ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරිය ඝාතනයට ජේලර්වරියගෙන් කොන්ත්‍රාත්තුවක්
ගාල්ල බන්ධනාගාරයේ කාන්තා නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා ජේලර්වරියක් රැඳවි කාන්තාවකට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (14දා) ගාල්ල පොලිසියට නියෝග කළේය.
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක විසින් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.
විවිධ අපරාධ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවි කාන්තාවකට බන්ධනාගාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වේ. බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරීම සඳහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට රැඳවි කාන්තාව විසින් වෙනත් කාන්තාවකට පවසා ඇත. ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි. රැඳවි කාන්තාව විසින් මෙම කොන්ත්‍රාත්තුව භාරගෙන නොමැති බව ද පොලිසිය පවසයි.
ඒ අනුව බන්ධනාගාර නියාමකවරිය විසින් මේ පිළිබඳ ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලිකොට ඇත. බන්ධනාගාර නියාමකවරියගෙන් සහ ජේලර්වරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි. අධිකරණය මගින් නියෝගයක් ලබාගෙන බන්ධනාගාරගතව සිටින රැඳවි කාන්තාවගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි. උසස් වීමට බාධා කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවට පොලිසිය පවසයි.
ගාල්ල බන්ධනාගාරය මගින් ද මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භකොට ඇත.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?