කොටි ත්‍රස්තයින් සැමරූ ක්ෂමා සංවිධානයේ ප්‍රධානි තමන්ගේ මව්රටේ ත්‍රස්තයින් සැමරුවේ නැත්තේ ඇයි?... හැකිනම් පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී සමරන්න - උදය ගම්මන්පිල අභියෝග කරයි
මෙරට කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කිරීමට එක්වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් ට හැකි නම් 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී සමරන ලෙස තමන් අභියෝග කරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.05.20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධානි තමන්ගේ මව්රටේ ත්‍රස්තයින් සැමරුවේ නැත්තේ ඇයි?
ත්‍රස්තවාදින් ලෙස මිය ගිය අයගේත් ඥාතින්ට සහ මිතුරන්ට ඔවුන්ව සිහිපත් කිරීමට ඇති අයිතිය අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. වේලායුදන් මිය ගිය පසු ආගමික කටයුත්තක් සමාජීය කටයුත්තක් කරලා ඔහුගේ නෑදෑයන් හිතමිතුරන් ඔහු සිහිපත් කිරීම කාටවත් වලක්වන්න බෑ. නමුත් අම්මාගේ උකුලේ කිරි බොමින් සිටි දරුවා උදුරා ගෙන ඔළුව චප්ප වන තුරු පොල් ගසේ ගැසූ ගැබිණි මාතාවන් පණ පිටින් බඩ පලා නූපන් දරුවා එළියට ඇද්ද කුරිරු තිරිසන් ත්‍රස්තවාදින් සැමරීමට මේ ලෝකේ කිසිම තැනක අවසරයක් නොතිබිය යුතුයි කියලයි අප ශිෂ්ඨ මිනිසුන් ලෙස විශ්වාස කරන්නේ.
ඒ තිරිසන් ත්‍රස්තයන් වීරයන්ට ඔසවන ඒ මග ගමන් කිරීමට තරුණ පරපුර ළමා පරපුර දිරිමත් කරමින් ත්‍රස්තයන් සැමරීමටයි අපේ විරෝධය තිබෙන්නේ. අධිකරණය විසින් තහනම් කර තිබිය දී ත්‍රස්තවාදි ඉතුරු බිතුරු විසින් උතුරේ විතරක් නොවේ කොළඹ දීත් කොටි සැමරුම කළා විතරක් නොවේ ඒකට විරුද්ධ වන අයව අත්අඩංගුවට ගන්නත් ආණ්ඩුව කටයුතු කළා. තමන්ගේ නිවට කම බියසුලු කම ආණ්ඩුව මේ හරහා ප්‍රදර්ශණය කලා. කොටි ත්‍රස්තවාදින් රට පුරා සමරන්න දීලා බලාගෙන හිටිය කොන්ද පණ නැති ආණ්ඩුවේ අගමැති ලැජ්ජා නැතිව රෙදි ඇඳගෙන ඇවිත් රණවිරු සමරුවේ ප්‍රධාන අමුත්තා විධියටත් හිටියා. අගමැතිතුමනි, ඔබතුමාගේ නිවට ක්‍රියාකලාපය මිය ගිය බොරළුගොඩ සිංහයාටත් ලැජ්ජයි කියලා තමයි අපට කියන්න වෙන්නේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් වෙල්ලමුල්ලි වයික්කාල් මැයි 19 පැවති කොටි සැමරුමට ඇවිත් ඉන්නවා අපි දැක්කා. විදේශිකයින් ඇවිත් මේ රට බේරා ගත් රණවිරුවන්ගේ මිනීමරුවන් සමරන විට ආණ්ඩුවේ ලොක්කෝ නිවටව බලා සිටියා. ඇග්නස්ගේත් ඔක්කෝම සෙල්ලම් ලංකාවේ දී විතරයි. ඇග්නස්ට තිබුණානෙ ලංකාවට එන ගමන් ඉන්දියාවේ අම්රිත්සාර් නගරයට ගොඩ බැහැලා 1984 දී ඉන්දියානු හමුදාව අතින් රන් දෙවොල දී මිය ගිය සික් ත්‍රස්තවාදින් සමරන්න. නැතිනම් 2008 දී මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය ත්‍රස්තයන්ව මුම්බායි හී දී සමරන්න. ඒ වගේම ඇග්නස්ට තිබුණානෙ තමන්ගේ මව්බිම වන ප්‍රංශයේ පැරිස් නුවරට ගිහින් ප්‍රංශ හමුදා අතින් මිය ගිය 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් සමරන්න. ඇග්නස් ලංකාවේ දාන සෙල්ලම් තමන්ගේ මව්රටේ කරන්නේ නැත්තේ ඇයි? ඇග්නස් කුහක දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? ඇග්නස් හොඳටම දන්නවා තමන්ගේ රටේ ත්‍රස්තවාදින් සමරන්න හැදුවොත් ආණ්ඩුව ඉඩ තියන්නෙත් නෑ. ජනතාව ඉඩ දෙන්නෙත් නෑ.
ඇමෙරිකාවේ 9/11 අල් කයිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු ග්‍රවුන්ඩ් සීරෝ ස්ථානයට පෙනෙන මානයේ මුස්ලිම් පල්ලියක් හදන්න ඇමෙරිකානු ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ ජනතාව කුපිත වෙයි කියන බයෙන්. පුලුවන් නම් ආගමික නිදහසේ නාමයෙන් ග්‍රවුන්ඩ් සීරෝවලත් උද්ඝෝෂණයක් පවත්වන්න කියා අපි ඇග්නස්ට අභියෝග කරනවා. එහෙම කරනන් ගියොත් එය ඇගේ අවසන් චාරිකාව බවට පත්වෙනවා. මොකද ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරනන් වෙන්නේ සිරගෙදරක.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?