ලංකාවෙන් ගිය ISIS ත්‍රස්තයන් හතරක් ඉන්දියාවේ දී අත්අඩංගුවට... විශාල ප්‍රහාරයකට පැමිණි බවට සැකයක්
පාකිස්තාන භාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සිවුදෙනා ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නගරය හරහා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අයි.එස් සංවිධානයට සම්බන්ධකම් තිබෙන බවට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.
අත්අඩංගුවට ගැනුණ ලාංකිකයන් ප්‍රශ්න කිරීමට රැගෙන ගොස් ඇතත් ඒ කුමන ස්ථානයකටදැයි අනාවරණය වී නැති බව කියයි.
අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අයිපීඑල් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් තුනක් පැමිණීමට නියමිතව තිබූ බවත් ඒ හේතුවෙන් ගුවන් තොටුපොළට ආරක්ෂාව තර කර තිබූ බවත් ඉන්දීය මාධ්‍ය හෙළි කළේය.
මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සිටියත් ඒ කුමක් සදහාදැයි අනාවරණය නොවූ බවත් පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සදහන් කර තිබිණි.
– Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්යග්රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?