ඉන්දියාවේ සාමාන්‍ය ජනයා පවා සිතන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ යටත්විජිතයක් ලෙසයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ඉන්දියාවේ දශරා යනුවෙන් උත්සවයක් ඇති බවත්, එහිදී දවස් 10ක් පමණ රාවණාගේ අනුරුවක් සාදා ශ්ලෝක කියමින් එම අනුරුවට බැණවැදී උත්සවය අවසානයේ දී රාවණාගේ අනුරුවට ගිනිතැබීම හෝ ගංගාවලට දැමීම සිදුකරන බවත්, අපේ රටේ කළුගල් කැබැල්ලක් හෝ එතරම් බැණුම් නොඅසන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසති.
රාම විසින් රාවණාව පරාජය කර ඉන්දියාවට නැවත පැමිණි දිනය ලෙස ඔවුන් සිතන දිනයේ දී ඉන්දියානු රුපියල් මිලියන ගණනක් වියදම්කර ගිණිකෙලි උත්සව පවත්වන බවද, එහිදී ලංකාවට විරුද්ධව ජනමතයක් නිර්මාණය කරන බවද උන්වහන්සේ පවසති.
පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත 'රාම රාවණා සහ විභිෂණ නූතන කතාව' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
ඉන්දියානු සිනමාවේ දී පාකිස්තානය පිළිබඳව වෛරීසහගත මතයක් ගොඩනගන අතරවාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දියානු සාමාන්‍ය ජනතාව අතර වෛරී සහගත මනස නඩත්තු කරන්නේ එලෙස බව උන්වහන්සේ පවසති.
ඉන්දියානු සාමාන්‍ය ජනතාව සමග කතා කරද්දී ලංකාව ඔවුන්ගේ යටත්විජිතයක් බව සිතන බවත් බුදුන් වහන්සේ දශ අවතාරවලින් එකක් පමණක් බව සිතමින් ඔවුන් නරන්තරව හැසිරෙන බවත් උන්වහන්සේ පවසති.
හින්දු ආගම විසින් ඔවුන්ගේ මනසට දමා ඇත්තේ එලෙස බවත්, එම මානසිකත්වයේ නශ්ටාවශේෂයන් උතුරු ඉන්දියාවේ සිට දකුණු ඉන්දියාව දක්වා මෙන්ම දකුණු ඉන්දියාවේ සිට වවුනියාව දක්වාද ජනතාව තුළ ඇති බවත් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.
මෙය දේශපාලන අධිපතිවාදය ද, නැතිනම් ස්වෝත්තම අධිපතිවාදී මනස ද යන්න වෙනම දේශපාලන විග්‍රයක් කළ යුතුව ඇති බවද උන්වහන්සේ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?