News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය හදිසි ගොඩ බෑමක, බේරාගත් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යවයි

May 19, 2024 at 09:39 PM
|

Helicopter Carrying Iran President Crashes Near Azerbaijan

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රාසි රැගත් හෙලිකොප්ටරයක් මීට පැයකට පමණ පෙර “හදිසි ගොඩබෑමක්” කිරීමට සිදු වීම හේතුවෙන් හදිසි සේවා අණතුරට පත් වූවන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් ගුවන් යානය ඉරානයේ වයඹ දිග අසර්බයිජාන් දේශ සීමාවේ ජොල්ෆා නගරයට ආසන්නව “අනතුරකට” මුහුණපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. ඉරාන විදේශ අමාත්‍ය  හොසේන් අමීර් අබ්දුල්ලහියන්ද යානයේ සිටි බව වාර්තා වේ.

ඉරාන ඉස්ලාමීය රාජ්‍යයේ ජනරජ ප්‍රවෘත්ති ඒජන්සිය වෙත අදහස් දක්වමින් හදිසි සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශක Babak Yektaparast පැවසුවේ දැඩි මීදුම හේතුවෙන් ගැලවුම්කරුවන්ට හෙලිකොප්ටරයකින් අනතුරට ලක් වූ ස්ථානයට ළඟා වීමට නොහැකි වූ බවයි. වෛද්‍යවරුන් සහ පරිපූරක වෛද්‍යවරුන් සමඟ ගිලන් රථ අටකින් යුත් රථ පෙළක් ඒ වන විටත් පිටත් කර යවා ඇති බව ඔහු පැවසීය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ “සහන කණ්ඩායම් ප්‍රදේශය දෙසට ගමන් කරමින් සිටින නමුත් මීදුම සහ අයහපත් කාලගුණය හේතුවෙන් අනතුර සිදුවූ ස්ථානයට ළඟා වීමට යම් කාලයක් ගතවනු ඇති” බවයි.

ඉස්ලාමීය ජනරජයේ ප්‍රකාශක අලි බහද්‍රි ජාහෝර්මි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “ සිදුවූ අනතුර” පිළිබඳව සාකච්ඡා කිරීමට ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්වී ඇති බවයි. විධායක උප ජනාධිපති මොහොමඩ් මොක්බර් ටෙහෙරානයෙන් පිටත්ව හෙලිකොප්ටරය හදිසි ගොඩ බෑම කළ ස්ථානයට ආසන්නයේ පිහිටි වයඹදිග ටබ්‍රිස් නගරයට ළඟා වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර ඉරනා රජය වැඩිදුර තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නමුදු ප්‍රාදේශීය මාධ්‍ය පරස්පර ප්‍රකාශ මාලාවක් නිකුත් කර ඇත. ඉරානයේ  IIRB පුවත් ඒජන්සිය වාර්තා කළේ, සිද්ධිය "බරපතල" බවටත්, "තුවාල වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින" බවට සැක සංකා වර්ධනය වෙමින් පවතින බවයි.

63 හැවිරිදි රයිසි අසර්බයිජානයේ රාජ්‍ය සංචාරයක නිරත වී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් හමුවී නැවත ඉරානයට පැමිණෙමින් සිටින අතර මෙම සිද්ධියට මුහුණ පා තිබේ. මෙම දෙපල දෙරට හවුලේ පවත්වාගෙන යන මායිම දිගේ පිහිටි  ප්‍රධාන වේල්ලක් විවෘත කිරීමට් පීත්ත පටියක් කැපූහ.

දැඩි මතධාරියෙකු සහ අධිකරණයේ හිටපු ප්‍රධානියෙකු වන රයිසි, එරට උත්තරීතර නායකයා ලෙස සලකන 85 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ විභව අනුප්‍රාප්තිකයෙකු බව විශ්ලේෂකයින් විසින් ඉඟි කර ඇත.

ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් ගැටුම ආරම්භයේ සිටම ඊශ්‍රායලයට එරෙහිව මුළුමනින් ම යුද්ධයට තර්ජනය කරමින් රුසියාවට ආයුධ සහ දේශපාලන සහාය සපයමින් රයිසි වඩ වඩාත් සටන්කාමී විදේශ ප්‍රතිපත්තියක් අධීක්‍ෂණය කර ඇත. පසුගිය මාසයේදී ඉරානය ටෙල් අවිව් සහ ජෙරුසලමට එරෙහිව ඩ්‍රෝන යානා රැල්ලක් දියත් කළ අතර  සිරියාවේ සිය කොන්සල් කාර්යාලයට පහර දී ප්‍රධාන විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු මරා දැමූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස එල්ල කළ බව ප්‍රකාශ කළේය.

සම්බන්ධිත පුවත් | Related News

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
බංග්ලාදේශයේ චිතගෝන් කඳුකරයේ බෞද්ධයන්ගේ නිවාස බංග්ලාදේශ රජයේ හමුදාව මගින් පරීක්ෂාවට ලක්කරන බවත්, එම බෞද්ධයන්ගේ භූමියට වැඩි වැඩියෙන් හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.