යුද හමුදා සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීම ගැන අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ගෝඨාභයට නොතිසි
යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නොතිසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17දා) නියෝග කළේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ශාක්‍යසෝනි සරවනමුත්තු මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරු එම නියෝගය කළහ. ජනාධිපති පොදු සමාව ලැබූ සුනිල් රත්නායකට ද එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතිසි නිකුත් කිරීමටද විනිසුරු මඬුල්ල නියෝග කළහ. එම පෙත්සම ලබන සැප්තැම්බර් මස 4 වැනිදා යළි කැඳවීමට දින නියම කෙරිණි.
2000.12.19 වැනිදා සිදුවූ අපරාධ සම්බන්ධයෙන් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඔහුට මරණීය දණ්ඩනය නියම කළහ. එම නියෝගය අභියෝගයට ලක්කරමින් සුනිල් රත්නායක ගොනු කර තිබූ අභියාචනාවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2017 මැයි 20 වැනිදා මහාධිකරණ තීන්දුව තහවුරු කර තිබිණි. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 මාර්තු 26 වැනිදා ජනාධිපති පොදු සමාව යටතේ එම විත්තිකරු මුදාහැර තිබිණි.
හිටපු ජනාධිපතිවරයා එම පොදු සමාව ලබාදී ඇත්තේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් බව කීය. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල එලෙස නොතිසි නිකුත් කළහ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?