයි. නතර කරනවා විතරක් නෙවෙයි. මේ සඳහා පියවර ගත්ත නිලධාරීන්, දේශපාලඥයින් ඇතුළු සියළුදෙනාට ඖෂධ ජාවාරමේ සිදුවූවා මෙන්ම, නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරියට ආ යුතුයි.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.