ඉන්දියාවේ PhonePe ලංකාවේ වැඩ අල්ලයි
ඉන්දියාවේ ක්‍රියාත්මක PhonePe ඩිජිටල් ගෙවීම් ක්‍රමය මෙරටදී නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (15) කොළඹදී සිදුකර ඇත.
ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සහ මෙරට මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
මෙම ක්‍රමය මගින් ඉන්දියානු සංචාරකයින්ට මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කළ හැකිය.
මේ පිළිබඳව අදහස් දැක්වා ඇති ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා,
"ඉන්දියාව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සහකරුවා. අපි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරු වගේම මෑත කාලයේදී ශ්‍රී ලංකාවට විශාලතම සෘජු විදේශ ආයෝජන සිදුකළ මුලාශ්‍ර ද වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් රැගෙන ඒමට ඉන්දියාව දායක වී තිබෙනවා.
ඒ වගේම UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ මෙරටට ලැබෙන ආයෝජන ඉහළ නැංවීම සඳහා සහායවීමට අපි අපේක්ෂා කරනවා.
UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට ගෙවීම් සිදුකිරීම සඳහා UPI පද්ධතිය යොදාගත හැකියි.
එමගින් ඉන්දියානු සංචාරකයින්ට පහසුවක් සැලසෙනවා පමණක් නෙවෙයි. මෙරට ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයටද උත්තේජනයක් ඇති කරනවා... වගේම දෙරටේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වනු ලබනවා. ශ්‍රී ලංකාවේ සුවිශේෂි ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සංවර්ධනය කිරීම සඳහා ද ඉන්දියාව සහාය වනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?