2030 දී හමුදාව ලක්ෂයට අඩුකරන්න යයි
2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු පවසන්නේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන පිළිබඳ සැලකිල්ලට ගෙන මෙරටට ගැලපෙන පරිදි යුද හමුදාවක් සකස් කිරීම රජයේ අරමුණ බවය.
"යුද කාලෙන් පස්සේ වර්තමාන සහ අනාගත තර්ජන සැලකිල්ලට ගෙන විශ්ලේෂණයක් කරලා අපේ රටට ගැළපෙන ආකාරයේ හමුදාව සකස් කරගැනීම තමයි ජනාධිපතිවරයාගෙත් රජයේත් ආරක්ෂක මණ්ඩලයේත් බලාපොරොත්තුව. ඒ අනුව ආරක්ෂක සමාලෝචනය 2030 කියන වැඩසටහන යටතේ වෙනම විද්වත් මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඒ අනුව අපි සංඛ්‍යාත්මක වශයෙන් හමුදාව 208,000ක කාඩර් එකක් ඉන්නවා. ඒක ලක්ෂයක් දක්වා ගේන්න තමා අපේ බලාපොරොත්තුව. අපි කිසිම කෙනෙකුව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සංඛ්‍යාත්මකව අපි හදලා තියෙනවා ස්වභාවිකව හමුදාවේ අඩුවීම ගණනය කරලා 2030 වන විට ලක්ෂයක ප්‍රමාණයක යුද හමුදාව තබා ගැනීම තමා අපිට දැනට තියෙන බලාපොරොත්තුව."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?