හන්තානේ අක්කර 22ක් අතයට ගනුදෙනුවකින් ජාවාරම්කාරයන්ට දෙන්න යනවා - වසන්ත යාපා බණ්ඩාර හෙළිකරයි
හන්තාන ප්‍රදේශයේ අක්කර විසි දෙකක් ජාවාරම්කාර කණ්ඩායමකට අත යට ගණුදෙනුවක් හරහා ලබා දීමට කටයුතු සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
හන්තාන, ඌරාගල ප්‍රදේශවාසී මහජනයා, මේ වතුකරයේ ජීවත් වන අහිංසක ජනයා විශාල වශයෙන් රැස්වෙලා මේ වෙලාවේ වතුපාලකයන්ට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරනවා.
ඇත්තටම මේ වතුපාලකයන් අහිංසක මිනිසුන්ගේ වතු අල්ලගෙන, උසාවිය නොමග යවමින් මේ වතුපාලකයන් උත්සාහ කරනවා ජාවාරම්කාරයින් එක්ක එකතුවෙලා හන්තාන ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක් ජාවාරම්කාර කණ්ඩායමකට අත යට ගනුදෙනුවක් හරහා ලබාදීමට.
එතකොට මේ හන්තාන කියලා කියන්නේ මහවැලි ගඟේ ජල පෝෂිත ප්‍රදේශයක්. මේ ජල පෝෂිත ප්‍රදේශයේ තියෙන දැවැන්ත රූක්ෂ ගස් ආදිය මේ අය කුණු කොල්ලයට විකුණා දමමින් ජාවාරම්කාර විදියට මේ හන්තාන ප්‍රදේශයේ තමන්ට අත්පත් කර ගැනීමට තමා කටයුතු කරන්නේ.
මේ හන්තාන ජීවත්වන දුප්පත් මිනිස්සු, මේ වත්තට ගිහිල්ලා අත්තක් හරි කැපුවොත් එහෙම මේ මිනිස්සු හිරේ විලංගුවේ දාන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. නමුත් හැබැයි මේ වතුපාලකයෝ කිසිසේත්ම අක්කර 22ක් පුරා භූමිය අල්ලගන්නකම්, කටුකම්බි ගහනකං කිසිසේත්ම මේ අය උනන්දුවක් දැක්වූයේ නැහැ ඒ ඉඩම් අල්ලගන්න ජාවාරම්කාරයින් එලවා දැමීමට. කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැහැ.
පහුගිය කාලේ මේ හන්තාන ප්‍රදේශයේ මිනිසුන්ගේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව මහජනතාව උද්ඝෝෂණය කරද්දී ඇස්කම් පියාගෙන හිටියා වතුපාලකයෝ. අපි දන්නවා ඉතාම හොඳින්ම මේ උරාගල ප්‍රදේශයේ අක්කර 22ක් පුරා වැටකම්බි ගහලා භූමිය වෙන් කරගෙන ඉවර වෙලා, උසාවියට නඩුව දැම්මට පස්සේ මොකද කියන්නෙ, මේ අය පහුගිය කාලේ කිව්වා මේ ඉඩම් JEDB (ජනවසම) ඉඩම් කියලා. ඒ කාලේ JEDB ඉඩම් කියලා කියපු අය දැන් මොකද කියන්නේ, දැන් ඒවා JEDB ඉඩම් නෙමෙයි, මේවා අපි කැමතියි හබකිරීමකින් තොරව සමථයකට එන්න කියලා. මේ JEDB ඉඩම් වල ඒ වතු අධිකාරිවරුන් අද කටමැද දොඩවනවා මේවා වතු අධිකාරියට අයිති ඒවා නොවෙයි, රජයට අයිති ඒවා නොවෙයි කියලා මේ අය අද උසාවියට කරුණු ඉදිරිපත් කරන්න යනවා.
අපි කියනවා මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ රජයේ ඉඩම් කෝටි ප්‍රකෝටි ගණන් වලට අත යට ගනුදෙනු හරහා මංකොල්ල කන ජාවාරම්කාරයන්ට, මේ හන්තාන ඉඩම් දීමට විරුද්ධව අපි කටයුතු කරනවා. මේ මහනුවර මිනිස්සු විතරක් නෙමෙයි, මේ රටේ සුවහසක් මිනිසුන්ගේ ජල පිපාසය සංසිඳෙන්නේ මහවැලි ගඟ නිසා. මේ මහවැලි ගග කවදා හරි හිඳෙන්න මේ ජල පෝෂිත ප්‍රදේශ කුණු කොල්ලයට ජාවාරම්කාරයන්ට විවිධ ලේබල් ගහලා, සංවර්ධන ලේබල් ගහලා ඔවුන්ට ගජරාමෙට අත යට ගනුදෙනු හරහා විකිණීමෙන්. ඒ නිසා අපි මේ හන්තානේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව පෙළ ගැහිලා එකාවන්ව සටන් කරනවා. අපි කියනවා මේ රටේ උගත් බුද්ධිමත් සියළුම මහජනයාට මේ මහා ඉඩම් මංකොල්ලයට එරෙහි වෙන්න.
මේ අහිංසක මිනිස්සුන්ට පර්චස් දෙකක් තුනක් දෙන්නේ නැහැ. මේ අහිංසක මිනිස්සු පාර අයිනේ කඩයක් දැම්මොත් එලවා දමනවා. ගමේ අහිංසක දරුවන්ට ක්‍රීඩාකරන්න ක්‍රීඩාපිටියක් හදාගන්න දෙන්නේ නැහැ. මේ අහිංසක පාරම්පරික මිනිස්සුන්ට ඉඩම් දෙන්නැතුව, මේ දුප්පත් මිනිසුන්ගේ ජල පිපාසය සංසිඳුවන මේ ජල පෝෂිත ප්‍රදේශය ජාවාරම්කාරයන්ට දීමට උඩ ගෙඩි දෙනවා.
අධිකරණය නොමග යවමින් වතු අධිකාරිවරු, ඒ වගේම තමා මේ වතු වල සභාපතිලා අධිකරණය නොමග යවන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා මේ JEDB ඉඩම් වල අයිතිය, රජයේ මහජනතාවගේ දේපළ වල අයිතිය වෙනුවෙන් අපි මහනුවර මිනිස්සු විදිහට සටන් කරනවා එකා මත එකා වැටුනත්.
– Midea unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?