කටුනායක ගුවන්තොටුපළේ දී පෝටර් කෙනෙකුගේ කණට ගැසූ ප්‍රසන්න රණවිර දැන් කියන කතාව (වීඩියෝ)
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබේ.
ඒ, සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති බව පැවසෙයි.
අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රසන්න රණවීර මහතා තමන් විසින් පෝටර් කෙනෙකුගේ කනට පහරක් ගැසූ බව පිළිගනිමින් මෙසේ පවසයි.
‘මම ඇත්තටම මගේ බිරිදව විදේශගතවෙන්න ඇරලවන්න ගියා. බැගේජ් දෙකටි තිබුනෙ. පෝටර් කෙනෙක් ආන මමයි ඒ බෑග් දෙක ට්‍රොලියෙන් තිබ්බෙත්.
මං සල්ලි දුන්නට පස්සෙ සල්ලි මදි කියල ගෙනියන්න බෑ කිවුව. මට එවෙලෙ ඇත්තටම කේන්ති ගියා.
අපි වගේ මිනිස්සුන්ටත් මෙහෙම කරනවනම් අහිංසක දුප්පත් මිනිස්සුන්ට කොහොම කරනවා ඇත්ද.
මං පැත්තකට අරන් ගිහිල්ලා එහෙම කියලා මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත. ඊට පස්සේ තමයි ඒ මනුස්සයා මාව අඳුරගත්තේ’
කටුනායක ගුවන්තොටුපලේ ගුවන් මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෝටරවරයෙකු රුපියල් දහසක මුදලක් අය කරන බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.
අමාත්‍යවරයා විසින් ඔහුට ලබා දී තිබුණේ රුපියල් හත්සීයක් බවද වාර්තා වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?