ඥාතීන් සිහි කරන්න නොදුන්නොත් රනිල්ට අත්වන්නේත් ගෝඨාභයට අත්වූ ඉරණමයි - සම්බන්ධන්ගෙන් රනිල්ට සද්දයක්
යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමට දෙමළ ජනතාවට සම්පූර්ණ අයිතියක් ඇති බවත් එම අයිතිය වැළැක්වීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජේයෂ්ඨ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
යුද්ධයෙන් මියගිය සිය ජනතාව සිහිපත් කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් වැළැක්වූ බව සිහිපත් කළ සම්පන්දන් මහතා ඔහුට ධුරයෙන් ඉවත්ව ගෙදර යෑමට සිදුවූ අතර වත්මන් ජනාධිපතිවරයාත් දෙමළ ජනතාවගේ සිහිපත් කිරීම් වැළැක්වීමට කටයුතු කළහොත් ඔහුටත් ඒ ඉරණමම අත්වනු ඇති බව සඳහන් කළේය.
මුල්ලිවයික්කාල් සතිය අනුස්මරණය කරමින් උතුරු නැඟෙනහිර පළාත්වල දෙමළ ජනතාව විසින් පැවැත්වූ සැමරුම් උත්සව වැළැක්වීමට ආරක්ෂක අංශ කටයුතු කිරීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සම්පන්දන් මහතා මේ බව කීය.
ඔහු මෙම සිදුවීම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
"මැයි මාසය කියන්නේ මේ රටේ දෙමළ ජනතාවට ඉතාමත් සංවේදී මාසයක්. ඔවුන් යුද්ධයෙන් මියගිය සිය ඥාතීන්ව සිහිපත් කරනු ලබනවා. දෙමළ ජනතාවට යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමේ සම්පූර්ණ අයිතිය තිබෙනවා. ඒ අයිතිය කිසිවකුටත් පැහැර ගන්න බැහැ. ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ අයිතිය කවරකු විසින් හෝ වැළැක්වීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා වන මූලික අයිතිවාසිකම් කඩකිරීමක්.
සාම්පුර් සිදුවීමේදී පොලිසිය මිලෙච්ඡ ආකාරයෙන් හැසිරී තිබෙනවා. ඒ නිලධාරීන්ව අත්අඩංගුවට ගත යුතුයි. මේ සම්බන්ධයෙන් ඒ ඒ පළාත්වල බලධාරීන්ගෙන් මා විමසා සිටියා. විශේෂයෙන් සිහිපත් කිරීම වැළැක්වීමට නියෝග කළේ කවුද?
විශේෂයෙන් ඉහත කී සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුව විසින් වහා නිදහස් කිරීමට අදාළ පියවර ගත යුතුයි."
– ලක්ෂ්මී ජයකොඩි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?