News Category
From Date
To Date
Maximum Number of Result

ලාල්කාන්තට අමතක වූ ජ.වි.පෙ අනන්‍යතාවය

May 13, 2024 at 11:37 AM
|

මැයි දින වේදිකාව මත සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක අන්තර්ගතය විකෘති කරමින් මේ දිනවල විවිධ දේශපාලන සංවාද මණ්ඩප ගොඩනැගෙන ආකාරය දැක ගත හැක. ඒ තුළ ඊට පෙර තවත් ජවිපෙ ප්‍රබලයකු වූ නලින් හේවගේ මහතා රූපවාහිනී සංවාදයකදී සිදු කළ ප්‍රකාශයකටද විවිධ අර්ථකථනයන් ලබාදෙන ආකාරය දැකගත හැක. නමුත් නලින් හේවගේ වැනි 1989 වකවානුවේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු පුද්ගලික අත්දැකීම් අඩු අයෙකුගේ ප්‍රකාශයක් සහ ලාල්කාන්ත වැනි යම් අත්දැකීම් සහිත පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් සමාන තලයක තබා කියවා ගැනීම වරදක් බව ඉතා පැහැදිලිය. 

ඊට අමතරව නලින් හේවගේ මහතාගේ ප්‍රකාශය විවාදයකදී බුරාගෙන් පනින ප්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා එල්ල කරනු ලැබූ වාග් වෙඩි ප්‍රහාරයක් සේ සලකා බැහැර කළ නොහැක. ඔහුට අනුව එදා ජවිපෙ විසින් “කැන්ගරු උසාවි” මගින් නඩු අසා ස්ත්‍රී දූෂකයන් බවට චෝදනා එල්ල වූ පුද්ගලයන්ට මරණ දඬුවම නියම කර ඇත. ඒ අනුව ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය ලබාදීම නැමැති සංකල්පය එම සන්දර්භය මත තබා විග්‍රහ කිරීමේදී අනාගතයේදී ගම්වල ජ.වි.පෙ. සාමාජිකයින් නලින් හේවගේගේ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ඉඩ ඇතැයි භීතියක් මැවීමට ඉඩක් විවර වේ. කෙසේ වෙතත් ජ.වි.පෙ. අතීතයට සාධාරණය ඉටු කිරීම සඳහා, ජාතික ජන බලවේගයට එම අතීතය ප්‍රශ්නයක් වුවද, යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමේ වගකීමක් මෙම ලියුම්කරුට ඇත.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා විදේශීය රටකදී 89 සිදුවීම් පිළිබඳව සැබවින්ම කණගාටුව ප්‍රකාශ කළා නම් එහි වරදක් නැති බව පළමුවෙන්ම කිව යුතුය. එම වකවානුවේදී සිදුවූ ඝාතන රැල්ල පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට ඊට අදාළ කණගාටුවක් ඇති නොවන්නේ නම් ඔහු මනුෂ්‍යයකු විය නොහැක. නමුත් ඔහු විසින් ඊට අදාළව සමාව ඉල්ලා සිටියා නම් එය බලවත් වරදකි. කණගාටුව ප්‍රකාශ කිරීම කිරීමේ දිගුවක් ලෙස සමාව ඉල්ලා සිටීමට පොදු බලපෑමක් ඇත්නම් ඊට පෙර තම මාමා විසින් ආරම්භ කළ සහ තමා විසින් උච්ච ස්ථානයකට ඔසවා තැබූ ප්‍රචණ්ඩ ඝාතන සංස්කෘතිය පිළිබඳව පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමාව ඉල්ලා සිටිය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින්  බටලන්ද සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා 1995 දී පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව බටලන්ද වධකාගාරය ආශ්‍රිතව සිදුවූ අපරාධ “මිනිස් සංහතියට එරෙහිව සිදුවූ අපරාධ” ලෙස සලකා නඩු පැවරීම පිළිබඳව සලකා බැලිය යුතුය. 

එදා 1987 ජුලි 28 දින ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවෙන් ආරම්භ කළ විරෝධය මර්ධනය කිරීම සඳහා එදින අහිංසක නිරායුද පුද්ගලයින් 140 දෙනෙකු ඝාතනය කෙරුණි. එම ඝාතනවලට පොලිසියට අමතරව බාහිර මැර පිරිස් ද යොදාගත් බවට චෝදනා එල්ල විය. ඊට පෙර 1983 සිට බොරු චෝදනා එල්ල කරමින් ජවිපෙ තහනම් කර මර්ධනයට යටත් කළද ඊට පිළිතුරු ලෙස හෙවත් මර්ධනයට ප්‍රති අවියක් ලෙස හෝ ජවිපෙ විසින් ප්‍රචණ්ඩත්වය හෝ ඝාතන යොදාගත්තේ නැත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දියානු මැදිහත්වීම මත පළාත් සභා පිහිටුවීම මගින් රට බෙදීමට එරෙහිව දියත් කළ දේශපාලන ව්‍යාපාරයට ජ.වි.පෙ  විසින් ප්‍රචණ්ඩත්වය යම් මාත්‍රාවකට එකතු කරන්නේ දේශපාලන අවියක් ලෙසය. 

දේශපාලන ජයග්‍රහණ සඳහා ප්‍රචණ්ඩත්වය සුළු මාත්‍රාවකින් යොදාගැනීම පිළිබඳව ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් අත්දැකීම් ඇත. එවැනි උත්සාහයන් සාර්ථක වීම පිළිබඳව කෙසේ වෙතත් මහා ඛේදවාචක බවට පත්වීම පිළිබඳව බොහෝ උදාහරණ ඇත.  එල්සැල්වදෝරයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ දේ ඊට වසර කිහිපයකට පෙර ඒ ආකාරයටම සිදු වූ ආකාරය පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සුප්‍රසිද්ධ උෂඔභෑී ඔධ උ්ඍ :ඊහ ෘඞ ක්‍්‍ය්ඍඛෑී ක්‍ඛෑඵෑභඔ නම් වූ ග්‍රන්ථය මගින් ඉදිරිපත් කර ඇත. ඊට අනුව වාමාංශික ව්‍යාපාරය විසින් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව මහජනයා විසින් ප්‍රචණ්ඩත්වය ප්‍රති අවියක් ලෙස  කුමන මාත්‍රාවකින් යොදා ගත්තද එම ක්‍රියාවලිය චක්‍රීයව වර්ධනය වන විශම චක්‍රයක් බවට පත්වේ. එම ක්‍රියාවලිය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය සාධාරණිකරණය කෙරෙන අතර විවිධ සමාජ විරෝධී බලවේගවලටද පවතින තත්වය යොදාගනිමින් තම පටු පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට අවකාශය නිර්මාණය වේ.

කෙසේ වෙතත් එවැනි ඛේදවාචකයක් පිළිබඳව ප්‍රත්‍යාවලෝකනය කිරීමේදී වරදක් සිදුවී ඇති බව පිළිගැනීම මූලික කොන්දේසියකි. දෙවන්න දැනුම්වත්ව ඊට දායක වූ ප්‍රමාණය සහ යම් තත්ත්වයන් වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කුමක්ද යන්න පිළිබඳ විමසා බැලීමයි.  මෙම ලියුම්කරු 1983 සිට 2008 දක්වා ඉතා සමීපව සහ 2008 සිට මරණය තෙක් දුරස්ව සෝමවංශ අමරසිංහ සහෝදරයා දේශපාලන වශයෙන් මෙන්ම පුද්ගලිකවද ඇසුරු කර ඇත. එසේම රෝහණ විජේවීර සහෝදරයා 1984 සිට 1989 දී අත්අඩංගුවට පත්වීමට මාස කිහිපයකට පෙර කාලය දක්වා ඉතා සමීපව ඇසුරු කර ඇත. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන සහ පුද්ගලික මනෝභාවයන් පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයකින් යුක්තව සහ වගකීමෙන් යුක්තව සඳහන් කළ හැක්කේ ඔවුන් දෙපළ නායකයින් ලෙස එදා රටේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බලවත් සිත් වේදනාවකින් සහ කම්පනයකින් යුක්තව ක්‍රියාකළ බවය. යම් විශේෂිත සිදුවීම් පිළිබඳව ඔවුන් පුද්ගලිකව දුකට පත්වූ ආකාරය පිළිබඳව අත්දැකීම් රාශියක් මෙම ලියුම්කරුට ඉදිරිපත් කළ හැක. 

ඊට අදාලව හොඳම උදාහරණය සපයන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වගකීම බාරගත් කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදී ගුවන් හමුදා බටයකු මරණයට පත්වීමේ සිදුවීමය. එම සිදුවීම පිළිබඳව ඔවුන් පුද්ගලිකවද කම්පාවට පත්වූ අතර ප්‍රසිද්ධියේ මහජනයාට කණගාටුව ප්‍රකාශ කරනු ලැබීය. ඒ මගින් අභ්‍යන්තරවද ප්‍රවේසම් විය යුතු ආකාරය පිළිබඳව මානසික බලපෑමක් ඇති කරනු ලැබීය. කෙසේ වෙතත් එල්සැල්වදෝරයේ ඛේදවාචකය ශ්‍රී ලංකාවේ ඛේදවාචකය සමඟ සංසන්දනය කිරීමේදී ජාතියක් ලෙස අප විසින් ගෙවා ඇති වන්දියට සාපේක්ෂව ලැබී ඇති ප්‍රතිලාභය සැලකිල්ලට ගත යුතුය. නමුත් බොහෝ අඳබාල දේශපාලඥයින් ප්‍රකාශ කරන්නේ රෝහණ විජේවීර තම ජීවිතය සහ සාමාජිකයන් 60,000 කගේ ජීවිත පූජාකර ලබා ගත් ප්‍රතිලාභය කුමක්ද යනුවෙනි. ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය සාකච්ඡාවට ගත යුත්තේ ඊට අදාළ සංදර්භය තුළය.

එදා 1987දී ඉන්දු ලංකා ගිවිසුම අනුව 13වැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජනාවන්නේ අවසානයේදී රට බෙදා වෙන් කිරීමේ අරමුණු සහිතව බව මේ වන විට එදාටත් වඩා හොඳින් පැහැදිලි වී ඇත. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා නීති උපදෙස් ලබාගත් එච්.එල්. ද සිල්වා, එස්.එල්. ගුණසේකර වැනි විද්වතුන් මෙන්ම හිටපු අග විනිසුරු රාජා වනසුන්දර මහතා පසුකාලීනව එළිදරව් කළ ආකාරයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස්වන්නේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාය. එය බෙදුම්වාදී මාර්ග සිතියමේ පළමු පියවර වන අතර ජාත්‍යන්තරය ද මැදිහත් වන ගැටුම් යොදා ගනිමින් ෆෙඩරල් රාජ්‍යය වෙනම රාජ්‍යයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය දෙවන පියවර ලෙස සැලකේ. ලාල්කාන්ත සහෝදරයා මැයි දින වේදිකාවේදී සුමන්දිරන් මහත්මයලා සතුටු කිරීම සඳහා ව්‍යවස්ථාදායක බලය සහ විධායකය බලය පමණක් නොව අධිකරණ බලයද ඇතුළත් වන ආකාරයට බලය බෙදීම තමාගේ ප්‍රතිපත්තිය බව සඳහන් කිරීම මගින් අදහස් වන්නේ කුමක්ද?  ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙනී සිටින්නේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක ආකාරයට බලය බෙදීම සඳහා බව ඉතා පැහැදිලිය. 

ඒ ආකාරයට පරමාධිපත්‍යයේ බලය බෙදීම යනු  ජාත්‍යන්තර නීතියට අනුව රටක් බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර අධිකරණය විසින් සැලකිල්ලට ගන්නා මූලික කොන්දේසියකි. දෙවන ලෝක යුද්ධයට පසුව ජාත්‍යන්තර මැදිහත්වීම මත බෙදාවෙන්කර ඇති රටවල් 26ක් අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ පළමු පියවර ලෙස එම රටේ ව්‍යවස්ථාව මගින් හෝ ජාත්‍යන්තර ගිවිසුමක් මගින් පරමාධිපත්‍යයේ බලය බෙදීයන ආකාරයට ෆෙඩරල් ලක්ෂණ සහිත පාලන බල ප්‍රදේශයක සීමා ලකුණු කිරීමය. ශ්‍රී ලංකාවේදී 13 වන සංශෝධනය මගින් උත්සාහ කළ දේ සුඩානයේ දී සිදු කරන්නේ ජාත්‍යන්තර ගිවිසුමක් තුළින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීම මගිනි. ශ්‍රී ලංකාවේදී 2002 දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රමවේද දෙකම දෙමුහුන් කිරීම මගින් බෙදුම්වාදීන්ගේ මනදොල සැපරීමට උත්සාහ කළ බවද අමතක නොකළ යුතුය. 

ඒ ආකාරයට 1987 ජුලි මාසයේදී රජීව් ගාන්ධි විසින් ප්‍රභාකරන්ට පොරොන්දු වන්නේ අනාගත ඊළම නිර්මාණය කිරීම සඳහා ෆෙඩරල් පාලනයක් ලබා දෙන බවට ය. ඔහු ආයුධ බිම තැබීමට එකඟ වන්නේ ඊට අනුවය. නමුත් නොවැම්බර් මාසය වන විට ජවිපෙ විසින් එම ක්‍රියාවලියට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩ විරෝධතාවයන් නිසා 13 වැනි සංශෝධනය සඳහා ඉන්දියාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල බරපතල වෙනස්කම්වලට භාජනය කිරීමට සිදුවිය. ඊට හේතු වූයේ පූර්ණ පෙඩරල් පාලනයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වීමය. එම ප්‍රචණ්ඩ විරෝධය තුළ ජනමත විචාරණය පරාජය වීමේ ප්‍රබල හැකියාවක් තිබුණු අතර එසේ වූවා නම් සමස්ත බෙදුම්වාදී මාර්ග සිතියම හකුලා ගැනීමට සිදුවේ. ඊට අමතරව මධ්‍යගත ප්‍රබල ධනේෂ්වර රාජ්‍යයක ඒකාධිපතියා වීමට සිහින දකිමින් සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට බලය බෙදීමට අදාළව පුද්ගලිකව එඟකතාවයක් නොතිබුණු බව ඉතා ඉහත සඳහන් කළ විද්වතුන් විසින් එළිදරව් කරන්නට යෙදුණි. 

ඒ අනුව ජවිපෙ විරෝධය තුළ ඉන්දියාවට අතරමැදි සමාදානයකට එකඟවීමට සිදුවූ අතර පූර්ණ ෆෙඩරල් පාලනය බිහිකිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පැනවීම සඳහා එකඟතාවය පළකිරීමට සිදුවිය. ඒ අනුව සමගාමී ලැයිස්තුව ඇතුල් කිරීම, මුදල් සහ ඉඩම් බලය සීමා කිරීම, ආණ්ඩුකාරවරයාගේ බලතල සහ ජාතික ප්‍රතිපත්ති වලට අදාළ බලය මධ්‍යයම ආණ්ඩුව සතුවීම ආදී වශයෙන් එවැනි බාධක 5ක් හඳුනාගත හැක.  එහිදී ඉන්දියාව අඩියක් පිටුපසට තැබූ බව පෙනුණත් ඔවුන්ගේ වෙනස් වූ උපායමාර්ගික ප්‍රවේශයට අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හෙවත් පූර්ණ ෆෙඩරල් පාලනයක් බිහි කිරීම ද්විතීක අවස්ථාවක් බවට පත් කෙරිනි. පසුගිය කාලයේදී ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බාධක ඉවත් කිරීම හරහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලත්ම කිරීම හෝ පරිපාලන වශයෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරීම මගින් 13 බලාත්මක කිරීම සඳහා ඉන්දියාවෙන් බලපෑම් එල්ලවන්නේ එම ද්විතීක උපාය මාර්ගයට අනුවය. 

එසේ වුවත් ප්‍රභාකරන්ට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ඔහු නැවත ආයුධ අතට ගැනීම සාධාරණීකරණය විය. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමේදී එම ආයුධ බලය කේවල් කිරීමේ අවියක් ලෙස යොදා ගැනීමට අවකාශය ලැබුණි. එහිදී පසුකාලීනව ප්‍රභාකරන් නැති ඊළමක් බිහි කිරීම දක්වා ඉන්දියාවේ උපායමාර්ගය තුළ වෙනස්කම් සිදුවුවද බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ මූලික උපාය මාර්ගික ප්‍රවේශය වෙනස් වූයේ නැත. අද වන විට එහි අවසාන අරමුණ එනම්, ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කර ගැනීම සහ ඉන් පසුව ඊළම නිර්මාණය කර ඈදා ගැනීම මගින් 30 වැනි ප්‍රාන්තය නිර්මාණය කිරීමට අදාල ක්‍රියාවලියේ හැඩතල පැහැදිලිව හඳුනාගත හැක. 

ඒ සමස්ත පැහැදිලි කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්ඩ විරෝධය සහ ඒ සමග බැඳුණු ජීවිත පරිත්‍යාගය නිසා එදා 1987 දී පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම තුළින් බෙදුම්වාදී මාර්ග සිතියම තීරණාත්මක පසුබෑමකට ලක්වූ බව තේරුම් ගත හැක.  එසේ නොමැති තත්ත්වයක් යටතේ මේ වන විට එසේ නිර්මාණය කිරීමට නියමිත වූ පූර්ණ ෆෙඩරල් රාජය්‍ය බෙදී වෙන් වී අප ජාතියක් ලෙස එකිනෙකා මරා ගන්නා තත්ත්වයක් නිර්මාණය වේ. එසේ වුවානම් එදා සිදු කළ පරිත්‍යාගයට වඩා මහා විනාශයකින් වන්දි ගෙවීමට සිදුවන බව ඉතා පැහැදිලිය. අද සුඩානයට අත් වූ ඉරණම දෙස බැලීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලි වේ. සුඩානයට අත් වූ ඉරණම එනම් 2002 දී අප රටේ නළලේ කෙටීමට උත්සාහ කළ ඉරණම දෙස බැලීමේදී ද එදා ජවිපෙ 1988-89 කාලයේදී සිදු කළ පරිත්‍යාග වල වැදගත්කම තවදුරටත් අවධාරණයවේ. 

එදා ඒ මහා විනාශයට පසුව “ෆීනික්ස් පක්ෂියා’ සේ 1994 දී ජවිපෙ නැවත නැගීසිටීමෙන් පසුව බෙදුම්වාදයට අදාළ රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් හිස් මුදුනේ තබාගෙන කටයුතු කරන්නේ අතීතයේ සිදු කළ පරිත්‍යාගයන්ගේ බරපතළකම සහ වැදගත්කම නිසාය. එම වන්දියේ තරම අනුව එම පක්ෂයට බෙදුම්වාදයට අදාළ ස්ථාවරය වෙනස් කිරීමේ හැකියාවක් නැත. ඒ අකාරයට ජවිපෙ 2002 දී රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් සහ පරිත්‍යාග හිස මත තබාගෙන කටයුතු කළ නිසා ඔවුන්ට සුඩානයට සිදු කළ විපත එනම් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහය පරාජයට පත් කිරීමට හැකි විය. එසේ නොකළා නම් අද සූඩානයේ වැසියන් ගෙවන ආකාරයට අප රටේ වැසියන්ට ගෙවීමට සිදුවන වන්දිය 1988-89 කාලයේදී ගෙවූ වන්දියට වඩා සිය දහස් ගුණයකින් බරපතල වන බවට කිසිදු සැකයක් නැත. අප රටේ වසර 2000කට අධික කාලයක් ආක්‍රමණ 20ක් පරාජය කර ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා රට වැසියන් ලක්ෂ ගණනක් සිය ජීවිත පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ භූ දේශපාලන පිහිටීම අනුව, ගෝලීය බලතුලනයේ මහා වෙනසක් සිදු නොවන්නේනම්, එම තත්වය ඉදිරියටත් එසේම පවතිනු ඇත. 

ඒ අනුව දැන් සුමන්තිරන්ලා කිසි දිනක ලබා නොදෙන ඡන්ද කුට්ටියක් දෙස බලාගෙන ලාල්කාන්තලා තම ඓතිහාසික දේශපාලන න්‍යායාත්මක ස්ථාවරය දියාරු කිරීම මගින් රටක් ලෙස අප ගෙවා ඇති වන්දිය සහ පරිත්‍යාග සියල්ල අවතක්සේරු වේ. ඊට අමතරව ඔහු විසින් 60,000ක් වූ තම අතීත සඟයින් පමණක් නොව ඉහත සඳහන් කළ පරම්පරා ගණනාවක මුතුන් මිත්තන් ද ඉතා ගුණමකු ලෙස පාවාදෙන බව පැහැදිළිය. ඒ සියල්ල මගින් ජාතික ජනබලවේගයේ යම් නායකයින් සහ අධිරාජ්‍යවාදී බලවේග බලවත් සතුටට පත්විය හැකි වුවත් අප රටේ ජනතාව දුකට පත්වීමට ගතවන්නේ ඉතා කෙටි කලක් බව ඉතිහාසයට සාධාරණය ඉටු කිරීම සඳහා ඉතා කණගාටුවෙන් යුතුව මෙසේ ලියා තබමි. 

- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 


සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.