මාර්ගගතව සහ පැමිණීමේ දී නිකුත් කරන සංචාරක විසා සැකසීම; මොබිටෙල් ඩොලර් 1 කින් කළ දේ කරන්න අලුත් සමාගම් ඩොලර් 18.5ක ගාස්තුවක් අයකරයි
මාර්ගගතව සහ පැමිණීමේ දී නිකුත් කරන සංචාරක විසා සැකසීම රජය විසින් විදේශීය සමාගම් තුනකට පවරනු ලැබුවත් ඒ වන විටත් මොබිටෙල් සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය අර්ධ වශයෙන් වැඩි දියුණු කර තිබූ බවත් ඒ සඳහා කිසිඳු මුදලක් අයකර නොතිබූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය යටතේ මොබිටෙල් සමාගම විසින් එක් සංචාරක විසා අයැදුම් පත්‍රයක් සඳහා අය කරනු ලැබුවේ ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් බවත් ජී. බී. එස්. ටෙක් නොලොජි සර්විසස්ල අයි. වී. එස්. ග්ලෝබල් සහ වී. එෆ්. එස්. වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම යන සමාගම් සමග රජය ඇති කර ගත් ගනුදෙනුව යටතේ සංචාරක විසා අයැදුම් පත්‍රයක් සඳහා ඩොලර් 18.5ක ගාස්තුවක් අය කරන බවත් එයට සේවා සහ පහසුකම් ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 5 ක මුදලක් ඇතුළත් කර තිබෙන බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
මොබිටල් සමාගමේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා 2021 වසරේ අගෝස්තු 24 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලැබුණු බවත් එම තීරණය 2021 වසරේ සැප්තැම්බර් 21 දිනැති ලිපියක් මගින් සමාගමට දන්වා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ලිපිය ලැබීමෙන් පසු පළමු වැඩි දියුණු කිරීම නොවැම්බර් මාසයෙන් පසුව සිදු කළ බවත් එම වැඩි දියුණු කිරීම මගින් අයැදුම් පත්‍ර පරිමාව කළමනා කරණය කිරීමට තිබූ සියලුම කාර්ය සාධන ගැටලු සහ සයිබර් ආරක්ෂණ බාධා මෙන්ම රජයට අයවිය යුතු ආදායම් නිසි කලට ලබා ගැනීම සඳහා නවතම ගෙවීම් ක්‍රම පද්ධතියට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව විසඳූ බවත් මොබිටෙල් සමාගම පසුගිය මාසයේ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය වෙත යවන ලද ලිපියේ සඳහන් වන බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
– සන්ඩේ ටයිම්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?