ජෙරම් අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් 6ක තිබූ විශාල මුදලක් වෝඩ් පෙදෙසේ නිවසක හංගලා - පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ උසාවියට දන්වයි
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉවත් කරගෙන වෝඩ් පෙදෙසේ පිහිටි නිවසක සඟවා තබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතිදැයි පෙත්සම්කාර පාර්ශ්වයට දැනගැනීමට අවශ්‍ය බව ද ජනාධිපති නීතිඥවරයා පැවසූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් ලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක් ඇතුළු සමාගම් 18ක් සම්බන්ධයෙන් 30 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භ කොට ඇති බවත්, එම සමාගම්වල විගණන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකළ බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයි ද පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රසිද්ධ දේශනයකදී බොදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවල හඬ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය හා ජගත් ද සිල්වා යන විනිසුරු මඬුල්ලට පැවසීය.
රස පරීක්ෂක වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ලැබීමට නියමිත බැවින් එය ලබාගැනීමෙන් පසුව වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව අන්‍ය ආගම්වලට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය පියවර කුමක්දැයි අධිකරණයට දැනුම් දෙන බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.
රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුව ඒ පිළිබඳ මෝසමක් මඟින් තම අධිකරණයට දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල විමර්ශනවල ප්‍රගතියත් ලබන මස 10 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසටත් නියෝග කළේය.
ජෙරම් දේවගැතිවරයා විසින් සිදුකර ඇති එකී අපහාසාත්මක ප්‍රකාශයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන ලෙසත් ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අඟුළුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා, හජ්ජියාර් සියාද් හෂාන් මවුලවිතුමා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?