රුසියානු ආරක්ෂක ඇමති ධුරයෙන් ෂොයිගු ඉවත් කරයි
වත්මන් රුසියානු ආරක්ෂක ඇමති සෙරගෙයි ශොය්ගු වෙනුවට වැඩ බලන පළමු නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රෙයි බෙලොයුසොව් පත් කිරීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යෝජනා කර ඇති බව ෆෙඩරේෂන් කවුන්සිලය ඊයේ(12) සවස ප්‍රකාශ කළේය.
එලෙසම ෂෝයිගු රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ලෙස පත් කර ඇති බවද ෆෙඩරේෂන් කවුන්සිලය පවසයි.
රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි මැයි 13 වන දින පැවැත්වීමට නියමිත කමිටු සැසිවාරයේදී සහ මැයි 14 වන දින පැවැත්වීමට නියමිත ෆෙඩරේෂන් කවුන්සිල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා සම්බන්ධයෙන් සෙනෙට් සභිකයින් උපදේශනවල නිරත වීමටද නියමිතය.
කෙසේ වුවද පුටින් කැබිනට් තනතුරු සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ගේ නාම ලේඛනය ආරක්ෂක අමාත්‍ය තනතුර මාරු කිරීම හැර තවත් වෙනස්කම් සිදු කර නොමැති බවද වාර්තාවේ.
ඒ අනුව පුටින් යෝජනා කර ඇති නාමයෝජනා අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය සඳහා ව්ලැඩිමීර් කොලොකොල්ට්සෙව්, හදිසි අවස්ථා පිළිබඳ අමාත්‍යවරයා සඳහා ඇලෙක්සැන්ඩර් කුරෙන්කොව්, විදේශ අමාත්‍යවරයා සඳහා සර්ජි ලැව්රොව් සහ අධිකරණ අමාත්‍යවරයා සඳහා කොන්ස්ටන්ටින් චුයිචෙන්කෝ ඇතුළත් නම් කර ඇති බවද වාර්තාවේ.
පුටින්ගේ අවසන් ධුර කාලය තුළ නියෝජ්‍ය අගමැති සහ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඩෙනිස් මන්තුරොව් පළමු නියෝජ්‍ය අගමැති ධුරය සඳහා නම් කර ඇත.
Putin removes Shoigu as Russian Defense Minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.