News Category
From Date
To Date
Maximum Number of Result

IMF යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට... වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ 113ක කැමැත්ත අවශ්‍යයි - පාඨලී හෙළිකරයි

May 22, 2024 at 08:03 AM
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් එය සම්මත වීමෙන් පසුව කුමන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණු මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමට සම්බන්ධ වෙමිනි.

එහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්;

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්විය නොහැකි බවත් ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 වනදා සිට ඔක්තෝම්බර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම මේ වනවිට කතා බහට ලක්ව ඇති පාර්ලිමේන්තුව විසුරුවීමේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ 113 කගේ යෝජනා සම්මතයෙන් සිදුවීම කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් එය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කරා යාම පිළිගත නොහැකි බව රණවක මහතා පවසයි. ඒ ජනාධිපතිවරයා මහජන මතයෙන් පත්නොවිමත් ජනාධිපතිවරයා පත්වීමේදී දුන් පොරොන්දු කඩ කිරීමක් බවත් ඒ මහතා පවසා සිටී.

එළෙඹෙන ජුනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් රැස්වී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිලිබඳ සමාලෝචනයක් සිදුකර තුන්වන වාරිකය ලබාදීම පිලිබඳ තීරණය කරනු ලබන අතර ඒ සමඟ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මගින් මුදල් ප්‍රධානයන් ලැබීමට නියමිත බවත් ඒ සඳහා  ශ්‍රී ලංකාව සිය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සපුරාගන තිබිය යුතු බවත් ජනාධිපතිවරයා සිදුකළ යුත්තේ එම කාර්යය ඉටුකිරීම බව චම්පික රණවක මහතා පවසයි. එහිදී මෙම 22 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඇතුලත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත අතර එය සම්මත වුවහොත් මීළඟට පැමිණෙන සියලු පාර්ලිමේන්තු වලට එම පනත වෙනස් කිරීම සඳහා 113 කගේ කැමැත්ත ලබාගත යුතු බවද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරන ලදී.

එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 5ක අල්ලසක් ලබාදෙන බවට පැතිරයන කතාව පිළිබඳව අදහස් දක්වමින් චම්පික රණවක මහතා පවසා සිටියේ මෙය විමධ්‍යගත අරමුදල මගින් දශක ගණනවක් සංවර්ධන කටයුතු සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව එය නවතා දැමූ බවත් එම වසර 5ට අදාල මුදල් මේ වනවිට ලැබීම මෙම කට කතාවට මුල් වී ඇති බවයි. එම මුදල් ලබාදීමේදී සපයා ඇති මාර්ගෝපදේශ අනුව එම සංවර්ධන කටයුතු සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය සභා පළාත් සභා හරහා වන අතර එම පැතිර යන කතා සත්‍ය නොවන බවද පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලක්කගත අදායම නොලැබුණ බව පවසා සිටින අතර නව සුරාසැල් බලපත්‍ර 478 ක් ලබාදීම පිළිගත නොහැකි බවත් එය අතයට ගනුදෙනුවක් බවට පත්වන බවත් ඒ පිළිබඳ මැතිවරණ කොමිසම සොයාබලා කටයුතු කළයුතු බව රණවක මහතා අවධාරණය කර සිටියේය. එමෙන්ම වාහන ආනයනය නවතා දමා ඇති මොහොතක මන්ත්‍රීවරුන්ට වාහන ආනයනයට අවසර දීම පිළිගත නොහැකි බවත් වාහන ආනයනය සිදුකරනවානම් එය මහජනයා වෙනුවෙන් පොදු ප්‍රවාහනයට අදාල හෝ කෘෂිකර්මාන්තයට අදාල වාහන ගෙන්වීම සඳහා යොදාගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුප පිළිබඳ මහජනතාව තුළ පවතින මතය පිළිබඳව අදහස් දක්වමින් එම විශ්‍රාම වැටුප ලබාදීම ආරම්භ වූ ආකාරය පිළිබඳ අතීත සිදුවීම පාඨලී චම්පික රණවක මහතා හෙළිකරන ලදී. අප සියලු දෙනා හට ලැබුණු වටිනාම වස්තුවක් වන නිදහස් අධ්‍යාපනය රටට ලබාදුන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගෙන් තමාට ජීවත්වීමට දීමනාවක් ලබාදෙන ලෙස සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප ආරම්භ වූ බවත් එහි අරමුණ වූයේ රටට වැඩදායි වූ සියලු මන්ත්‍රීන් විශ්‍රාම ගැනීමෙන් පසුව ආරක්ෂා කර ගැනීම බවත් චම්පික රණවක මහතා අනාවරණය කරන ලදී.

ගිය වසරේ ප්‍රධාන රාජ්‍ය ආයතන 52 ලාබය පමණක් කෝටි අසූදහසක් බවත් රාජ්‍ය ආයතන පාඩුයි බව පැවසීම බොරුවක් බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ නිසාවෙන් මේවා කොටස් විකුණා ප්‍රගතියක් නොමැති බවත් එම රාජ්‍ය ආයතන නිසි කළමනාකරණයක් යටතේ සිදුකිරීම එක්සත් ජනරජ පෙරමුණ මගින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවල තුළ ඇතුලත් බවත් ඒ මහතා පවසයි. එමෙන්ම වෙළඳපොල ක්‍රමය, බදු ප්‍රතිපත්තිය, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුළු රට ගොඩනැගිය හැකි සියලු ප්‍රවේශයන් පිළිබඳ එම වැඩපිළිවල මගින් ඉදිරිපත් කර ඇති බව රණවක මහතා අවධාරණය කරනු ලැබිණි.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.