තරගය තිබෙන්නේ රනිල් සහ අනුර අතර විතරයි... සජිත් ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ - ලාල්කාන්ත කියයි
“රටක දේශපාලනය කියන්නේ කාලගුණය වගේ නිතර වෙනස් වන දෙයක්. ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ. තරගය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතරයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ‘අදිටන විශ්‍රාමික රණවිරු’ නම් රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ඉදිරියේදී පත්වන ඕනෑම මැතිවරණයකට ජාතික ජන බලවේගය සූදානම්. පොහොට්ටුවේ සිටින සමහර නායකයන් ඇමැතිකම්වලට ආණ්ඩුවට හේත්තු වෙලා සිටියත් පොහොට්ටුවේ පහළ මට්ටමේ අය අද ජාතික ජන බලවේගය සමඟ එක් වෙලා ඉන්නවා.
නිදහසින් පසු මේ රට පක්‍ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කළා. ඒ පිරිස තවත් වසර 5ක් රට පාලනය කරන්න උත්සායක යෙදෙනවා.
ජනතාව ඉල්ලන්නේ වෙනසක්. අපි තිබෙන ක්‍රමය වෙනස් කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලියා පොත වෙනස් කළ යුතුයි. ඒ සඳහා ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී මාලිමාවට තුනෙන් දෙකක බලයක් ලැබෙන පරිදි දැනට පාර්ලිමෙන්තුවේ සිටින 225න් 200ක් මන්ත්‍රීවරුන් මාලිමාවෙන් පත්කර යැවිය යුතුයි. මන්ත්‍රීවරුන් 25ක් අනෙක් පැත්තේ සිටියාටකමක් නෑ.
සමහර මැති ඇමැතිවරුන් චෞර බලය අතට අරන් නීති විරෝධී පතල් කැපීම් කරනවා. පසුගිය කාලයේ ලෝක උරුමයක් වූ සිංහරාජයේ ජනතා විරෝධය නොතකා පාරක් කැපුවා. මෙවැනි කටයුතු කිරීම් නිසා තමයි පසුගිය කාලයේ ඇති වූ අරගලයේදී ජනතාව පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එපා කිව්වේ. මැතිවරණයෙන් දේශපාලනඥයන්ට ඡන්දය දුන්නේ ඔවුන්ගේ කැමැත්තට වැඩ කරන්න නෙවේ.”
– එන්. පී. රාජදොරේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?